ඉලුක්පිටිය මුදියාන්සේලාගේ විජය නන්දසිරි ශ්‍රී ලාංකික නළුවෙකු, නිවේදකයෙකු, ගායකයෙකු වෙයි. විදුර දිව නාට්‍යයෙන් කලා දිවිය ඇරඹූ ඔහු මනමේ, සිංහබාහු, කුවේනි, රත්නාවලී වැනි වේදිකා නාට්‍යයන්හි රංගනයෙන් දායක වූයේය. මාතර ආච්චි චිත්‍රපටයෙන් සිනමාවට පැමිණි ඔහු නෑදෑයෝ සිනමාපටයෙන් සිනමා නළුවෙකු ලෙස සිනමාවට අවතිර්ණ විය.
විජය නන්දසිරි | |
|---|---|
| උපත | ඉලුක්පිටිය මුදියාන්සේලාගේ විජය නන්දසිරි 1947 මැයි 06 මහරගම |
| මරණය | අගෝස්තු 8, 2016 (වයස 69) කළුබෝවිල ශීක්ෂණ රෝහලේදී |
| මරණයට හේතුව | හෘදාබාදය |
| සැතපෙන ස්ථානය | අගෝස්තු 11 දින,ගල්කිස්ස පොදු සුසාන භූමියේදි |
| අනෙකුත් නම් | විජේ අයියා සුදු මල්ලී |
| අධ්‍යාපනය | විද්‍යාකර විද්‍යාලය,මහරගම |
| වෘත්තියs | රංගන ශිල්පී,නිවේදක |
| සක්‍රීය වසර | 1980 - 2016 |
| සංගණ්‍ය වන්නේ | නෑදෑයෝ |
| සංගණ්‍ය කෘතිය | මනමේ සිංහබාහු |
| Spouse | දේවිකා මිහිරාණි |
| දරුවන් | නවන්ජනා නන්දසිරි රසාන්ජන නන්දසිරි |
| Awards | සරසවිය හොඳම නළුවා |
නන්දසිරි මහතා වේදිකාවට, සිනමාවට මෙන්ම රූපවාහිනියටද තම දක්ෂතා ඉදිරිපත් කළේය. නෝනාවරුනි මහත්වරුනි, යර්ස් බොස්, එතුමා, මෙතුමා ටෙලිනාට්යන්හි හාස්‍ය උත්පෝදක චරිතයක් වූයේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහු සිකුරු හතේ, සුහද කොකා වැනි විකට චිත්‍රපට ඔස්සේ ප්‍රහසන රංගන ශිල්පියකු ලෙස ප්‍රේක්ෂකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්විය.
1966 වසරේදී අමරදාස ගුණවර්ධනයන්ගේ "විදුර දිව" වේදිකා නාට්‍යයෙන් ක්ෂේත්රයට පිවිසි ඔහු සිංහබාහු, මහාසාර, නරිබෑනා, ජසයා සහ ලෙන්චිනා, රත්නාවලී, තාරාවෝ ඉගිලෙති, හුණුවටයේ කතාව, කුවේණි, වෘෂභ රාජ, සුබ සහ යස, කුස පබාවතී ආදී වේදිකා නාට්‍ය 40කට වැඩි සංඛ්‍යාවකට රංගනයෙන් දායකත්වය සපයා ඇත. යස ඉසුරු, නෑදෑයෝ, රේල්පාර, සසර, සඳකඩ පහණ, කිං හන්තර්,බංගලි වලලු ඔහු රඟපෑ චිත්‍රපට අතර වේ. "පුංචි පහේ මං" වැනි වැඩසටහන් ද ඔහු විසින් ඉදිරිපත් කළේය.
පෙර අවධිය
1947 දී උපත ලබා මහරගම විද්‍යාකර විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරුවේය.
පවුල් පසුබිම
ප්‍රවීණ රංගන ශිල්පිනී දේවිකා මිහිරානි ගේ සැමියා වූ ඔහු දෙදරු පියෙකි.
චිත්‍රපට
විජය නන්දසිරි සිය සිනමා ගමනයට ප්‍රවිෂ්ට වන්නේ සතිෂ්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ 'මාතර ආච්චි' චිත්‍රපටයේ සුළු චරිතයකිනි. ඉන්පසු ඔහු නෑදෑයෝ චිත්‍රපටිය හි දෙනෙත් අඳ තරුණයෙකු ලෙස ප්‍රධාන චරිතයක් රඟපෑවේය, 'සිරි පතුල' වැනි චිත්‍රපටවල ද හි ප්‍රධාන චරිතයන්හි රඟපෑවේය. ඇතැම් වේදිකා නළු නිළියෝ වේදිකාවට යම් තරමක් දුරට අවශ්‍ය අධි රංගනය සිනමාවේදී ද එලෙසම පවත්වාගෙන යති. විජය නන්දසිරි මුලින් රඟපෑ චිත්‍රපට හි එසේ වුවද පසු කලෙක සිනමාවට උචිත රංග ශෛලියක් ප්‍රකට කළ ආකාරය දැකිය හැකිය.
විජය නන්දසිරි මුල් කාලයේ සුළු චරිතද නෑදෑයෝ සිනමා පටයෙන් පසු ප්‍රධාන ජවනිකාද 2000 - 2015 වර්ෂවලදී හාස්‍යජනක චරිතයන්හි පෙනී සිටියේය. ඔහු වඩාත් ජනප්‍රිය වූයේ හාස්‍යෝත්පාදක චරිත, චිත්‍රපට හරහාය. සිකුරු හතේ, කිං හන්තර්, කෝ මාර්ක් නෝ මාර්ක් ,සුහද කොකා එවැනි චිත්‍රපටයි.
| වසර | චිත්‍රපට | චරිතය |
|---|---|---|
| 1973 | මාතර ආච්චි | පොලිස් නිලධාරියා |
| 1974 | වස්තුව | |
| 1976 | තිලක හා තිලකා | |
| 1976 | මංගලා | |
| 1976 | නෑදෑයෝ | මහින්ද |
| 1977 | ටොම් පචයා | |
| 1978 | සසර | උපාලි රන්කැටිය |
| 1978 | සිරි පතුල | |
| 1979 | සමන්මලී | |
| 1979 | ගැහැනියක් | |
| 1979 | හිඟන කොල්ලා | රොනල්ඩ් ජයරත්න |
| 1980 | මගේ අම්මා | |
| 1980 | සබීතා | |
| 1980 | කිඳුරු කුමාරි | |
| 1981 | එක් දවසක් රෑ | |
| 1981 | අම්මේ මට සමාවෙන්න | |
| 1981 | ඉවලුම් ඔරු පෙන් | |
| 1981 | බංගලි වළලු | |
| 1982 | වතුර කරත්තය | |
| 1982 | යස ඉසුරු | |
| 1982 | රේල් පාර | |
| 1983 | රන් මිණි මුතු | |
| 1983 | සිස්ටර් මේරි | |
| 1983 | මොනරතැන්න 2 | |
| 1984 | හදවතක වේදනා | |
| 1984 | රන්මලීගේ වාසනාව | |
| 1985 | චලිත රංගාලි | |
| 1985 | ඇය වැරැදි ද ඔබ කියන්න | |
| 1985 | සුදු මාමා | |
| 1985 | දූ දරුවෝ | |
| 1988 | සඳකඬ පහන | |
| 1989 | බදුලු කෝච්චිය | |
| 1990 | ජය කොතනද | |
| 1990 | ක්‍රිස්තු චරිතය | |
| 1994 | ධවල පුෂ්පය | |
| 1994 | විජය ගීතා | |
| 2002 | බහුබූතයෝ | දිව දෙකේ දෙවියා |
| 2002 | පිස්සු ඩබල් | |
| 2003 | පිස්සු ට්‍රිබල් | තාත්තා |
| 2003 | ටැක්සි ඩ්‍රයිවර් | |
| 2004 | ලෙෆ්ට් රයිට් සර් | |
| 2004 | ඔහොම හරිද | |
| 2007 | සිකුරු හතේ | මංගල ජය |
| 2009 | සර් ලාස්ට් චාන්ස් | සර් ලාස්ට් චාන්ස් |
| 2010 | මගෝ ඩිගෝ ඩයි | මගෝ |
| 2010 | ක්ෂේම භූමි | |
| 2011 | කිං හන්තර් | හන්තර් රජු |
| 2012 | සක්විති දඩයම | මැක්සිමස් |
| 2014 | කෝ මාර්ක් නෝ මාර්ක් | මාර්ක්/පලටුපාන ඇමැති |
| 2015 | සුහද කොකා | රාජමන්ත්රී |
ටෙලිනාට්‍ය
- . ගමන
- . ප්‍රමාද වැඩියි
- . හුමාලය
- . හිඟන කොල්ලා
- . නෝනාවරුණි මහත්වරුනි
- . එතුමා
- . මෙතුමා
- . සඳුන් ගිර ගිනි ගනී
- . කතුර
- . කොළඹ අහස
- . හතරේ කණුව
- . ක්ලාස් සිංහල ක්ලාස්
- . යස් බොස්
- . යස් මැඩම්
- . එෆ්.එම් වාසුළිය
- . සට කපට
- . මැති නැතිදා
- .හතර්රෙ කණුව
වේදිකා නාට්‍යයන්
විජය නන්දසිරි කලා ලොවට ඇතුලු වූයේ වේදිකාවෙනි. විජය ප්‍රසිද්ධ වේදිකාවට පා තැබුවේ අමරසේන ජයතුංග ගේ "වීදුරු දිව" වේදිකා නාට්‍යය ඔස්සේ 1966 වසෙර්ය. අනතුරුව ඔහු දයානන්ද ගුණවර්ධනයන්ගේ "නරිබෑනා", "ජසයා හා ලෙන්චිනා", "ආනන්ද ජවනිකා" වැනි වේදිකා නාට්‍යවල රඟපාමින් තම කුසලතා ප්‍රකට කළේය. ඔහු වේදිකාවේ වඩාත් ප්‍රසිද්ධියට හා ජන ප්‍රසාදයට පත් වූයේ එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යයේ මනමේ කුමරු ලෙසය. 1973 සිට 2000 වසර දක්වා පුරා වසර විසි හතක් ඔහු වේදිකාවේ මනමේ කුමාරයා වූයේය.කුස පබාවතී, ශ්‍රී ගජබා හා වෘෂභ රාජ ඔහුගේ නාට්‍යය නිෂ්පාදනයන් විය. ඒ අතරින් "කුස පබාවතී" දර්ශන වාර එක්දහස් පන්සීයකට වැඩි ප්‍රමාණයක් වේදිකා ගත වී තිබීම විශේෂත්වයකි.
- මනමේ - එදිරිවීර සරත්චන්ද්‍ර
- සිංහබාහු - එදිරිවීර සරත්චන්ද්‍ර
- රත්නාවලී
- රංකඳ
- විශ්ව සුන්දරී
- නරියා සහ කේජු
- සුබ සහ යස
- චිත්‍රගේ ප්‍රේම කතාව
- තාරාවෝ ඉඟිළෙති - ලූෂන් බුලත්සිංහල
- ඒකා අධිපති
- වහලක් නැති ගෙයක්
- තහංචි
- බක තපස්
- සිරිසඟබෝ
- කුවේණි
- හුණුවටයේ කතාව
- විශ්ව සුන්දරී
- කුස පබාවතී
- වෘෂභරාජ
- බල්ලොත් එක්ක බෑ - රවින්ද්‍ර ආරියරත්න
- මල්වඩම් අනව්ශ්යයි
- විදුර දිව
- දෙවියොත් දන්නෙ නෑ - සරත් කුලාංග
- අලුත් හොරෙක් ඕනෑ
සම්මාන
- 2007 දී විකට චරිතයකට රඟපැ හොඳම නළුවා ලෙස ප්‍රථම වරට සම්මාන ලබා ගැනීය.
වියෝව
ඔහු මිය ගියේ 2016 වසරේ අගෝස්තු 08 දිනයි. ඔහුව රෝහලට ගෙන එන විටත් මියගොස් සිටි බව ඔහුගේ වෛද්‍යවරයා පැවසා ඇත.
බාහිර ලිපි
විජය නන්දසිරි සඳහා අයිඑම්ඩීබී හි ඇති තොරතුරු
මූලාශ්‍ර
- "ප්‍රවීණ කලාකරු විජය නන්දසිරි මහතා මියයයි". ලංකාදීප.
- සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/2016/08/11/?fn=sa16081110, ප්‍රතිෂ්ඨාපනය 2016-08-12
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, විජය නන්දසිරි පිළිබඳ තොරතුරු, විජය නන්දසිරි යනු කුමක්ද? විජය නන්දසිරි යනු කුමක් දර්ශනය කරන්නේ?