සචිනි අයේන්ද්‍රා

සචිනි අයේන්ද්‍රා ස්ටැන්ලි (1982.04.08) යනු ශ්‍රී ලාංකික නිළියක සහ නිරූපිකාවක වෙයි. 2003 වසරේ ශ්‍රී ලංකා රූ රැජින කිරුළ හිමිකරගත්තේද ඇයයි.

සචිනි අයේන්ද්‍රා
උපත
සචිනි අයේන්ද්‍රා ස්ටැන්ලි

අප්‍රේල් 8, 1982 (1982-04-08) (වයස 43)
වෘත්තියsනිළියක, නිරූපිකාවක
සක්‍රීය වසර2003–වර්ථමානය තෙක්
Spouseඉෂාංග මහීපාල (2009)

මුල් අවධිය

1982 වසරේ අප්‍රියෙල් 8 දින ශ්‍රී ලංකාවේ මහනුවරදී උපන් අයේන්ද්‍රා, සිය අධ්‍යාපන කටයුතු හිල්වුඩ් විද්‍යාලයෙන් හදාරණ ලදී.

වෘත්තීය දිවිය

2002 වසරේ මහනුවර පැවැති නිරූපණ තරඟයකින් ජය ගත් අයේන්ද්‍රා, එම වසරේම එළිෆන්ට් හවුස් හා ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් නිර්මාණය කරන ලද රූපවාහිනී ප්‍රචාරණ දැන්වීම් ද්විත්වයක පෙනී සිටියාය. 2003 වසරේදී ඇය ශ්‍රී ලංකා රූ රැජින ලෙස කිරුළු පළඳිමින් එම වසරේ ලෝක රූ රැජින තරඟය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කලාය.

පසුව 2004 වසරේදී ශ්‍රී ලංකා රිදී තිරයට පිය නැගූ අයේන්ද්‍රා, සිය කුළුඳුල් රංගනයෙන් දායක වූ ආදරණීය වස්සානය චිත්‍රපටය එකල වාණිජ වශයෙන් සාර්ථක චිත්‍රපටියක් බවට පත් විය. එම චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඇයට සිග්නීස් චිත්‍රපටි සම්මාන උළෙලේදී හොඳම සහය නිළිය සම්මානය හිමිවූ අතර, සරසවිය හා ජනාධිපති සම්මාන උළෙලවල්හීද, හොඳම සහය නිළිය සිනමා සම්මානය වෙනුවෙන් ඇයව නිර්දේශ වූ බව සඳහන් වෙයි.

රිදී තිරය

රංගන ශිල්පිනියක ලෙස

වසර චිත්‍රපටය චරිතය වෙනත් කරුණු
2003 ආදරණීය වස්සානය සිග්නීස් චිත්‍රපටි සම්මාන උළෙල හොඳම සහය නිළිය සම්මානය - සචිනි අයේන්ද්‍රා
සරසවිය සම්මාන හොඳම සහය නිළිය සම්මානය - නිර්දේශිත
ජනාධිපති සිනමා සම්මාන හොඳම සහය නිළිය සම්මානය - නිර්දේශිත
2007 සංඛාරා ගැමි තරුණිය
2008 හාර්ට් එෆ්එම් ශාක්‍යා
2010 ලිවින්ග් විත් හෝප්
2010 අඟර දඟර නදී

නිෂ්පාදකවරියක ලෙස

  • 2010 - අඟර දඟර

ආශ්‍රිත

  1. SaNDun (19 දෙසැම්බර් 2007). "'සචිනි අයේන්ද්‍රා බයෝ'".
  2. "'www.sachiniayendra.webs.com'".

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සචිනි අයේන්ද්‍රා පිළිබඳ තොරතුරු, සචිනි අයේන්ද්‍රා යනු කුමක්ද? සචිනි අයේන්ද්‍රා යනු කුමක් දර්ශනය කරන්නේ?