ශ්‍රව්‍ය දෘෂ්‍ය මධ්‍යස්ථානය

මුල් පිටුව | ශ්‍රව්‍ය දෘෂ්‍ය මධ්‍යස්ථානය

ශ්‍රි ලංකා‍වේ ශ්‍රව්‍ය දෘෂ්‍ය මධ්‍යස්ථානය ඉංග්‍රීසියෙන් Audio Visual Centre ලෙස ද කෙටියෙන් ඒවීසී (AVC) ලෙසද හඳුන්වනු ලබයි.

ශ්‍රව්‍ය දෘෂ්‍ය මධ්‍යස්ථානය පිහිටවන ලද්දේ 1980 වසරේදීය. මෙම මධ්‍යස්ථානය මාධ්‍ය සංවිධානයක් වන අතර කෘෂිකර්ම දෙපාර්ත‍මේන්තු‍වේ ව්‍යප්ති හා පුහුණු අංශය ය‍ටතේ ක්‍රියාත්මක වෙයි. මෙහි ප්‍රධාන අරමුණ අඩුම මිළ ගනන් වල සිට ඉහළම තාක්ෂණය දක්වා වන පුළුල් පරාසයක ශ්‍රව්‍ය දෘෂ්‍ය ප්‍රචාරක ද්‍රව්‍ය (උපදේශාත්මක මාධ්‍ය ප්‍රචාරක ද්‍රව්‍ය) නිෂ්පාදනය කිරීමයි.

ඊට අමතරව, තාක්ෂණය පතුරවාලී‍මේ කාර්යයෙහි නිරත අතර ඉදිරිපත් කිරී‍මේ කුසලතාවය වර්ධනය කර ගැනීම පිණිස ශ්‍රව්‍ය දෘෂ්‍ය ප්‍රචාරක ද්‍රව්‍ය නිෂ්පාදනය කර ගැනීම හා භාවිතා කිරීම පිළිබඳව පුහුණු වැඩසටහන්ද මෙම මධ්‍යස්ථානය මඟින් ලබා දෙයි.

ස්ථානය: ශ්‍රි ලංකා‍වේ කන්ද උඩරට අගනගරය වන මහනුවර නගරයට ආසන්නව පිහිටි පේරාදෙණිය ‍ප්‍රදේශයේ මෙම ශ්‍රව්‍ය දෘෂ්‍ය මධ්‍යස්ථානය පිහිට‍වනු ලැබ ඇත.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශ්‍රව්‍ය දෘෂ්‍ය මධ්‍යස්ථානය පිළිබඳ තොරතුරු, ශ්‍රව්‍ය දෘෂ්‍ය මධ්‍යස්ථානය යනු කුමක්ද? ශ්‍රව්‍ය දෘෂ්‍ය මධ්‍යස්ථානය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.