history
උතුරු අප්‍රිකාවේ නැගෙනහිරට වන්නට නයිල් ගඟ ආශ්‍රිතව මෙම පැරණි ඊජිප්තු ශිෂ්ටාචාරය විහිදී පැවතිණි. මෙම ශිෂ්ටාචාරයේ ආරම්භය ක්‍රි.පූ 3150 දී සිදුවිණි. එය පළමුවන පාරාවෝ රජු විසින් උතුරු හා දකුණු ඊජිප්තුව එක්සේසත් කිරීමත් සමඟම ඇතිවිණි. එසේ ඇරඹුණු ඊජිප්තු ශිෂ්ටාචාරයේ මුල් කාලවලදී දේශපාලනික වශයෙන් අස්ථාවර භාවයක් දක්නට හැකිවිය. ක්‍රි.ව 31 පමණ වන විට පාරාවෝ රජ පෙළපතේ අවසානයත් සමඟම ඊජිප්තුව රෝම අධිරාජ්‍යයට යටත් විණි.
නයිල් ගඟ ආශ්‍රිතව පැවති ඊජිප්තුව එකල වාරිකර්මාන්තය හා කෘෂිකාර්මික වශයෙන් දියුණුවක් අත්කරගෙන තිබිණි. ස්වභාවික සම්පත් බහුල වු ඊජිප්තුව, නයිල් නිම්න මිටියාවත් හා කාන්තාර ප්‍රදේශයන් පුරාවට පැතිර තිබුණු වටිනා ඛනිජ නිධිවලටද උරුමකම් කීය. දියුණු කෘෂිකාර්මික ව්‍යාපෘති ශක්තිමත් වෙළෙඳ සම්බන්ධතාවයකට හිමිකම් කී පුරාණ ඊජිප්තු රාජ්‍යය පාරාවෝවරු විසින් පත්කරන ලද ආගමික නායකයින් විසින් හා වෙනත් උගතුන් විසින් පාලනය කරන ලදහ.t 203.189.78.202 13:10, 26 ජූනි 2025 (යූටීසී)
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පුරාණ ඊජිප්තුව පිළිබඳ තොරතුරු, පුරාණ ඊජිප්තුව යනු කුමක්ද? පුරාණ ඊජිප්තුව යනු කුමක් දර්ශනය කරන්නේ?