මහාචාර්ය රිසිමන් අමරසිංහ නාමය ශ්‍රී ලංකා සීතාවක ඉතිහාසය යන නාමයෙන් වෙන් කළ නොහැක. එයට හේතුව සීතාවක යුගයේවැළලී ගිය වෘතාන්ත සොයා එතුමා ගමන් කළ යාත්‍රාවයි. එය හුදෙක් එක් පර්‍යේක්ෂනයකකට සීමා වූවක් නොවීය. සීතාවක රාජ්‍යයට අයත්ව පැවති භූමි තුල නිරන්තරයෙන්ම කළ පර්‍යේක්ෂන වල ප්‍රතිපල ලෙස ඉපැරණි පුස්කොල පොත් සහ තෝම්බු අධ්‍යනය තුලින් සහ වස්කඩුවේ ශ්‍රී සුභූති හිමියන්ගේ පැරණි මුද්‍රණය වූ සහ නොවු වාර්ථා ඇසුරින් සකසා ගත්තා වූ ත් ඉතිහාසයක් ගොඩනගා ගත හැකි විය. උඩරට වීරසුන්දර බණ්ඩාර අතින් ඝාතනයට ලක්වූ ධර්ම බණ්ඩාර වෘතාන්ත කතාව සමඟ වස්කඩුවේ ශ්‍රී සුභූති හිමියන්ගේ වර්ශකණ්ඩරාෂ්ට්‍ර කෘතියේ සබඳතාවය අවබෝධ කරගන එහි අතිශයෝක්ති ඉවත් කරමින් නව පෙරළිකාර වාර්ථාවක් සැකසීමට එතුමා සමත් විය.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, රිසිමන් අමරසිංහ පිළිබඳ තොරතුරු, රිසිමන් අමරසිංහ යනු කුමක්ද? රිසිමන් අමරසිංහ යනු කුමක් දර්ශනය කරන්නේ?