රුසියා-ශ්‍රී ලංකා සබඳතා

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර, ඉතා දිගු කලක පටන් පැවතෙන යහපත් සහ ශක්තිමත් සබඳතාවයක් පවතියි.

රුසියානු – ශ්‍රී ලාංකික සබඳතා

රුසියාව

ශ්‍රී ලංකාව

පසුබිම

සෝවියට් යුගයේ සබඳතා

1956 දෙසැම්බරයේදී සෝවියට් දේශය, ශ්‍රී ලංකාව සමග සබඳතා පිහිටුවා ගන්නා ලදී. 1958 වර්ෂයේදී දෙපාර්ශවය ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතාවයකටද එළඹුණි. 1967 වර්ෂයේදී, සෝවියට් සංගමයේ සහය සහිතව ශ්‍රී ලංකාවේ කොළඹ නගරය තුල යකඩ කම්හලක් (ධාරිතාවය - වසරකට ටොන් 50,000), ටයර් කම්හලක් සහ ඉදිකිරීම් ද්‍රව්‍ය නිශ්පාදනාගාරයක් පිහිටුවන ලදී.

රුසියානු සමූහාණ්ඩුව සමග සබඳතා

දේශපාලනික සබඳතා

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පැවැති සමයේ රුසියාව, ශ්‍රී ලංකාවේ හමුදාවන්ට ආධාර ලබා දෙමින් සහය දැක්වීය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය තුලදී, සමහර රටවල් ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනා ගෙන ආ විට ඒවා ව්‍යර්ථ කිරීමට රුසියාව ක්‍රියා කරයි. ඊට හොඳම උදාහරණයක් වන්නේ, ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ අවසන් සමයේදී (2009) ඊට එරෙහිව යුරෝපියානු සංගමය, කැනඩාව සහ මෙක්සිකෝව ගෙන ආ යුධ විරාම යෝජනාව, රුසියාව සහ චීනය එක්ව නිශ්ප්‍රභ කර දැමීමයි. පසුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදීද ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනා ගෙන ආ අතර ඒ සෑම අවස්ථාවකදීම රුසියාව සිය විරුද්ධත්වය ප්‍රකාශ කොට තිබෙයි.

ආරක්ෂක සබඳතා

ශ්‍රී ලංකාවේ යුද්ධය පැවැති සමයේ, රජයේ ආරක්ෂක අංශ සඳහා අවශ්‍ය යුධෝපකරන ලබා දීම ඇතුළු අනෙකුත් යුධ ආධාර සැපයීමට සෑම විටම පාහේ රුසියාව පියවර ගන්නා ලදී.

ආර්ථික සබඳතා

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර වර්ථමානයේ ප්‍රශස්ථ ආර්ථික සම්බන්දතා ගොඩ නැගී පවතී. ශ්‍රී ලංකාවේ තේ අපනයනයෙන් 17% ක පමණ වෙළෙඳපොල දායකත්වයක් සපයන්නේ රුසියාවයි. රුසියානු වෙළෙඳපොල තුල ශ්‍රී ලංකාවේ තේ සඳහා 30% ක පමණ ඉල්ලුමක් පවතියි.

මේවාද බලන්න

මූලාශ්‍ර

  1. Russia pledges support to Lanka in its crackdown on LTTE Zee News - May 07, 2009
  2. Sri Lanka targets Russia with specialty teas සංරක්ෂණය කළ පිටපත 2012-05-06 at the Wayback Machine Lanka Business Online - December 19, 2011

භාහිර සබැදි

  • (ඉංග්‍රීසි) Sri Lanka Renews 51 Year Old Diplomatic Relationship with Russia
  • (රුසියානු) Documents on the Russia – Sri Lanka relationship at the Russian Ministry of Foreign Affairs
  • Sri Lanka president met his Russian counterpart Dimitry Medvedev and Chinese President Hu Jintao
  • Sri Lanka – A Rajapaksa Factor
  • Sri Lanka President warmly welcomed in Russia
  • Rajapaksa visits Russia to bolster ties
  • Russian envoy calls for stronger SL-Russia ties

රාජ්‍ය තාන්ත්‍රික මෙහෙය

  • (ඉංග්‍රීසි) Embassy of Russia in Colombo සංරක්ෂණය කළ පිටපත 2009-05-16 at the Wayback Machine
  • (ඉංග්‍රීසි) (රුසියානු) Embassy of Sri Lanka in Moscow සංරක්ෂණය කළ පිටපත 2014-01-03 at the Wayback Machine


විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, රුසියා-ශ්‍රී ලංකා සබඳතා පිළිබඳ තොරතුරු, රුසියා-ශ්‍රී ලංකා සබඳතා යනු කුමක්ද? රුසියා-ශ්‍රී ලංකා සබඳතා යනු කුමක් දර්ශනය කරන්නේ?