හැදින්වීම
වෘක්ෂලතා විවිධත්වය ශ්‍රී ලංකාවේ බහුලව දක්නට ලැබේ. ලංකාවේ වෘක්ෂලතා විවිධත්වය දේශගුණික සාධක මත වෙනස් වේ. තෙත් කලාපය, වියළි කලාපය හා අර්ධ ශුෂ්ක කළාපය ගතහොත් වෘක්ෂලතා වෙනස්ය. ශ්‍රී ලංකාවේ වෘක්ෂලතා විවිධත්වයේදී තෙත් කළාපයේ වනාන්තර වැදගත් වේ. වනාන්තර 8% ක ප්‍රමාණයක් මෙම කළාපයේ ව්‍යාප්තව ඇත. ශාක විවිත්ධවය බහුලම වනාන්තරය සිංහරාජය වේ. ඒ වගේම
- කළුගල රක්ෂිතය
- දරණ කන්ද රක්ෂිතය
- කන්නෙලිය වනාන්තරය
- කොට්ටව වනය
- යගිරල වන රක්ෂිතය
- දෙල්ගොඩ රක්ෂිතය
- ඔලියගන් රක්ෂිතය
- බඔර කොටුව රක්ෂිතය
- එරත්ත ගිලිමලේ රක්ෂිතය
- දෙල්ලව රක්ෂිතය
ආදිය තවත් වෘක්ෂලතා විවිධත්වයෙන් පිරි වනාන්තර කිහිපයකි. (මූලාශ්‍රය - සේනානායක පී.එම්.(2005) ශ්‍රී ලංකාවේ වනාන්තර)
ශාක රටා
ඒකීය රටාව
ඒකාකාර පරතරයක් සහිතව පිහිටයි. උදා:- කාන්තාරයක පතොක් ගස්
ගොනු රටාව
ශාක ගොමු වශයෙන් පිහිටයි. උදා:- දිය කඳුරක් අසල පුවක් ගස්
අහඹු රටාව
ශාක අහඹු ලෙස පැතිරේ. දුරාවාර රටාව ලෙසද හඳුන්වයි. උදා:- ජලයෙන් හෝ සුළඟින් ගසා ගෙන යන බීජ
වෘක්ෂලතා වල කාර්ය භාරය
- පරිසර පද්ධතියක ජෛව සංරචකයක් වීම (ප්‍රභා සංස්ලේෂණය)
- ජලය උත්ස්වේදනය කිරීමෙන් ජල චක්‍රයට හවුල් වීම
- ශක්ති ගලනයට දායක වීම (ප්‍රාථමික පාරිභෝගිකයන්ගේ ආහාරයක් වීම)
- මිනිසාට ආහාර සපයන මාධයක් වීම
- සෙවන, ලී දඩු, දැව ඉන්ධන, ඹෟෂධ ලබා දීම
- සතුනට වාසස්ථාන ලබා දීම
- ජීවීන්ට අවශ්‍ය ඔක්සිජන්ලබා දිම
- පස ආරක්‍ෂා කිරීම හා පෝෂණය කිරිම
- පංශු ජලය, භූගත ජලය හා ජල උල්පත් ආරක්‍ෂා කිරීම
- නාය යෑම වැළැක් වීම
- පරිසර දූෂණය අවම කිරීම
- පරිසරයේ සුන්දරත්වය ආරක්‍ෂා වීම
- මිනිසාට සතුට සැනසුම විනෝදය ලැබීමට රුකුලක් වීම
තෙත් කලාපයේ වෘක්ෂලතා විවිධත්වය
යම් බිමක ශාක විශේෂ විශාල ප්‍රමාණයක් ඇති නම් එය වෘක්ෂ ලතා විවිධත්වයයි. තෙත් කලාපයේ මෙම ලක්ෂණය බහුලව දැක ගත හැකිය. උදා- සිංහරාජ වනාන්තරයේ අක්කර එකක් වූ නියැදි ප්‍රදේශ 10 ක වෘක්ෂලතා විශේෂ පමණක් 145 ක් තරම් විශාල ප්‍රමාණයක් ඇත. කන්නෙළිය දෙදියගල හා කොට්ටව වනාන්තර තවත් උදාහරණ වේ.
01. වගුව
| විස්තරය | කන්නෙලිය | දෙදියගල | කොට්ටව |
|---|---|---|---|
| මුළු ශාක විශේස ගණන | 144 | 107 | 98 |
| මුළු ශාක ගණන | 1773 | 1067 | 463 |
| පදුරු පැළෑටි සමග සියළුම ශාක | 301 | 280 | 295 |
| කාෂ්ඨික ශාක | 234 | 189 | 295 |
(මූලාශ්‍රය- ජාතික සංරක්ෂණ විමසුම-1993, දයාවංශ-2000)
මේ කරුණු වලට අමතරව,
- ශාක මීටර් 50-60 ත් අතර උස් වීම
- ශාක වල කදන් සෘජු වීම
- ප්‍රමාණයෙන් ශාක විශාල වීම හා ඉහල පුළුල්ව පැතිරීම
- කරු සහ කයිරු මුල් පැවතීම
- ශාක ස්ථර කිහිපයකින් පැවතීම
වැනි ලක්ෂණ මත තෙත් කලාපයේ වෘක්ෂලතා විවිධත්වය කැපි පෙනේ.
තෙත් වැසි වනාන්තර(සිංහරාජය)
තෘණභූමි
වෘක්ෂලතා විවිධත්වයට හේතු
ශ්‍රී ලංකාවේ හමු වන ශාක වශේෂ අතරින් 90% ට ආසන්න ප්‍රමාණයක් ඇත්තේ තෙත් කළාපයේය. ඒ වගේම සමස්ත ලංකාවේ වෘක්ෂලතා විවිධත්වය දැකිය හැකිය.
එසේ වීමට හේතු
01.උෂ්ණත්වය
රටක උෂ්ත්වය කෙරෙහි අක්ෂාංශ ,උච්චය හා මුහුදේ සිට ඇති දුර යන සාධක බලපායි. ලංකාව කුඩා දුපතක් වගේම සමකයට ආසන්නව පිහිටීම නිසා වර්ෂය පුරාම ඉහළ උෂ්ණත්වයක් ලැබේ. වසර පුරා තෙත් කළාපයට ඉහළ උෂ්ණතවයක් ලැබෙන අතර එය වැලැක්වීමට රට හරහා හමන සුළං හා වළාකුළු ආවරණය උපකාරී වේ.නිරිත දිග ප්‍රදේශය සමුද්‍ර ආසන්න දේශගුණයක් ඇති බැවින් වෘක්ෂලතා විවිධත්වය ඉහළය. උදාහරණ- සිංහරාජයේ සාමාන්යි උෂ්ණත්වය සෙල්සියස් අංශක 18-27 ත් අතර වේ. සිංහරාජයේ සාපේක්ෂ ආර්ද්‍රතාවය 75-80% ත් අතර වේ.
02.වර්ෂාපතනය
ශ්‍රී ලංකාවට ප්‍රධාන ලෙස පළමු අන්තර් මෝසම, නිරිතදිග මෝසම, දෙවන අන්තර් මෝසම හා ඊසාන දිග මෝසම මගින් වර්ෂය පුරා වැඩි වර්ෂාපතනයක් ලැබේ. නිරිත දිග මෝසම මගින් තෙත් කළාපයට ලැබෙන වර්ෂාපතනය ඉහළය. මේ නිසා වනාන්තර වර්ධනය වැඩි වන අතර වෘක්ෂලතා විවිධත්වයද වැඩිය. උදාහරණ- සිංහරාජයට ලැබෙන වර්ෂාපතනය මිලිමීටර් 1614 සිට 5006 අතර වේ.
03.පස
ශ්‍රී ලංකාව පුරා විවිධ වු පස් වර්ග රාශියක් ඇති අතර එය කළාප අනුව වෙනස් වේ.මෙහිදී තෙත් කළාපයේ පස තද දුබුරු පැහැයෙන් යුක්ත වේ. එය හියුමස් පස ලෙස හදුන්වයි. මෙය සාරවත් පසක් බැවින් වෘක්ෂලතා වර්ධනය වැඩි බැවින් වෘක්ෂලතා විවිධත්වයද වැඩිය.
වෘක්ෂලතා විවිධත්වයේ වැදගත්කම
- ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම
වෘක්ෂලතා විවිධත්වය වැඩි බැවින් ජෛව විවිධත්වයද වැඩිය. ලංකාවෙන් හමු වන ශාක විශේෂ වලින් 90% ක් පමණ ඇත්තේ මුළු භූමියෙන් 23% වන තෙත් කළාපයේය. වැඩිම විවිධත්වයක් සිංහරාජය තුළ දැක ගත හැකිය.
- කාබන් තිර කර ගැනීම
ශ්‍රී ලංකාවේ ඇති වනාන්තර මගින් විශාල කාබන් ප්‍රමාණයක් තිර කර ගැනීම සිදු කරයි. මේ මගින් ප්‍රභාසංස්ලේෂණය ඉහල වේ.
- පාංශු ඛාදනය වැලැක්වීම
වෘක්ෂලතා වැඩි වු විට වර්ෂා පතනය සෘජුව පොළොවට පතිත නොවේ. මේ නිසා පස සෝදා යෑම අවම වේ.
- ජල මුලාශ්‍ර ආරක්ෂා කිරීම
වෘක්ෂලතා වැඩි ප්‍රදේශවල ජලය මතු පිට රදවා ගැනීම සිදු කරයි. මේ නිසා භූ ගත ජලය පොළොව මතු පිට පවතී.
- වායු ගෝලිය සංයුතිය රැක ගැනීම
- කඩොලාන ආරක්ෂා කිරීම
- මානව කටයුතු සදහා
වෘක්ෂලතා විවිධත්වය ආරක්ෂා කිරීමට ගෙන ඇති විධිවිධාන
මානව ක්‍රියාකාරකම් නිසා විශාල ලෙස වෘක්ෂලතා විවිධත්වය විනාශවීම වර්තමානය වන විටත් දැක ගත හැකිය. එලෙස හායනය වු ස්ථාන ජෛව විවිධත්ව උණුසුම් ස්ථාන ලෙස හදුන්වයි.මෙය ආරක්ෂා කිරීමට විධිවිධාන ගෙන ඇත.
ජාතික උරුම වන භූමි පනත
වනාන්තරවල වන සතුන් ආරක්ෂා කිරීම සදහා ඇති නීති රීති ඇතුළත් වේ. මෙය 1938 අංක 3 දරණ ජාතික උරුම වන භූමි පනත ලෙස ස්ථාපිත කර ඇත.
කැළෑ ආඥා පනත
වනාන්තර ආරක්ෂා කිරීමේ විධිවිධාන ඇතුළත් අතර 1995 අංක 23 දරණ කැළෑ සංශෝධිත පනත ලෙස හදුනවයි.
වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ ආඥා පනත
වන සත්ව හා වෘක්ෂලතා සංරක්ෂණය කිරීම සහ එම වන සත්වයින් හා වෘක්ෂලතා වානිජ වශයෙන් ප්‍රයෝජනයට ගැනීම වැලැක් වීම සඳහා විධිවිධාන ඇතුළත් වේ.
අපනයන පනත
වනාන්තරවල දැව, කැළෑ ගස්, බීජ, වන නිෂ්පාදන පිටරට යැවීම පිළිබදව බලපවත්වන නීති ඇතුළත් 03/2001 වන සම්පත් හා පාරිසරික අමාතයාංශයේ චක්‍ර ලේඛනයකි.
සබැදි පිටු
සමාලෝචනය
සමස්තයක් ලෙස ලංකාවේ කලාප අනුව වෘක්ෂ ලතා විවිධත්වය වෙනස් වන අතර තෙත් කලාපයේ වැඩි විවිධත්වයක් දැකගත හැකිය. විවිධත්වය වැඩිම වනාන්තරය ලෙස සිංහරාජය හැදින්විය හැකිය. ලංකාවේ බොහෝ මිනිස් ජීවිත වනාන්තර මත රදා පවතින බැවින් වෘක්ෂලතා හායනය සිදු වී ඇත. මෙය වැලැක්වීමට නීති රීති රජය මගින් ගෙන ඇත.
ආශ්‍රිත ග්‍රන්ථ
- විජේසිංහ ඉවෝන්-(1984) ශ්‍රීම ලංකාවේ දේශගුණය වෘක්ෂලතා සහ කෘතීම වනාන්තර.
- හෙට්ටිආරච්චි නිශාන්ත ශ්‍රී ලාල්-(2001) සිරිලක වනගොමු
- සේනාරත්න පී.එම්.-(2005) ශ්‍රී ලංකාවේ වනාන්තර
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශාක විවිධත්වය - ශ්‍රී ලංකා පිළිබඳ තොරතුරු, ශාක විවිධත්වය - ශ්‍රී ලංකා යනු කුමක්ද? ශාක විවිධත්වය - ශ්‍රී ලංකා යනු කුමක් දර්ශනය කරන්නේ?