වසන්ති චතුරානි යනු ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සහ සම්මානනීය, සිනමා හා ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියකි. ඇය රංගනයට පිවිසෙන්නේ 1978 දී සුමිත්‍රා පීරිස් මහත්මියගේ ගැහැනු ලමයි හී රඟපෑමත් සමගයි. රිදී තිරයේ ඇයගේ හොඳම රංගනය ලෙස 1980 දී විජය කුමාරතුංග සමග රඟපෑ ගඟ අද්දර චිත්‍රපටයේ 'නිර්මලා' යන චරිතය හැඳින්විය හැකිය. එහි රංගනය වෙනුවෙන් එම වසරේදී ඇය සරසවිය හොඳම නිලිය සම්මානය දිනාගත්තාය.
වසන්ති චතුරානි | |
|---|---|
| උපත | වසන්තා ඩොරීන් පීටර්සන් 18 ඔක්තෝම්බර් 1962 හෝ 1963 |
| වෘත්තිය | රංගන ශිල්පිනී |
| සක්‍රීය වසර | 1978 සිට වර්තමානය |
| Awards | සරසවිය හොඳම නිළිය සම්මානය (1980), සුමති ජනප්‍රියම ටෙලි නිලිය සම්මානය (1997) සුමති හොඳම ටෙලි නිලිය සම්මානය (1998) |
මීට අමතරව ඇය 'ඉටි පහන්' , 'ගිරය' , 'කඩුල්ල' සහ 'ගජමන් පුවත' වැනි ටෙලි නාට්‍ය වලටද සිය රංගනය එකතු කලාය. එනිසා 1997 දී සුමති ජනප්‍රියම ටෙලි නිලිය සම්මානය සහ 1998, 2002 වසර වලදී සුමති හොඳම ටෙලි නිලිය යන සම්මානද දිනා ගැනීමට ඇයට හැකියාව ලැබුණි.
ශ්‍රී ලංකා රිදී තිරයේ හා පුංචි තිරයේ, අතිශය සාර්ථක වූ රංගන ශිල්පිණියක ලෙස වසන්ති චතුරානි පිලිගැනේ.
මුල් අවධිය
වසන්ති චතුරානි ගේ, මුල් නාමය වූවේ වසන්තා ඩොරීන් පීටර්සන් යන්නයි. ඇගේ පාසල වූවේ, ගම්පහ සිරිකුරුස විද්‍යාලයයි.
වෘත්තීය දිවිය
1978 දී සුමිත්‍රා පීරිස් මහත්මියගේ ගැහැනු ළමයි හී ප්‍රධාන භූමිකාව නිරූපනය කරමින් රංගනයට පිවිසි වසන්ති ඉන්පසු, සම්මානයට පාත්‍ර වූ ගඟ අද්දර චිත්‍රපටය ඇතුළු චිත්‍රපට කිහිපයකම රඟපෑවාය.
1979 දී විවාහයත් සමග ඇය රංගන ජීවිතයෙන් කෙටි කලකට නිහඬ වූවත් පසුව 'ආදර හසුන' චිත්‍රපටය හරහා නැවතත් ක්ෂේත්රයට පිවිසුනාය. 'ගැහැනු ළමයි', 'දුවට මවක මිස' සහ 'සුදු සෙවනැලි' යන ඒවා ඇය දායක වූ චිත්‍රපට අතුරින් කිහිපයකි.
2003 දී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ වෑකන්ද වලව්ව චිත්‍රපටයේදී වසන්ති මාලිනී ෆොන්සේකා සනත් ගුණතිලක හා රවින්ද්‍ර රන්දෙණිය සමග විශිෂ්ට රංගනයක යෙදුනාය. ඇගේ අවසන් චිත්‍රපටය ලෙස, 'යහළුවෝ' චිත්‍රපටය හැඳින්වෙයි.
මීට අමතරව, 'අග පිපි මල්', 'සෙදෝනා' සහ 'රඟ සොබා' වැනි ටෙලිනාට්‍ය නිෂ්පාදනය කලේද වසන්ති චතුරානි විසිනි.
චිත්‍රපට
| වසර | චිත්‍රපට | චරිතය |
|---|---|---|
| 1978 | ගැහැනු ළමයි | කුසුම් ලියනගේ |
| 1978 | අහසින් පොළොවට | පුෂ්පා |
| 1979 | චූඩා මාණික්‍යය | |
| 1979 | අමල් බිසෝ | |
| 1980 | ගඟ අද්දර | නිර්මලා |
| 1980 | සිරිබෝ අයියා | |
| 1980 | පාර දිගේ | |
| 1980 | හංස විලක් | |
| 1982 | බිත්ති හතර | |
| 1986 | ආදර හසුන | |
| 1987 | මංගල තෑග්ග | |
| 1988 | සටන | |
| 1990 | සහරාවේ සිහිනය | |
| 1993 | සාජන්ට් නල්ලතම්බි | |
| 1994 | ධවල පුෂ්පය | |
| 1994 | අඹු සැමියෝ | |
| 1995 | අවරගිර | |
| 1996 | තුන්වෙනි ඇහැ | |
| 1996 | රත්තරං මල්ලී | |
| 1997 | පුනරුප්පත්තිය | |
| 1997 | දුවට මවක මිස | |
| 1997 | වීසී දැල | |
| 1998 | ජූලියට්ගේ භූමිකාව | |
| 2001 | පොරොන්දුව | |
| 2001 | කිනිහිරියා මල් | |
| 2002 | සංසාර ප්‍රාර්ථනා | |
| 2002 | සුදු සෙවනැලි | |
| 2003 | වෑකන්ද වලව්ව | |
| 2004 | සුමේධා | |
| 2011 | චැලෙන්ජර්ස් |
සම්මාන
- 1980 - හොඳම නිළිය - ගඟ අද්දර
- 1996 - හොඳම සහය නිළිය - තුන්වෙනි ඇහැ
- 1998 - හොඳම සහය නිළිය - ජුලියට්ගේ භූමිකාව
- 2004 - සරසවිය හොඳම සහය නිළිය සම්මානය - වෑකන්ද වලව්ව
- 1980 - සරසවිය හොඳම නිළිය සම්මානය - ගඟ අද්දර
වෙනත්
1997 - සුමති ජනප්‍රියම ටෙලි නිලිය සම්මානය
1998 - සුමති හොඳම ටෙලි නිලිය සම්මානය 'දුර්ගාන්තය' වෙනුවෙන්.
2002 - සුමති හොඳම ටෙලි නිලිය සම්මානය 'කුලවමිය' වෙනුවෙන්.
2005 - රයිගම් හොඳම ටෙලි නිලිය සම්මානය 'සෙදෝනා' වෙනුවෙන්.
2006 - සුමති හොඳම ටෙලි නිලිය සම්මානය 'අග පිපි මල්' වෙනුවෙන්.
2006 - රයිගම් හොඳම ටෙලි නිලිය සම්මානය 'අග පිපි මල්' වෙනුවෙන්.
ආශ්රිත
- Vasanthi - Reaching Even Greater Heights, http://www.sundayobserver.lk/2005/12/04/fea21.html, ප්‍රතිෂ්ඨාපනය 2014-01-15
- What's in a name?
බාහිර සබැදි
- Vasanthi Chathurani's Biography in Sinhala Cinema Database
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, වසන්ති චතුරානි පිළිබඳ තොරතුරු, වසන්ති චතුරානි යනු කුමක්ද? වසන්ති චතුරානි යනු කුමක් දර්ශනය කරන්නේ?