1971 ජවිපෙ කැරැල්ල

මුල් පිටුව | 1971 ජවිපෙ කැරැල්ල

කට වහරේ සාමාන්‍යයෙන් 71 කැරැල්ල ලෙසින් හැඳින්වෙයන 1971 ජනතා විමුක්ති පෙරමුණ කැරැල්ල යනු, ලංකාවේ රජතුමියට සහ අග්‍රාමාත්‍යවර සිරිමාවෝ බණ්ඩාරනායක යටතේ වූ ලංකාවේ ආණ්ඩුවට එරෙහිව කොමියුනිස්ට් ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) විසින් දියත් කෙරුණු පළමු අසාර්ථක අවිගත් විප්ලවය විය. 1971, අප්‍රේල් 5 දින ඇරඹුනු කැරැල්ල, 1971 ජූනි මස වන තුරු පැවතිනි. සන්නද්ධ හමුදාවන් විසින් එම ප්‍රදේශ යළි-අල්ලා ගැනුමට පෙර, සුළු නගර සහ ගම්බද පළාත් කිහිපයක්, සති කිහිපයක් මුළුල්ලෙහි අල්ලා ගෙන යටත් කරගෙන සිටුමට කැරළිකරුවෝ සමත් වූහ.

1971 කැරැල්ල
පිහිටුම
ලංකාව
ප්‍රතිඵලය

ලංකා ආණ්ඩුව ජයගැනීම

  • කැරළිකාර කණ්ඩායම් යටත්වීම
  • පැවති ලංකා ආණ්ඩුවම රට පුරා බලය යළි-තහවුරු කර ගැනීම
භුමිප්‍රදේශාත්මක
වෙනස්වීම්
සති කිහිපයක් තුල බල පවත්වන පරිදී රටෙහි සමහරක් ගම්බද ප්‍රදේශ තුල ජවිපෙ විසින් බලය අත්පත් කර ගන්නා ලදි
යුද්ධාවතීරයන්
ලංකාව ජවිපෙ
ආඥාපතියන් සහ නායකයන්
දෙවන එලිසබෙත් රැජිණ
සිරිමාවෝ බණ්ඩාරනායක
සේපාල ආටිගල
රෝහණ විජේවීර
අපාතිකයන් සහ හානි
1,200 (නිල), 4-5,000 (නිලනොවන)

සම්භවය

මෙයද බලන්න: ශ්‍රී ලංකාවේ ඉතිහාසය

ස්වයං-පාලනය ලබා ගැනීම සඳහා බ්‍රිතාන්‍යයන් සමග කතිතාවන්හී යෙදීමට පෙරමුණ ගෙන ක්‍රියා කල ඩී.එස්. සේනානායක මහාමාන්‍යවරයා යටතෙහි මධ්‍යස්ථ මතධාරී රජයක් පිහිටුවීම හා සමග, 1948 වසරෙහිදී ලංකාව ඩොමීනියන් රාජ්‍යයක් බවට පත් විය. දක්ෂිණාංශයට බර සහ ඩොමීනියන්වාදී පක්ෂ තුනක් එක් කරමින් එක්සත් ජාතික පක්ෂය (එජාප) තැනූ ඔහු, මහා මැතිවරණයෙහිදී පාර්ලිමේන්තු බහුතරයක් දිනාගත්තේය. ජාතිකවාදී මතවාදී රැල්ලක් මත, එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක 1956 වසරෙහිදී අග්‍රාමාත්‍යවරයා වත්ම, එජාප පරාජයට පත් විය. ඔහුගේ ඝාතනය හා සමගම දේශපාලනයට පිවිසි ඔහුගේ බිරිය සිරිමාවෝ බණ්ඩාරනායක 1960 වසරෙහිදී ලෝකයේ පළමු අග්‍රාමාත්‍යවරිය වූවාය.

සම්බන්ධිත සංගණ්‍ය කැරළිකරුවෝ

  • උපතිස්ස ගමනායක - 1987-89 ජවිපෙ කැරැල්ල දියත් වෙද්දී එහි නියෝජ්‍ය නායකයා විය
  • වික්ටර් අයිවන් - පසුව මාධ්‍යවේදියෙක් විය
  • අතුල නිමල්සිරි ජයසිංහ - පසුව ඇමතිවරයෙක් විය

කැරළිකරුවන්ගේ ආධාරකරුවෝ

  • එස්. ඩී. බණ්ඩාරනායක - පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා
  • සුසිල් සිරිවර්ධන - ගොවිජන පර්යේෂණ අධ්‍යක්ෂක

ආශ්‍රිත

  1. ඒප්‍රිල් 1971 ජේවීපී අප්රයිසිං: නොට් ටු මේක් ද සේම් මිස්ටේක්ස්

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, 1971 ජවිපෙ කැරැල්ල පිළිබඳ තොරතුරු, 1971 ජවිපෙ කැරැල්ල යනු කුමක්ද? 1971 ජවිපෙ කැරැල්ල යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.