සුරංගනා කතා

...💖 සුරංගනා කතා 💖...

🌺 සුරංගනා කතා බාල, මහලු සියලු දෙනා රසවිඳින කතා විශේෂයකි. එහෙත් විශේෂයෙන්ම සුරංගනා කතා වලට ප්‍රියතාවයක් දක්වන්නේ පොඩිත්තන්ය. සුරංගනා කතා ලොවේ රජු ලෙස සලකන්නේ ඩෙන්මාර්ක් ජාතික හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් ය. මෙහි සටහන් කර ඇත්තේ එවැනි සුරංගනා කතා කිහිපයකි....

✴සින්ඩරෙල්ලා

එකමත් එක කාලෙක,එකමත් එක රටක,එකමත් එක ගමක, ලස්සන විශාල මන්දිරයක් තිබුනා. මේ මන්දිරයේ ජීවත් වුනේ තාත්තා කෙනෙකුයි,දුවෙකුයි. මේ දුව ගොඩාක් ලස්සනයි.එයාගේ නම "එලා". එලාගෙ තාත්තා වංශාධිපති සංචාරක ව්‍යාපාරිකයෙක්.තාත්තට ගොඩක් ධනය තිබුන නිසා මේ දුවට කිසිම අඩුපාඩුවක් තිබුනේ නෑ.හැබැයි එයා ඒ ගැන හිතල ආඩම්බර වුණෙත් නැහැ.එලාට තිබුන එකම අඩුපාඩුව වුනේ එයාගේ අම්ම නැති එක.ඒ ගැන එලා වගේම එලාගෙ තාත්තත් හිටියේ ගොඩක් දුකෙන්.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සුරංගනා කතා පිළිබඳ තොරතුරු, සුරංගනා කතා යනු කුමක්ද? සුරංගනා කතා යනු කුමක් දර්ශනය කරන්නේ?