සැටර්න් V (සඳ රොකට්ටුව ලෙස හඳුන්වන) යනු 1967 හා 1973 අතර කාලයේ දී නාසාහි ඇපලෝ හා ස්කයිලැබ් වැඩසටහන් විසින් භාවිතා කැරුණු බහු-අදියර ද්‍රව ඉන්ධනවලින් බල ගැන්වුණු රොකට්ටුවකි.
සැටර්න් රොකට්ටු පවුලේ විශාලතම රොකට්ටුව වූ සැටර්න V, ඇලබාමා, කන්ස්විල් හි මාෂල් අභ්‍යවකාශ ගමන් මධ්‍යස්ථානයේ දී වර්නර් වොන් බ්‍රෝන්ගේ අධීක්ෂණය යටතේ බෝයි, උතුරු ඇමරිකානු ගුවන් සමාගමක්, ඩග්ලස් ගුවන් යානා සමාගම හා IBM සමාගම ප්‍රධාන කොන්ත්‍රාත්කරුවන් ලෙස හවුල් කර ගනිමින් නිපදවිණි. එය උසින්, බරින් හා කාර්යය භාරය නගා සිටුවීම ලක්ෂයෙන් මෙතෙක් ක්‍රියාකාරීත්වයට ගෙන ආ නිකුත් කිරීමේ වාහනය විය. 1980 දශකයේ පසු භාගයේ දී පර්යේෂණ මෙහෙයුම් දෙකක පමණක් නිපදවූ එනර්ජියානු රොකට්ටුවට ඊට වඩා යන්තමින් වැඩි නිකුත් වීමේ තෙරපුමක් තිබිණි.
නාසා විසින් 1967 හා 1973 අතරතුරේ දී කාර්යය භාරයේ අඩුවක් නොමැතිව සැටර්න් V රොකට්ටු 13 ක් නිකුත් කළේය. සැලසුම් කළ කාර්ය භාරය වුයේ නාසා ආයතනය විසින් චන්ද්‍රගොඩබෑම් සඳහා භාවිතා කැරුණු මිනිසුන් සහිත අභ්‍යවකාශ යානා නිපදවීම වු අතර සැටර්න් V රොකට්ටුව ස්කයිලැබ් අභ්‍යවකාශ මධ්‍යස්ථානය නිකුත් කිරීම සඳහා සහය දිනි.
සැටර්න් V රොකට්ටුව තුන්වැනි අදියර විවිධ නාසා කොන්ත්‍රාත්කරුවන් විසින් නිපැදැවුණත් සංයුක්ත බව පිළිබඳ ශ්‍රේණියක් අනුගමනය කිරීම හා ඒ සියල්ල පාලනය දැන් අයිතිව ඇත්තේ බෝයිං සමාගමට යි. ප්‍රථම හා දෙවන අදියරවල් පිරික්සෙන්නේ මිසිසිපිහි සෙන්ට් ලුවිස් බොක්ක අසල පිහිටි ස්ටෙනිස් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දී ය. පසුව එම පහසුකම අභ්‍යවකාශ ෂටලයේ ප්‍රධාන එන්ජිම හා වර්තමානයේ දී ඩෙල්ටා රෝමන් 4 EELV රොකට්ටුවේ හා අනාගතයේ දී ඒරස් 5 රොකට්ටුවේ භාවිතා කරන RS 65 රොකට් එන්ජිම පිරික්සීමටත් එයට අවශ්‍ය වෙනස්කම් සිදු කිරීමටත් යොදාගැනිණි.
සටහන්
- Saturn_V
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සැටර්න් V පිළිබඳ තොරතුරු, සැටර්න් V යනු කුමක්ද? සැටර්න් V යනු කුමක් දර්ශනය කරන්නේ?