විල්පත්තු ජාතික වන උද්‍යානය (විල්ලු-පත්තු ) ශ්‍රී ලංකාවේ පිහිටි ජාතික උද්‍යානයකි.ශ්‍රී ලංකාවේ වයඹ දිග පහත් බිම් වියළි කලාපයේ පිහිටා ඇත. මෙම උද්‍යානය අනුරාධපුරයට කි.මී. 30 ක් බටහිරින් පිහිටා ඇති අතර පුත්තලම් සිට කි.මී. 26 ක් උතුරින් (කොළඹට කි.මී. 180 ක් පමණ උතුරින්) පිහිටා ඇත.මෙම උද්‍යානය වර්ග කිලෝමීටර් 1,317 (හෙක්ටයාර් 131, 693) වන අතර මුහුදු මට්ටමේ සිට මීටර් 0 සිට 152 දක්වා පරාසයක පවතී.විල්පත්තු ජාතික වන උද්‍යානය තුළ එකසිය හයකට ආසන්න ප්‍රමාණයක් විල් සහ තටාක දක්නට ලැබේ.විල්පත්තු යනු ශ්‍රී ලංකාවේ විශාලතම හා පැරණිතම ජාතික වනෝද්‍යානයකි.
| විල්පත්තු ජාතික වනෝද්‍යානය | |
|---|---|
IUCN category II (national park) | |
විල්පත්තු ජාතික වනෝද්‍යානයේ කලපු කිරළෙක් | |
| පිහිටුම | ශ්‍රී ලංකාවේ, වයඹ සහ උතුරු මැද පළාත්හී, කොළඹ සිට කිමී 185 ක් ඔබ්බෙන් |
| සමීපතම නගරය | අනුරාධපුරය |
| ඛණ්ඩාංක | 8°26′N 80°00′E / 8.433°N 80.000°E |
| වර්ග ප්‍රමාණය | 1,316.671km2 |
| සංස්ථාපනය | 1905 (Wildlife sanctuary) දෙසැම්බර් 25, 1938 (National park) |
| පාලක ස්ථිතිය | වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව |
Ramsar Wetland | |
| නිල නාමය | Wilpattu Ramsar Wetland Cluster |
| නාමෝද්දේශනය | 2 February 2013 |
| නිර්දේශ අංකය | 2095 |
ගැලරිය
ජාතික වනෝද්‍යානය තුළ ගත් සතුන්ගේ ඡායාරූප.
කුරුල්ලන්
- ඇටි-කුකුළා
- ශ්‍රී ලංකා වලි-කුකුළා
- කුස-ඇලි සයුරුකුස්සා
- සිළු-රුක් තුරිතයා
- කළුපිය ඉපල්ලෑවා
- පෝරු-කෑදැත්තා
- ළය-රන් බටගොයා
- නිල්පෙඳ බිඟුහරයා
- පුංචි බිඟුහරයා
- තඹල-හිස බිඟුහරයා
- නීල මහගොයා
- ඉන්දියානු රැහැන්මාරා
- සිළු සරපකුස්සා
- පෙරළි කොණ්ඩකුස්සා
- කළු ඉසැසි මැදි-පිළිහුඩුවා
- බොර සබරිත්තා
- අළු කොකා
- මොණරා/සෙබඩ
- ලතුවැකියා
උරගයින්
- Bengal monitor
- Indian rock python
- Mugger crocodile
මූලාශ්‍ර
- "Wilpattu Ramsar Wetland Cluster". Ramsar Sites Information Service. සම්ප්‍රවේශය 25 April 2018.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, විල්පත්තු ජාතික වන උද්‍යානය පිළිබඳ තොරතුරු, විල්පත්තු ජාතික වන උද්‍යානය යනු කුමක්ද? විල්පත්තු ජාතික වන උද්‍යානය යනු කුමක් දර්ශනය කරන්නේ?