1000 වසර (M) යනු, ජූලියානු දින දසුන ප්‍රකාර, සඳුදා දිනයකින් ඇරඹෙන අධික අවුරුද්දක් (බැඳිය විසින් සම්පූර්ණ දින දසුන දක්වනු ඇත) විය. එය, 10වන සියවසෙහි අවසන් වසර මෙන්ම දෙසැම්බර් 31 දින අවසන්වූ ඩයනීසියානු යුගයෙහි 1 වන සහශ්‍රවර්ෂයෙහි අවසන් වසර වූ මුත්, 1000ගණන් දශකයෙහි පළමු වසර විය.
පුරාණ ලෝක ඉතිහාසයේ මධ්‍යතන යුග ලෙසින් හැඳින්වෙන යුගයට මෙම වසර අයත් වෙයි; යුරෝපයේදී එය, සමහර විට සහ සම්මතානුකූලව සැලකෙන්නේ මුල් මධ්‍යතන යුග සහ ඉහළ මධ්‍යතන යුග අතර මායිම් දිනය ලෙසින්ය.
ඒ වන විට, මුස්ලිම් ලෝකය පැවතියේ එහි ""ස්වර්ණමය යුගයෙහිය ".
චීනය ඒ වන විට සොං යුගයෙහි තුල පැවති අතර, ජපානය පැවතියේ එහි "සම්භාව්‍ය" හෙයියන් යුගයෙහිය.
රාෂ්ට්‍රකූඨ රාජ වංශය, පාල අධිරාජ්‍යය (කාම්බෝජ පාල රාජ වංශය; මහීපාල), චෝල රාජ වංශය (පළමුවන රාජ රාජ චෝල), යාදාව රාජ වංශය, ආදී වශයෙන්, සුළුතර අධිරාජ්‍යයන් ගණනාවකට, ඉන්දියාව බෙදා තිබුණි.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, 1000 පිළිබඳ තොරතුරු, 1000 යනු කුමක්ද? 1000 යනු කුමක් දර්ශනය කරන්නේ?