ශ්‍රී ලංකා සිළු මහ කවුඩා

ශ්‍රී ලංකා සිළු මහ කවුඩා
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Animalia
Phylum: Chordata
වර්ගය: Aves
ගෝත්‍රය: Passeriformes
කුලය: Dicruridae
ගණය: 'Dicrurus'
විශේෂය: ''D. lophorinus''
ද්වීපද නාමය
Dicrurus lophorinus
(වියලට්, 1817)

ශ්‍රී ලංකා කවුඩා (Dicrurus lophorinus) හෙවත් ශ්‍රී ලංකා සිළු මහ කවුඩා යනුවෙන් හැඳින්වෙන්නේ Dicruridae කුලයට අයත් පක්ෂි විශේෂයකි. මෙම විශේෂය ශ්‍රී ලංකාවආවේණික ය. මුලින් සිතාසිටියේ මෙය පිතිපෙඳ මහ කවුඩාගේ උපවිශේෂයක් ලෙසයි.

මොවුන්ගේ ස්වාභාවික වාසස්ථාන උපනිවර්තන හෝ නිවර්තන තෙත් පහතරට වනාන්තර සහ උපනිවර්තන හෝ නිවර්තන තෙත් කඳුකර වනාන්තර වේ.

වර්ගීකරණය

Dicrurus lophorinus Vieillot, 1817 අතීතයේ ඒක විශේෂික Dissemurulus හෝ Dissemuroides යටතේ ඇතුළත් කොට තිබිණි. මෙය D. paradiseus උපරි විශේෂයක් ලෙස සැලකිණි. නමුත් වලිගයේ රූප විද්‍යාව සහ හඬ අනුව මොවුන් වෙනස් වේ. මොවුන්ගේ වර්ගීකරණ තත්ත්වය පැහැදිළි කරදීමට අණුක-ප්‍රවේණි විද්‍යාත්මක අධ්‍යයන අවශ්‍ය විය. D. paradisesගේ ceylonicus ඇතැම් අන්තර් ශ්‍රේණික දර්ශ සාමාන්‍යයෙන් තෙත් සහ වියළි කලාපය අතර සීමාවේ වාර්තා විය. නමුත් වර්තමානයේ විශේෂාන්තර මුහුම් ද සිදුවිය හැක. එයට හේතුව උචිත වාසස්ථාන මෙම පාරිසරික විද්‍යාත්මක කලාප දෙක අතර නොවීමයි. වර්තමානයේ මෙය විශේෂ දෙකක් ලෙස බෙදා වෙන්කොට ඇත.

ව්‍යාප්තිය

මෙම විශේෂය ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ නිරිතදිග ප්‍රදේශවල දැදුරු ඔයේ සිට වලවේ ගඟ තෙක් දක්නට ලැබේ.

හඳුනාගැනීම

  • ලෝහක නිල් හෝ කොළ පැහැයට හුරුනිල් දිස්නය සහිත කළු පිල්කළඹ
  • හිස්වැස්මක වැනි වක්වූ සිළුව
  • ගැඹුරින් දෙබල් වූ වලිගය
  • රතු ඇස්
  • ලිංගික ද්වීරුපිකතාවක් නැත.

හැසිරීම

සෙසු කවුඩන් මෙන්ම වනාන්තර පක්ෂියකු වන මෙම විශේෂය වන මායිම්, වගාබිම් සහ වනවැස්ම සහිත ගෙවතුවල දැකගත හැක. බොහෝ කවුඩන් මෙන් උස් ලැගුම්වල සිට මොවුන් කෘමීන් මත යැපේ. වෙනත් පක්ෂීන්ගේ නාද අනුකරණය (අනුයෑම) සිදුකරන මොවුන්ගේ හඬ ‍බොහෝවිට ලෝහයකින් පහර දෙන්නාක් වැනි ශබ්දයකි.

ආශ්‍රේයයන්

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශ්‍රී ලංකා සිළු මහ කවුඩා පිළිබඳ තොරතුරු, ශ්‍රී ලංකා සිළු මහ කවුඩා යනු කුමක්ද? ශ්‍රී ලංකා සිළු මහ කවුඩා යනු කුමක් දර්ශනය කරන්නේ?