ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලය, කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි පාසලක් වන අතර එය 1974 ජනවාරි 16 වන දින බණ්ඩාරනායක විද්‍යාලය නමින් ආරම්භ කරන ලදී.
| ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලය | |
|---|---|
|
| |
| ලිපිනය | |
| දඹුල්ල පාර කුරුණෑගල | |
| Coordinates | 7°29′40″N 80°22′08″E / 7.494346°N 80.368997°E / 7.494346; 80.368997Coordinates: 7°29′40″N 80°22′08″E / 7.494346°N 80.368997°E / 7.494346; 80.368997 |
| තොරතුරු | |
| වර්ගය | රජයේ පාසල |
| ආදර්ශ පාඨය | විද්‍යා සර්වශ්‍ය භූෂණම්[උගත් කම සෑමකල්හිම ආභාරණයකි] |
| ආරම්භය | 16 ජනවාරි 1974 |
| පාසල් දිසා | කුරුණෑගල අධ්‍යාපන කළාපය |
| අධිකාරිය | අධ්‍යාපන අමාත්‍යඅංශය |
| විදුහල්පති | එස්.එම්.දිනේස උදිත බණ්ඩාර |
| ශ්‍රේණි | පංති 1–13 |
| බාලක/බාලිකා | මිශ්‍ර |
| වයස් පරාසය | 6–19 |
| ඇතුලත් වීම් | 6,000+ |
| භාෂා මාධය | English සහ සිංහල |
| නිවාස | විජය,ගැමුණු, තිස්ස, පැරකුම් |
| වර්ණ | නිල්,රතු,කොල,කහ |
| වෙබ් අඩවිය | http://www.kothalawala.sch.lk[permanent dead link] |
ඉතිහාසය
ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලය 1974 ජනවාරි 16 දින බිෂොප් ලක්දාස ද මෙල් මාලිගයේ දී විවෘත කරන ලදී. ඒ කාලයේ දී බිෂොප්ගේ මාලිගාව පන්ති කාමර සඳහා භාවිතා කරන ලදී. විද්‍යාලය මුලින්ම බන්ඩාරනායක විද්‍යාලය ලෙස හැඳින්වූ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි පියදාස විජේසිංහ මහතාගේ අනුග්‍රහය යටතේ විය. පාසල පිහිටුවීම අරමුණු වූයේ ගම්බද ප්‍රජාවගේ පිරී ඉතිරී යන හා තරඟකාරී ජනප්රිය පාසල්වලින් ඉවත්වීම සඳහා වැඩි අවස්ථාවන් ලබා දීමයි. විද්යාලයීය ගුරුවරුන් හයදෙනෙකු සහ සිසුන් 14 දෙනෙකු සමඟ ආරම්භ කරන ලදී. ගුරුවරුන් 175 ක් සහ සිසුන් 4600 ක් සමඟ එය වයඹ පළාතේ විශාලතම පාසල වෙයි.
පාසල් ධජය
පාසල් කොඩිය ප්රධාන වශයෙන් කොල පැහැති වන අතර එය පාසලේ නිල වර්ණය වන්නේය.පාසල් ලාංඡනය කොඩියේ පහල පෙදෙසේ දිස් වන අතර පාසල් නිවාස හතරේ වර්ණයන් ද දැක්වේ.
විදුහල්පතිවරු
| නම | වැඩ භාරගත් දිනය | වැඩ අවසන් කල දිනය |
|---|---|---|
| H. M. ප්‍රේමරත්න හිටිනායක | ||
| S. W. R. T. B. ගන්නොරුව | ||
| K. M. A. කුලතුංග | ||
| S. B. සෙනෙවිරත්න | ||
| J. රත්නායක | ||
| සමරනායක මල්ලිකාරච්චි | ||
| W. M. සමන් ඉන්ද්‍රරත්න | ||
| H. M. ගුණපාල | ||
| D. W. D. දෙහිපාගොඩ | ||
| මේජර් Y.K.කුමාරතැන්න |
පාසලේ ඉතිහාසයේ නම්
| වර්ෂය | නම |
|---|---|
| බණ්ඩාරනායක විද්‍යාලය | |
| ජනාදිපති පාසල(ප්‍රාථමික) | |
| ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලය(ජාතික පාසල) |
ක්‍රීඩා
- ක්‍රිකට්
- පාපන්දු
- චෙස්
- කරාතේ
- වොලිබෝල්
- දැල්පන්දු
- රගර්
- පිහිනුම්
- බර ඉසලීම්
වාර්ශික ක්‍රිකට් තරගය
ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලය සහ වයඹ රාජකීය විද්‍යාලය අතර වාර්ෂික මහා ක්‍රිකට් තරගය හරිතයන්ගේ සටන ලෙස නම් කර ඇත. ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලය අවසන් තරඟය ජයගනු ලැබුවේ 2017 දී ය.මෙය පාසල් දෙකේම අනුග්‍රහය යටතේ පවතී.
වාර්ශික නිවාසාන්තර ක්‍රීඩා උත්සවය
නිවාසාන්තර ක්‍රීඩා උත්සවය වාර්ෂිකව පාසලේ පවත්වන විශාලම ක්‍රීඩා උත්සවයි.මෙහිදී පාසලේ සියළුවම සිසු සිසුවියන් නිවාස 4කට බෙදී තරග වදී.සාමාන්‍යයෙන් ක්‍රීඩා උත්සවය වෙලගෙදර ක්‍රීඩාංගනයේදී පවත්වයි.මෙහිදී ආදී සිසුන් මෙන්ම සිසු සිසුවියන්ගේ දෙමාපියන් සහ ආරාදිත පාසල් ද උත්සවය නැරබීමට සහබාගි වෙයි.
ජයග්‍රහණ
- අවසන් දහය 400m පිරිමි,යොවුන් ඔලිම්පික් 2018,ආර්ජන්ටිනා - දිලාන් බෝගොඩ
පාසැල් සමාජ සහ සංගම්
|
|
පරිශීලන
- "School Flag". Sir John Kothalawala M.V. 2018. සම්ප්‍රවේශය 14 January 2018.
- olympics.lk/ (2001-11-24). "Dilan Bogoda". Athlete Profile, Medals, Results, News, Photos and Videos. සම්ප්‍රවේශය 2020-03-04.
ON YOUTUBE - https://www.youtube.com/@MAYAFF/featured
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලය, කුරුණෑගල පිළිබඳ තොරතුරු, ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලය, කුරුණෑගල යනු කුමක්ද? ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලය, කුරුණෑගල යනු කුමක් දර්ශනය කරන්නේ?