ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය ක්‍රමය සිංහල වෙදකම හෙවත් හෙළ වෙදකම නම්වේ. මෙය අපට වෙනත් කිසිඳු රටකින් හඳුන්වාදෙන ලද්දක් නොව අප රටෙහි සිටි ඉපැරණි යක්ඛ, නාග, රාක්ෂ, දේව ආදී වංශිකයින් විසින් ආරම්භ කරන ලද්දකි.. ආයුර්වේදය හා හෙළ වෙදකම යනු පැහැදිලිවම දෙකකි. මෙය මහනුවර යුගයේ සිටම පටලවා වටහාගත් දෙයකි. හෙළ වෙදකම යනු ආයුර්වේදයට වඩා ප්‍රතිඵලදායී මෙන්ම දේශීය සම්භවයක් ඇති වෛද්‍ය ශාස්ත්‍රයකි. නමුත් වර්තමානයේ මේ දෙකෙහි සමානකම් ඇත. එයට ඓතිහාසික සිදුවීම් රාශියක් හේතුවේ. යන්ත්‍ර-මන්ත්‍ර-ගුරුකම් ශාස්ත්‍ර භාවිතයෙන් ලෙඩ රෝග සුවකිරීම ආදී නොයෙකුත් විස්මිත ප්‍රතිකාර ක්‍රම රාශියක් මෙහි පවතී.
සිංහල වෙදුන්
ඓතිහාසික සිංහල වෙදවරු
වත්මන් සිංහල වෙදදුරන්
එස් එම් සී පී බණ්ඩාර වෙද මහතා
සිංහල වෙදකමේ අංග
- සර්වාංග වෙදකම
- සර්ප වෙදකම
- කැඩුම්-බිඳුම් වෙදකම
- ගෙඩි-වණ-පිළිකා වෙදකම
- දැවුම් පිළිස්සුම් වෙදකම
- ව්ඳුම් පිළිස්සුම් වෙදකම
- කැපුම් තුවාල වෙදකම
- ඇස් වෙදකම
- සෙම් රෝග හා පීනස් වෙදකම
- උමතු රෝග වෙදකම
- චර්ම රෝග වෙදකම
- ගර්භණී, ප්‍රසව සහ සූත්‍රිකා රෝග වෙදකම
- නිල වෙදකම
සිංහල වෙදකමෙහි රෝග-රෝගී පරීක්ෂා ක්‍රම
- නාඩි ශාස්ත්‍රය මඟින් රෝග හඳුනා ගැනීම
- දේහ ලක්ෂණ ශාස්ත්‍රය මඟින් රෝග හඳුනා ගැනීම
- ජෝතිෂ්‍ය ශාස්ත්‍රය මඟින් රෝග හඳුනා ගැනීම
- නිමිති ශාස්ත්‍රය මඟින් රෝග හඳුනා ගැනීම
- වාස්තු විද්‍යාව මඟින් රොග හඳුනා ගැනීම
- විශේෂ මළ-මූත්‍රා පරීක්ෂාව මඟින් රෝග හඳුනා ගැනීම
මීට අමතරව භාවනා ක්‍රම ඔස්සේ අධ්‍යාත්මික ශක්තීන් දියුණු කළ වෛද්‍යවරයෙකු හට ඒ ඔස්සේ ද ලෙඩ රෝග හඳුනාගැනීමේ හැකියාව පවතී.
මූලාශ්‍ර
- මහාචාර්ය දයානන්ද සෝමසුන්දර (2007). හෙළදිව්වාසීන් සහ ආදිවාසීන්. එස්. ගොඩගේ සහ සහෝදරයෝ. ISBN 978-955-30-0428-4.
ආශ්‍රිත ලිපි
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සිංහල වෙදකම පිළිබඳ තොරතුරු, සිංහල වෙදකම යනු කුමක්ද? සිංහල වෙදකම යනු කුමක් දර්ශනය කරන්නේ?