1952 සිංහල චිත්‍රපට ලැයිස්තුව

චිත්‍රපටයේ නම දායකයෝ නළු නිළියන් සටහන්
බණ්ඩා නගරයට පැමිණිම (ශ්‍රී මුරුගන් නවකලා චිත්‍රපට) අධ්‍යක්ෂණය: රාජා වහබ් කෂ්මිර්, ඒ බී රාජ්; සංගීතය නාරායන අයියර්, ආර් මුත්තුසාමි බර්නාඩ් පෙරේරා, නන්දා ලීලානායක, ජෝසප් සෙනෙවිරත්න, මාලිනී රණසිංහ, හියුගෝ ප්‍රනාන්දු, ප්‍රදර්ශනය: 1952 මැයි 4 සිට එල්ෆින්ස්ටන් (මරදාන) සහ තවත් ශාලා 4 ක(සිලෝන් තියටර්ස් මණ්ඩලයේ). පළමු වටයේ ප්‍රදර්ශනය දින 5 කට සීමා විය. මුළුමනින් ලංකාවේ (කඳාන සුන්දර සවුන්ඩ්ස් චිත්‍රාගාරයේ) රූගත කළ පළමු සිංහල චිත්‍රපටිය.
උමතු විශ්වාසය අධ්‍යක්ෂණය: බී. ඒ. ඩබ්. ජයමාන්න; සංගීතය: එස් එස් වේදා; ඡායාරූප: කේ ප්‍රභාකර් රුක්මනී දේවි, එඩී ජයමාන්න, හර්බට් සෙනෙවිරත්න, සුමිත් බිබිලේ, මේබල් බ්ලයිත්, ලැටීෂියා පීරිස්, රූබි ද මෙල්, බී. ඒ. ඩබ්. ජයමාන්න, ස්ටැන්ලි මල්ලවාරච්චි, බර්ට්‍රම් ප්‍රනාන්දු ප්‍රදර්ශනය: 1952 මැයි 9 සිට එල්ෆින්ස්ටන් (මරදාන) හිදී (සිලෝන් තියටර්ස් මණ්ඩලයේ). සුදට සුදේ සිරිය දිලේ, කොළොම්පුරේ ශ්‍රියා, ඉස්තීර ආලේ යන ජනප්‍රිය ගී ද ඇතුලත් විය. ද්විත්ව චර්ත නිරූපණයක් (රුක්මණී දේවි මව සහ දුව ලෙස) රැගත් පළමු සිංහල චිත්‍රපටිය.
සිරිසඟබෝ ඡායාරූපකරණය, සංස්කරණය, නිෂ්පාදනය, අධ්‍යක්ෂණය: වර්නන් ජයවර්ධන තෙරේසා වීරසිංහ, ලක්ෂ්මී බායි, එඩ්වඩ් පෙරේරා, පියදාස පෙරේරා ප්‍රදර්ශනය: 1952 ජුලි 18 සිට එල්ෆින්ස්ටන් (මරදාන) සහ තවත් ශාලා 4 ක (සිලෝන් තියටර්ස් මණ්ඩලයේ). පළමු වටයේ ප්‍රදර්ශනය දින 2 කට සීමා විය. බෞද්ධ තේමාවක් රැගත් පළමු සිංහල චිත්‍රපටිය.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, 1952 සිංහල චිත්‍රපට ලැයිස්තුව පිළිබඳ තොරතුරු, 1952 සිංහල චිත්‍රපට ලැයිස්තුව යනු කුමක්ද? 1952 සිංහල චිත්‍රපට ලැයිස්තුව යනු කුමක් දර්ශනය කරන්නේ?