ලෝක තෙත්බිම් දිනය

ලෝක තෙත්බිම් දිනය සෑම වසරකම පෙබරවාරි 2 වනදා සමරනු ලැබේ.

දිනය තෝරා ගැනීම

1971 වසරේ ඉරානයේ රැම්සාර් නුවරදී, ජාතීන් 21 ක් විසින් තෙත්බිම් සම්බන්ධ රැම්සාර් සම්මුතියට අත්සන් කල දිනය, එනම් පෙබරවාරි 2 වන දිනය, ලෝක තෙත්බිම් සැමරුම් දිනය ලෙස තෝරා ගෙන තිබෙයි.

තෙත්බිම් දිනය සැමරීම

ලොව ප්‍රථම වතාවට තෙත්බිම් දිනය සමරනු ලැබුවේ, 1997 වර්ෂයේදීයී. එතැන් පටන් සෑම වසරකදීම, රජයේ කාර්යාංශ, රාජ්‍ය නොවන සංවිධාන සහ විවිධ තරාතිරම් වල පුරවැසි කණ්ඩායම් විසින්, තෙත් බිම් වල වටිනාකම් හා ප්‍රතිලාභ පිළිබඳවත්, විශේෂයෙන් රැම්සාර් සම්මුතිය ගැනත් සම්බන්ධ පොදු දැනුවත් කිරීම් සිදුකරනු ලැබේ. මේ ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය සඳහා රැම්සාර් මහලේකම් කාර්යාලයද, අවශ්‍ය ද්‍රව්‍ය හා ආධාර සපයයි.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ලෝක තෙත්බිම් දිනය පිළිබඳ තොරතුරු, ලෝක තෙත්බිම් දිනය යනු කුමක්ද? ලෝක තෙත්බිම් දිනය යනු කුමක් දර්ශනය කරන්නේ?