විදුහලේ ආරම්භය
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන රටාව ගොඩනැගි තිබුනේ පන්සල් ආශ්රිතතව වු අතර ඉංග්‍රීසි අධිරාජ්‍යයට රට නතු වීමත් සමග මෙය බිද වැටුනි. කොළඹ, මහනුවර, ගාල්ල, මාතර ආශ්රිජතව අධ්යාිපන පුනරුදයක් 19වන සියවස අගභාගයේදි ඇති වුවත් මොරටුව තුල මෙවැනි පසුබිමක් දක්නට නොවීය. මෙම වපසරිය හොදින් හදුනාගත් චාර්ල්ස් හෙන්ද්රිග ද සොයිසා මැතිතුමා මොරටුවේ මෙම අවශ්ය තාවය පුරවාලීමට වේල්ස් කුමර සහ වේල්ස් කුමරි විදුහල් ආරම්භ කිරීමට මුල්විය.
1876 සැප්තැම්බර් 14 දින මෙම පසුබිම තුල මොරටුවට ඉතා සුවිශේෂි දිනයක් උදාවිය. එදින මුලු මොරටුවම සැණකෙලි සිරිගෙන තිබුනි. එක් පසෙකින් ගාලු පාර ද අනෙක් පසින් ලුනාව කලපුවට මාවිම් වු අධ්යාතපන කටයුතු සදහා යොග්යක වු අක්කර 15ක මනරම් භූමියක පාසල පිහිටුවන්නට කටයුතු සුදානම් විය. එවකට ඉංග්‍රීසි අධිරාජ්යව නියෝජනය කල ආන්ඩුාකාරයා වු සර් විලියම් ග්රේයගරි මැතිතුමාගේ සුරතින් මුල් ගල තබා පාසලේ කටයුතු අරඹන ලදි.
ආරම්භක වකවානුවේදි පාසැල් 4 ක් පිහිටවනු ලැබිය. එනම් වේල්ස් කුමර විදුහල - මෙහි ඉංග්රිපසි භාෂාවෙන් ඉගැන්වීම් සිදුවිය. මෙය උසස් පාසල විය. මෙයට අමතරව උපාධි අපේක්ෂකයින් සදහාද පංති පැවැත්විය. වේල්ස් කුමරි විදුහල - මෙහි ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වීම් සිදුවිය. මෙය උසස් පාසල විය වේල්ස් කුමර ස්වභාෂා විදුහල - මෙහි සිංහල භාෂාවෙන් පංති පැවැත්වීය. හත්වන ශ්රේසණිය දක්වා පංති පවත්වන ලදි. වේල්ස් කුමරි ස්වභාෂා විදුහල- - මෙහි සිංහල භාෂාවෙන් පංති පැවැත්වීය. හත්වන ශ්රේසණිය දක්වා පංති පවත්වන ලදි.
විදුහලට ඇතුලත් වු මුල්ම ශිෂ්‍යා වුයේ වනක්කු වඩුගේ හෙන්ඩ්‍රික් මෙන්ඩිස් ශිෂ්‍යායි. පාසලේ මුල්ම ප්‍රධානාචාර්ය වරයා වුයේ ඩබ්ලිව්. එස් ගුනවර්ධන මහතායි. එතුමා 1876 සිට 1891 දක්වා පාසලේ දියුණුවට අනගි සේවයක් කලේය. ආරම්භයේදි පාසලේ ගුරුභවතුන් 40 ක් සේවය කල අතර එයින් 25 පිරිමි ගුරුවරයෙක් විය.
ඩබ්ලිව්. එස් ගුනවර්ධන සමය (1876 – 1891)
- 1882 - ක්‍රිකට් ක්‍රීඩාව හදුන්වා දෙන ලදි.
- 1890 – 1890 සැප්තැම්බර් 29 දින පාසලේ ආදිකතෘතුමාගේ අභාවය සිදුවිය
පිලිප් ලෙව්ස් සමය (1892 – 1896)
- පාසල අපහසුතා මධ්‍යයේ වුවද සීඝ්‍ර දියුණුවක් කරා පිය ඔසවන ලදි.
ජේ. පි. සි මෙන්ඩිස් සමය (1986 – 1917)
- 1897 – “The Cambrians” සගරාව එලි දක්වයන ලදි
- 1903 - කෙඩෙට් කන්ඩායම, පුස්තකාලය, විද්යානගාරය, වානිජ අංශය, ටෙනිස් සහ පාපන්දු ක්‍රීඩාව පාසලට එක්විය.
- 1904 - ආදි ශිෂ්ය සංගමය පිහිටුවිය.
- 1907 - පාසැල් වර්ණ ලෙස දම් රන් රතු සුදුසු බව තීරණය කරන ලදිග පාසලේ ආදර්ශ පාඨ ලෙස “ ICH DIEN” (මම සේවය කරමි) ජර්මන් පාඨය සහ ,”NIHIL PER SALTUM” (පියවරෙන් පියවර) යන ලතින් පාඨය සුදුසු බව තීරණය කරන ලදි. ( ආදර්ශ පාඨ දෙකක් ඇති එකම පාසල වේල්ස් කුමර විදුහලයි).
- ද සොයිසා මැතිණියගේ අභාවය සිදුවුයේ මෙම වකවානුවේදිය. ඉන් පසු පාසලේ භාරකාරත්වය සොයිසා මැතිතුමාගේ පුතුන් 7 දේනාට හිමිවිය.
පී.ටි. ජයසුරිය සමය (1917 – 1925)
- අධ්‍යාපන අංශයෙන් උසස් ප්‍රථිපල ලද වකවානුවකි.
- විදයා අංශයේ දියුණුවට කටයුතු යෙදීම.
*ක්‍රීඩා පිටියේ තත්වය උසස් කිරීම.
- පාසලට වෙනමම ළමා උද්යායනයක් ඇරඹිම.
- 1919 - නව පංති කාමර ඉදිකිරිම, පාසැල් නිවාස ක්ර1මයක් ආරම්භ කිරීම සුදුවිය. මුලින්ම ඇරඹු නිවාස වන්නේ “Founders, Gunawardana, Luwis සහ Mendis නිවාසයි. එවා ආදි කතෘකුමා සහ මුල්ම විදුහල්පතිවරුන් සිහිකිරීම සදහා නම් කෙරිනි.
- 1919 - ප්‍රථම නිවාසාන්තර ක්‍රී්ඩා උලේල පවත්වන ලදි.
- 1922 – The Cambrians සගරාව නැවත ඇරඹිම සිදුවිය.
එල්.ඊ බ්ලේස් සමය (1926)
- ස්වර්ණ ජුබිලි ත්‍යාග ප්‍රදානෝත්සය පවත්වන ලදි
- පාසැල් ඉංග්‍රිසි ගීතය නිර්මාණය වුයේ මේ සමයේදිය. මෙම ගීතය 1863 දි ජොන් ලින්සි විසින් හයවන හත්වන එඩ්වඩ් රජතුමාගේ විවහ මංගල උත්සවය වෙනුවෙන් රචනා කරන ලද්දකි. මෙහි අප පාසලට ගැලපෙන සේ යම් යම් වෙනස් කම් වලට ලක් කර භාවිතා කරන ලදි
එල්.ජි. ක්‍රීලස් සමය (1927 – 1931)
- පාසල තුල විනය පද්ධතියක් ක්‍රීයාත්මක කිරීමට මෙතුමා මුල් විය
- කෙලඩෙට් සහ ක්‍ි19ඩා අංශවල පැහැදිලි දියුණුවක් දක්නට ලැබුණි.
එෆ්.ආර්.ජි මෙන්ඩිස් සමය (1931 – 1932)
- පාසලට සම්බන්ධව පැවැති ස්වභාෂා විදුහල පාසලින් වෙන්කිරීම සිදුවිය.
- පුස්තකාල අරමුදලක් අරබන ලදි
- නැවති තිබුන The Cambrians සගරාව නැවත අරබන ලදි
- නිවාස ක්‍රමය ප්‍රතිසංවිධානය කරන ලදි.
එච්. සමරනායක සමය (1932) =
- පාසලේ ප්‍රථම බෞද්ධ විදුහල්පතිවරයායි.
ජේ.බි.සි රොද්රිාගු සමය (1933 – 1959)
- 1933 - පලමු වන කේම්බ්‍රියන්-සේබස්තියන් ක්‍රිකට් තරගය පාසැල් ක්‍රීඩාංගනයේදි පවත්වන ලදි
- දේවන ලෝක යුද්දය සමයේදි පවා එතුමාගේ පරිපාලනය යටතේ ඉතා ඉහල ප්‍ර්ථිපල වාර්ථා කරන ලදි
- 1937 - ප්‍රථිසංස්කරණය කරන ලද ක්‍රීඩා පිටිය නැවත විවෘත කරන ලදි
- ක්‍රීඩාගාරය වැඩිදියුණූ කරන ලදි
- අරමුදල් සම්පාදනය සදහා සැනකෙලි කිහිපයක්ම පවත්වන ලදි
- 1938 - හොකී ක්‍රීිඩාව පාසලට හදුන්වා දෙන ලදි
- ගුරු සුභසාධක සංගමය, සිනමා සංගමය, විද්යාි සංගමය, නාට්යථ සංගමය, විවාද කන්ඩායම , සමුපකාර සංගමය ආරම්භය මෙම වකවානුවේදි සිදුවිය.
- පාසැල් ගොඩනැගිලි සහ පන්ති කාමර අලුතින් එක්විය
- 1951 - පාසලේ 75 වන ජුබිලි සැමරුම කුමර කුමරි විදුහල් දෙක එක්ව පවත්වන ලදි
- 1951 - පාසැල් දෙකටම උසස් අධ්යාපනය හදුන්වා දීම සිදුවිය
- 1952 - ආදිකතෘ දිනය ආරම්භයේ සිට පැවැත්වු අනුස්මරණ දේව මෙහෙය සිංහල භාෂාවෙන් පවත්වන්න කටයුතු කරන ලදි.
- 1959 - පාසලේ දිර්ඝතම කාලයක් සේවය කල විදුහල්පතිතුමා වන ජේ.බි.සි රොද්රිගු මැතිතුමාට (අවුරුදු 27) විශේෂ රැස්වීමක් පවත්වා උපහාර දක්වන ලදි.
එස්.සි.එච් ද සිල්වා සමය (1958 – 1973)
- 1961 – 1961 දෙසැම්බර් මාසයේ 15 වෙනිදා රජයට පවරා ගන්නා ලදි බැට්මින්ටන් සහ චෙස් ක්‍රීඩා සංගම් පිහිටුවීම
- බාලදක්ෂ සංගමය පිහිටුවීම
- කිරී මණ්ඩලය පිහිටුවීම
- 1960 - කලා ඇදුරු තිස්ස ගුණවර්ධන මහතාගේ සම්ප්‍රාාත්තිය සිදුවිය. එතුමාගේ දායකත්වය මත නාට්යී අංශය සහ කලා සංගමය විශාල කිර්තියක් ගෙන එමට සමත් විය.
- 1961 - බෞද්ධ සංගමය පිහිටුවීම
- 1961 - ප්‍රථම වරට බෞද්ධ හිමි නමක් පාසැල් ගුරු වන්ඩලයට එක් විය ( පුජ්යා හැගොඩ කෙමානන්ද ස්වාමින් වහන්සේ)
- 1964 - කැරොල් බක්ති ගීත සංදර්ශනයක් ප්‍රරථමවරට පැවැත්විය
- 1964 - අමධ්යැප අමදුපම සංගමය බිහිවිය. පුජ්ය් හැගොඩ කෙමානන්ද ස්වාමින් වහන්සේ මේ සදහා මුලික විය.
- 1965 - ශුද්ධ වු එම්මානුවෙල් දේවස්ථායේ පැවැති ස්වභාෂා විදුහල නැවත පාසලට එක්විය.
- 1967 - සිංහල ගීතයක් පාසැලට හදුන්වා දෙන ලදි. මෙහි නිර්මාතෘ බි. ගොඩහේවා මහතායි. එය මුල්වරට ගායනා කරන ලද්දේ එම වසරේ තාග්ය. ප්‍රාධානොත්සවයේදියි.
- 1967 - බුදු මැදුර ඉදිකිරීම සදහා මුල් ගල තැබිය.
- 1972 - බුදු මැදුර අග්රාසණ්ඩුකාර විලියම් ගොපල්ලව මහතා අතින් විවෘත විය. මෙය කලා ඇදුරු තිස්ස ගුණවර්ධන මහතාගේ නිර්මාණයකි.
- 1968 - නව අධ්යාපන ක්ර්මය යටතේ ප්‍රාථමික පාසල ආරම්භ විය.
එල් එච් ගුණපාල සමය ( 1973 – 1977)
- විදුහල්පති නිල නිවස නැවත පාසැල් භූමියේ ස්ථාපිත කලේය.
- විනය පරිපාටි පිලිබදව වඩාත් සැලකිලිමත් වු කාලපරිච්ජේදයකි.
- ගොඩනැගිලි පහසුකම් අළුත්වැඩියා කිරීම.
- පහත සදහන් කාර්යයන් සදහා වෙනනම කාමර පහසුකම් ලබා දීම.
- බාලදක්ධෂ
- සමාජ අධ්යනය
- පෙරදිග සංගීතය
- ක්‍රිස්තියානි
- රෝමානු කතෝලික
- ජාතික ඉතිරිකිරීම් බැංකුවේ මොරටු පාසැල් ශාඛාබව ආරම්භ විය
- හේවිසි තූර්යවාදක සහ බටහිර තූර්ය වාදක මණ්ඩලය පිහිටුවීම
- නිවාස අතරට රොද්රිතගු නිවාසය එක්විය.
- 1975 - ප්‍රථම ශිල ව්‍යාපාරය පැවැත්වීය.
- පාසැල් ප්‍රධාන විශයයන් සදහා සහ නිවාස සදහා නායකයින් පත්කිරීම ඇරඹිය.
එම්.ඊ.සී ප්‍රනාන්දු සමය (1977 – 1988)
- පාසලේ ආදි ශිෂ්යකයෙකි.
- මෙම කාලසීමාව තුල පහත දෑ පාසලට එකතුවිය
- එච් ආර් ප්‍රවනාන්දු ක්‍රීඩාගාරය
- ක්‍රිකට් ලකුණු පුවරුව
- පුස්තකාල ගොඩනැගිල්ල
- පන්ති කාමර 12 කින් යුත් තෙමහල් ගොඩනැගිලි ( වානිජ්යඅ සහ විද්යාද අංශ සදහා)
- කලා ඇදුරු තිස්ස ගුණවර්ධන මහතා විසින් නිර්මාණය කරන ලද ආදි කතෘ චාර්ල්ස් හෙන්ද්රි් ද සොයිසා මැතිතුමාගේ පිලිරුව විවෘත කිරීම
- වාර්ෂික මහා ක්‍රීකට් තරගය මොරටුව ද සොයිසා ක්‍රීඩාංගනයට ගෙනයාම
- සීමිත පන්දුවාර ක්‍රීකට් තරගය ඇරඹිම
එච්.එල්.බී ගෝමස් සමය (1989 – 1998)
- පාසලේ ආදි ශිෂ්‍යයෙකි. එම් ඊ සී ප්‍රනාන්දු මහතාගේ සමයෙහි නියෝජ්‍ය ජේෂ්ඨ විදුහල්පතිවරයා ලෙස කලක් කටයුතු කිරීමෙන් පසු තනතුරට පත්විය
- පාසල දිවයිනේ ජාතික පාසැල් 15 අතරට එක්විය.
- ප්‍රාථමික අංශය නැවත ඇරඹිය.
- තුන් මහල් ගොඩනැගිලි 2 ක් (ප්‍රාථමික අංශය සහ 11 වසර සදහා) ඉදිකිරීම
- නව ශ්‍රවනාගාරක්, ගුරු සහ ශිෂ්යඑ ආපන ශාලා ඉදිවිය.
- නේවාසිගාරයේ ඉදිකිරීම සදහා කටයුතු ඇරබිය.
- විදුහල්පතිතුමාගේ කාර්යායාලය, ප්‍ර්ධාන ශාලාව නවිකරණය සිදුවිය.
- වැසිකිලි සහ කැසිකිලි ඉදිවිය
- පාසලට ආදි ශිෂ්‍ය සංගමයෙන් වැන් රථයක් තෑගි ලැබීම
- අභ්‍යන්තර සම්බන්ධිකරණ එ්කකයක් සැදීම. ජනමාධ්යල පද්ධතියක් සැකසීම, ප්‍රුථමික අංශයට ක්‍ිධිඩා පිටියක් සැකසීම සිදුවිය.
- බටහිර පෙරදිග තූර්යවාදක කන්ඩායම්. උඩරට නැටුම් කන්ඩායම සහ විවිධ ක්‍රීඩා අතින් සමස්ත ලංකා මට්ටමේ ජයග්ර්හණ රැසක් ලබාගත් අතර එය වේල්ස් කුමර නාමය සිරිලක පුරා පැතිරවීමට මහෝපකාරි විය.
ඩි ඒ රාමනායක සමය (1998 – 2001)
- පරිගනක පංති ආරම්භය සිදුවිය
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, වේල්ස් කුමර විදුහලේ ඉතිහාසය පිළිබඳ තොරතුරු, වේල්ස් කුමර විදුහලේ ඉතිහාසය යනු කුමක්ද? වේල්ස් කුමර විදුහලේ ඉතිහාසය යනු කුමක් දර්ශනය කරන්නේ?