සර්ගම් ගීත වූ කලී ස්වරයන්ගෙන් පමණක් සුසැදි රාගයන්ට සුවිශේෂී වූ, යම් ථාටයකින්(මේලයකින්) සැදි රාගයකට අනුකූලව ගොඩනැගුණකි. සෑම රාගයකට ම සර්ගම් ගීතයක් අඩංගු වේ.රාගයට අදාල සියලු විශේෂ ස්වර සංගතීන් මෙම සර්ගම් ගීතවල පවතී.ත්රිතාල්,ජප්තාල් වැනි තාලවලින් බොහෝ විට සර්ගම් ගීත ගැයෙන අතර ඒක් තාලයෙන් සර්ගම් ගැයෙන අවස්ථා ද නැතුවා නොවේ.ස්වර මාලිකා යන නාමයෙන් ද මෙම සර්ගම් ගීත හැඳින්වේ.
වැදගත්කම
ආධුනිකයන්ට සර්ගම් වැදගත් වනුයේ පහත කාරණා පිණීසය.
- සර්ගම් ගී වැයීම/ගැයීම රාගයක මූලික රූප හඳුනාගැනීමට පහසුවකි.
- රාගාවබෝධය ලැබීමට හැඳිනීමට.
- රාගවල ස්වර සංගති දැනීමට.
- තාලාවබෝධය ලැබීමට.
- ස්වර නිමැවීමේ කුසලතා වර්ධනයට.
- රාගානුකූල ගායන/වාදන ඉගැනුමට.
බිලාවල් රාගය සඳහා වූ එක් සර්ගම් ගීතයක් පහතින් දැක්වේ.
- තාලය- ත්‍රිතාලය
- තාලය- ත්‍රිතාලය
ස්ථායි
- 3 / X / 2 / O
- G P D N / S - D P / M G M R / S R S -
- G - M R / G P D N / S N D P / M G R S
අන්තරා
- P P D N / S - S S / D N S R / S N D P
- G R S N / D P N D / S N D P / M G R S
කාෆි රාගය සඳහා වූ එක් සර්ගම් ගීතයක් පහතින් දැක්වේ.
භීම්පලාශ්‍රී රාගය සඳහා වූ එක් සර්ගම් ගීතයක් පහතින් දැක්වේ.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සර්ගම් ගීත පිළිබඳ තොරතුරු, සර්ගම් ගීත යනු කුමක්ද? සර්ගම් ගීත යනු කුමක් දර්ශනය කරන්නේ?