ඩැනියුබියන් රාජාණ්ඩුව (ජර්මන්: Donaumonarchie,), හෝ හැබ්ස්බර්ග් අධිරාජ්‍යය (ජර්මන්: Habsburgerreich,) ලෙසින්ද හැඳින්වුණු, හැබ්ස්බර්ග් රාජාණ්ඩුව (ජර්මන්: Habsburgermonarchie) යනු, හැබ්ස්බර්ග් රාජවංශය විසින් පාලන කෙරුනු අධිරාජ්‍යයන්, රාජධානි, ආදිපාද දනව්, කෝරළ සහ අනෙකුත් බලමූල වල එකතුවක් වන අතර, විශේෂයෙන් රාජ වංශයෙහි ඕස්ට්‍රියානු ශාඛාව වෙයි.
හැබ්ස්බර්ග් රාජාණ්ඩුව Habsburgermonarchie | |
|---|---|
| 1282-1918 | |
| තත්ත්වය | හැබ්ස්බර්ග් රාජවංශයෙහි පුද්ගලික සංගමයකි ශුද්ධවූ රෝමානු අධිරාජ්‍යයෙහි භාගික කොටසකි |
| රජය | රාජාණ්ඩුව |
| ඓතිහාසික යුගය | මධ්‍යතන යුග, මුල් නූතන, පසු නූතන |
• ස්ථාපිත කළේ | 1282 |
• අහෝසි කළේ | 1918 |
ඉතිහාසලේඛයෙහි පරිදී, 18 වන සියවසෙහි සිට 'ඕස්ට්‍රියාව' හෝ 'ඕස්ට්‍රියානුවන්' යන පද බොහෝ විට හැබ්ස්බර්ග් රාජාණ්ඩුව වෙනුවට කෙටි පද ලෙසින් භාවිතා වී ඇත. 1438 සිට 1806 දක්වා, හැබ්ස්බර්ග් රාජ වංශයෙහි පාලකයෝ බෙහෙවින් අවිච්ඡින්න ලෙසින් ශුද්ධවූ රෝමානු අධිරාජයන් ලෙසින් රජකම් කළහ. කෙසේවෙතත්, ශුද්ධවූ රෝමානු අධිරාජ්‍යයෙහි අධිකාරී රාජ්‍යයන් බොහෝ විට ස්වයං-පාලිත වූ බැවින් හැබ්ස්බර්ග් රාජාණ්ඩුවෙහි කොටස් වශයෙන් නොසැලකුණි.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, හැබ්ස්බර්ග් රාජාණ්ඩුව පිළිබඳ තොරතුරු, හැබ්ස්බර්ග් රාජාණ්ඩුව යනු කුමක්ද? හැබ්ස්බර්ග් රාජාණ්ඩුව යනු කුමක් දර්ශනය කරන්නේ?