සාන්ත සර්වේසස් විද්‍යාලය දකුණු ලක මාතර දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.
අතීතය
වසර 100කට වඩා පැරණි සාන්ත සර්වේසස් විද්‍යාලය' 1897 නොවැම්බර් මස 2වන දින ආරම්භ කරන ලදි.බෙල්ජියම තුල විසු සාන්ත සර්වේසස් බ්ශොප් වරයාගෙ නම මෙයට යොදන ලදි. අනෙත් සාන්ත සර්වේසස් විද්‍යාලය පිහිටා තිබුනේ බෙල්ජියම තුලය.
සාන්ත සර්වේසස් විද්‍යාලය 1897 නොවැම්බර් මස 2වන දින මුලින් පිහිටුවා ඇත්තේ මතර පල්ලිමුල්ලේ නිල්වලා ගග අසලය. එහි මුලිකත්වය ගනු ලැබුවේ පුජ්‍ය. ස්ටෑන්ඩර්ට් පියතුමා විසිනි.
පසුව එය මාතර කොටුවේගොඩ වර්තමනයේ අති ස්ථානයට ගෙන ගොස් ඇත. 1961 දී රජයට පවරා ගත් අතර 1993 මාර්තු 14 දින මෙය ජාතික පාසලක් කරන ලදි.
වත්මන් සර්වේසස් විද්‍යාලය
මාතර නගරයේ ඉපැරැණිතම විදුහලක් වන අතර අද වන විට සිසුන් 2000 කට වඩා සාන්ත සර්වේසස් විද්‍යාලය තුල ඉගනුම ලබන අතර 100 කට අදික ගුරු මඩුල්ලක් ඔවුනට මග පෙන්වයි. වත්මන්(2019 to present) විදුහල්පති එච්.කේ ලසන්ත විරාජිත් මහතා ය.
විද්‍යාලයාධිපතිවරු
| Name | Period | |
|---|---|---|
| 01. | පුජ්‍ය. ස්ටෑන්ඩර්ට් පියතුමා | 1897 – 1901 |
| 02. | පුජ්‍ය. ඇඩොල්ෆස්ට් පියතුමා | 1901 – 1905 |
| 03. | පුජ්‍ය. ඇන්ත් වෙඑපොන් පියතුමා | 1905 |
| 04. | පුජ්‍ය. ඩබ්ලිව්. වික්‍රමසින්හ පියතුමා | 1905 – 1910 |
| 05. | පුජ්‍ය. බර්නාර්ඩ් පියතුමා | 1910 |
| 06. | සැම්සොන් කොස්තා | Unknown |
| 07. | පුජ්‍ය. ෆුරුස්ට්රටෙ පියතුමා | 1922 |
| 08. | පුජ්‍ය.ඕ. ෆෙරොන් පියතුමා | 1922 – 1930 |
| 09. | පුජ්‍ය.ඇස්.ජි. පෙරේරා පියතුමා | Unknown |
| 10. | පුජ්‍ය.ඇස්. ක්රොබ්ග් පියතුමා | Unknown |
| 11. | පුජ්‍ය. ඹෙස්ටිනේර්ස් පියතුමා | Unknown |
| 12. | පුජ්‍ය. ටෙරෙන්ස් ද සීල්වා පියතුමා | 1930 – 1933 |
| 13. | පුජ්‍ය. මාර්ක් ඇන්ටොනි පියතුමා | Unknown |
| 14. | පුජ්‍ය. බුගුස්ට් පියතුමා | 1942 – 1945 |
| 15. | පුජ්‍ය. ඇන්ගි පියතුමා | 1945 |
| 16. | පුජ්‍ය. ඇල්ලෙස් පියතුමා | 1945 |
| 17. | පුජ්‍ය. ගයිඩ් පියතුමා | 1945 – 1947 |
| 18. | පුජ්‍ය.රාජපක්ශ. ජේ. පියතුමා | 1947 – 1966 |
| 19. | ඒස්.එ.ඇම්. උනවීර | 1967 – 1968 |
| 20. | ජේ. ෂෙල්ටන් ද සිල්වා | 1968 – 1970 |
| 21. | එස්.කේ.එච්. ජයවර්ධන | 1970 – 1971 |
| 22. | ජී.එල්. ගලප්පත්ති | 1971 – 1985 |
| 23. | කේ.එ. ධර්මදාස | 1985– 1986 |
| 24. | එම්.ජේ.ගූනසේකර | 1987 – 1997 |
| 25. | එ.එච්.එන්.ජයවීර | 1997 |
| 26. | එම්.ආර්.එම්.වීජේසිංහ | 1997 – 1998 |
| 27. | ඩ්. ජයවීර | 1998 – 2000 |
| 28. | ඩබ්ලිව්. සොමවන්ත | 2000 – 2001 |
| 29. | කොඩිප්පිලි | 2001 – 2002 |
| 30. | ඩ්.විදානපතිරන | 2002 – 2008 |
| 31. | ඩබ්ලිව්.බී. නිමලසිරි වනිගබදුගෙ | 2008–2012 |
| 32. | අශෝක කුමාර | 2012 – April 2013 |
| 33. | කේ. රණසිංහ | April 2013 – October 2014 |
| 34. | එම්. රත්නසේකර | October 2014 – 2018 |
| 35. | කේ. එච්. එල්. එම්. කෞෂල්‍ය | 2018 –2019 |
| 36. | එච්.කේ ලසන්ත විරාජිත් | 2019 – present |
විද්‍යාලයීය නිවාස
- ඇඩොල්ෆස්ට් වර්ණය: කොළ
- බර්නාර්ඩ් වර්ණය: කහ
- ස්ටෑන්ඩර්ට් වර්ණය: රතු
- වෝල්ටර් වර්ණය: නිල්
සර්වේසස් විද්යාලයීයආදි ශිෂ්‍ය සංගමය
මෙහි ශාඛා දෙකකි.
1. කොළඹ ආදි ශිෂ්‍ය සංගමය
2. මාතර ආදි ශිෂ්‍ය සංගමය
විද්‍යාලයීය ගීතය
සරසවි නිවසන රසකාමී
සිරිකත ගැවෙසන සරු භූමී
රණ හඬ පැතිරෙන රණ භූමී
අප පණ ගැන්වූ ජය භූමී
ශාන්ත ශර්වේසස් මහ විදුහල් මාතා සැරදේවා........//
විදුසක් දැනුමෙන් ලලිත කලා
රසයෙන් හැඟුමෙන් ඔකඳ වෙලා
පෙරමුණ ගෙන යති දෑ අභිමානේ
මව්නි ඔබේ දරුවෝ.............//
සරසවි නිවසන රසකාමී
සිරිකත ගැවෙසන සරු භූමී
රණ හඬ පැතිරෙන රණ භූමී
අප පණ ගැන්වූ ජය භූමී
ශාන්ත ශර්වේසස් මහ විදුහල් මාතා සැරදේවා........//
ජය බෙර හඬ ජය පිටිය කරා
ජය සක් නාදය දිගත පුරා
පතුරති හැමවිට දෑ අභිමානේ
මව්නි ඔබේ දරුවෝ.............//
සරසවි නිවසන රසකාමී //
ක්‍රීඩා
බොහෝ සර්වේසස් ශිෂ්‍යයෝ බොහෝ ක්‍රීඩා සඳහා ඇල්මක් දක්වති. එසේ ම බොහෝ ජාතික ක්‍රීඩාවන් සර්වේසස් විද්‍යාලයේ පුහුණු කෙරේ.
|
|
|
රුහුණු මහා නිල් සටන (Battle of blues)
ශාන්තුවරුන්ගේ නිල් සංග්‍රාමය හෙවත් රුහුණු මහා නිල් සටන මාර. සාන්ත තොමස් විද්‍යලය සමග පුරා වසර 116 ක් පුරා වාර්ශිකව පවත්වා අැත. මෙය ශ්‍රී ලංකාවේ 2 වැනි පැරණිතම මහා ක්‍රිකට් තරඟයයි.
නිර්දේශය
- "The history of St. Servatius College".
- "Established".
- "The pioneer of the school".
- "Present Premises".
- "Number of Students".
- "Number of Teachers".
- "Principal of the school".
මේවාත් බලන්න
විද්‍යාලයීය අඩවි
- St. Servatius' college Official Web Site
වෙනත්
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සාන්ත සර්වේසස් විද්‍යාලය පිළිබඳ තොරතුරු, සාන්ත සර්වේසස් විද්‍යාලය යනු කුමක්ද? සාන්ත සර්වේසස් විද්‍යාලය යනු කුමක් දර්ශනය කරන්නේ?