ස්වර්ණා මල්ලවආරච්චි (උපත 1948)[තහවුරු කර නොමැත] සිංහල සිනමාවේ සම්මානනීය නිළියකි. කොළඹ ග්‍රෑන්ඩ්පාස් හී උපන් ස්වර්ණා මූලික අධ්‍යාපනය ලැබුවේ ග්‍රෑන්ඩ්පාස් විජයබා විදුහලෙන් හා බොරැල්ල යශෝධරා බාලිකා විද්‍යාලයෙනි.
ස්වර්ණා මල්ලවආරච්චි | |
|---|---|
ස්වර්ණා මල්ලවආරච්චි (වම) | |
| උපත | 1948 August 01 (age 75) |
| රැකියාව | චිත්‍රපට නිළියක |
| සක්‍රීය වසර | 1966–වර්තමානය |
චරිතාපදානය
1973 දී ස්වර්ණා විදේශගත වූවාය. එංගලන්තයේත් ඕස්ට්‍රේලියාවෙත් විවිධ වෘත්තීන් හී යෙදුණ ඇය ආපසු ලංකාවට පැමිණියේ 1978 ටේදීය. ඒ ‘සිංහබාහු’ චිත්‍රපටයේ රඟපෑම සඳහා එහි ප්‍රධාන චරිතය නිරූපණය කළ ජෝ අබේවික්රමයන්ගෙන් ලද ඇරියුමක් පරිදිය. එය ස්වර්ණාගේ රංග කලා ජීවිතයේ දෙවැනි යුගයක ඇරඹුම ලෙස සටහන් කළ හැකිය.
චිත්‍රපට
| වසර | චිත්‍රපටය | අධ්‍යක්ෂණය | චරිතය | වෙනත් |
|---|---|---|---|---|
| 1966 | සත් සමුදුර | සිරි ගුණසිංහ | ||
| 1967 | හන්තානේ කතාව | |||
| මල්දෙණියේ සිමියොන් | ගුණවතී | |||
| අංජනා | ||||
| සිංහබාහු | ||||
| හංස විලක් | ||||
| 1982 | රිදී නිම්නය | |||
| යහළු යෙහෙලි | සුමිත්‍රා පීරිස් | ජිනාදරී | ||
| බිත්ති හතර | ||||
| 1984 | දඩයම | වසන්ත ඔබේසේකර | රත්මලී කැකුළාවල | |
| මායා | සුමිත්‍රා පීරිස් | |||
| 1985 | සුද්දිලගේ කතාව | ධර්මසිරි බණ්ඩාරනායක | සුද්දි | 1985 OCIC සම්මාන - හොඳම නිළිය ,1985 සරසවිය සම්මාන - හොඳම නිළිය |
| 1988 | කැඩපතක ඡායා | වසන්ත ඔබේසේකර | ||
| සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා | සුමිත්‍රා පීරිස් | හීන් කෙල්ල | සරසවිය, සිග්නිස් හොඳම නිළිය සම්මාන | |
| අයෝමා | ||||
| මදාරා පරසතු | ||||
| මී හරකා | ||||
| 1997 | භව දුක | |||
| 1998 | භව කර්ම (1998) | |||
| චන්න කින්නරී | ||||
| 2001 | අනන්ත රාත්‍රිය | |||
| 2016 | ඇගේ ඇස අග | අශෝක හඳගම |
ලබාගත් සම්මාන
- 1981 ජනාධිපති සම්මාන - හොඳම නිළිය - හංස විලක්
- 1982 OCIC සම්මාන - හොඳම නිළිය - රිදී නිම්නය/බිත්ති හතර/යහළු යෙහෙලි
- 1983 සරසවිය සම්මාන - හොඳම නිළිය - දඩයම
- 1983 OCIC සම්මාන - හොඳම නිළිය - දඩයම
- 1984 OCIC සම්මාන - හොඳම නිළිය - මායා
- 1985 OCIC සම්මාන - හොඳම නිළිය - සුද්දිලගේ කතාව
- 1985 සරසවිය සම්මාන - හොඳම නිළිය - සුද්දිලගේ කතාව
- 1986 ජනාධිපති සම්මාන - හොඳම නිළිය
- 1988 ස්වර්ණසංඛ සම්මාන - හොඳම නිළිය - සාගර ජලය
- 1988 සරසවිය සම්මාන - හොඳම නිළිය - සාගර ජලය
- 1988 OCIC සම්මාන - හොඳම නිළිය - සාගර ජලය
- 1998 OCIC සම්මාන - හොඳම නිළිය - චන්න කින්නරී
- 1989 ස්වර්ණසංඛ සම්මාන - හොඳම නිළිය - කැඩපතක චායා
- 1989 OCIC සම්මාන - හොඳම නිළිය - කැඩපතක චායා
- 1997 OCIC සම්මාන - හොඳම නිළිය - බව දුක
- 1997 සරසවිය සම්මාන - හොඳම නිළිය - භව දුක
- 1997 ජනාධිපති සම්මාන - හොඳම නිළිය - භව දුක
- 1998 ජනාධිපති සම්මාන - හොඳම නිළිය - චන්න කින්නරී
- 1998 සරසවිය සම්මාන - හොඳම නිළිය - චන්න කින්නරී
- 2001 OCIC සම්මාන - හොඳම නිළිය - අනන්ත රාත්‍රිය
- රණ තිසර යාව ජීව කර්තව්‍යය සම්මානය
- Bangladesh Film Development Board Award
- Zonta Woman of the Year Award
- Sanpac Felicitation Award
මූලාශ්‍ර
- Tucker, Neely (14 January 2005). "Off-Screen Activist". Washington Post. සම්ප්‍රවේශය 24 May 2010.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ස්වර්ණා මල්ලවආරච්චි පිළිබඳ තොරතුරු, ස්වර්ණා මල්ලවආරච්චි යනු කුමක්ද? ස්වර්ණා මල්ලවආරච්චි යනු කුමක් දර්ශනය කරන්නේ?