1953 සිංහල චිත්‍රපට ලැයිස්තුව

චිත්‍රපටයේ නම දායකයෝ නළු නිළියන් සටහන්
එදා රෑ (සිලෝන් තියටර්ස්) අධ්‍යක්ෂණය: ශාන්ති කුමාර්; සංගීතය: මොහොමඩ් ගවුස් තිලකසිරි ප්‍රනාන්දු, සීතා ජයවර්ධන, ශාන්ති කුමාර්, හර්බි සෙනෙවිරත්න, ඔස්ටින් අබේසේකර ප්‍රදර්ශනය: 1953 පෙබරවාරි 14 සිට එල්ෆින්ස්ටන් (මරදාන) හිදී (සිලෝන් තියටර්ස් මණ්ඩලයේ). ලතා වල්පොල පසුබිම් ගී ගැයූ පළමු චිත්‍රපටිය. ආනන්දේ ආනන්දේ යන ජනප්‍රිය ගීය ද ඇතුලත් විය.
ප්‍රේම තරගය (ශ්‍රී මුරුගන් නවකලා චිත්‍රපට) අධ්‍යක්ෂණය: ඒ භාස්කර් රාජ්; නිෂ්පාදනය: එස් එම් නායගම්; සංගීතය: ආර් මුත්තුසාමි අරුණ ශාන්ති (ප්‍රේමදාස), අයේෂා වීරකෝන් (මල්ලිකා), ලැඩී රණසිංහ (ගුණසිරි), මාක් සමරනායක (වික්‍රම), හියුගෝ ප්‍රනාන්දු ප්‍රදර්ශනය: 1953 මාර්තු 27 සිට කිංස්ලි (කොටහේන) හිදී (සිනමාස් මණ්ඩලයේ). ධර්මදාස වල්පොල පසුබිම් ගී ගැයූ පළමු චිත්‍රපටිය. හෝ හඬ දී, උගත්තු වියත්තු, හොඳ හොඳම වේය යන ජනප්‍රිය ගී ද ඇතුලත් විය.
පිටිසර කෙල්ල (නවජීවන මූවිටෝන්)) අධ්‍යක්ෂණය:සිරිසේන විමලවීර; සංගීතය කේ හියුගෝ ප්‍රනාන්දු; නිෂ්පාදනය ජේ පෝල් මතායස් තෙරේසා වීරසිංහ, ඒ ශාන්තප්‍රිය, මාලිනී රණසිංහ, එල් එම් ප්‍රනාන්දු, ඊ මාෂල් පෙරේරා ප්‍රදර්ශනය: 1953 අප්‍රියෙල් 24 සිට ගාමිණී (මරදාන) හිදී (සිනමාස් මණ්ඩලයේ). ආලෙ කල මුත් පණට පණ සේ යන ජනප්‍රිය ගීය ද ඇතුලත් විය.
කැලෑ හඳ නිෂ්පාදනය, අධ්‍යක්ෂණය: බී. ඒ. ඩබ්. ජයමාන්න; කථාව, දෙබස්: ඩබ් ඒ සිල්වා ඔහුගේ නවකථාව ඇසුරෙනි; සංගීතය: එස් එස් වේදා; කැමරා ශිල්පී කේ ප්‍රභාකර් රුක්මණී දේවි (මාලිනී), හඳුන්වාදෙන ස්ටැන්ලි පෙරේරා (ජෝන් ජයපාල), හඳුන්වාදෙන රීටා රත්නායක (ඩේසි), බී ඒ ඩබ් ජයමාන්න (නන්දරාළ), එඩී ජයමාන්න, මේබල් බ්ලයිත්, හඳුන්වාදෙන මිලී කහඳවල, විමලා කුමාරි, උදුලා දාබරේ

ප්‍රදර්ශනය: 1953 මැයි 27 සිට එල්ෆින්ස්ටන් (මරදාන) සහ තවත් ශාලා 6 ක (සිලෝන් තියටර්ස් මණ්ඩලයේ). නවකතාවක් පදනම් කර තැනූ පළමු සිංහල චිත්‍රපටිය. මැවිලා පෙනේවි, අන්න සුදෝ, මගේය ප්‍රේම මාලිනී, දෙවා ගිනි මවා දුක්, පෙම් අමධාරා, මායා මායා, පරණ පිනක් යන ජනප්‍රිය ගී ද ඇතුලත් විය.

සුජාතා (සිනමාස්) අධ්‍යක්ෂණය: ටී ආර් සුන්දරම්; නිෂ්පාදනය: කේ ගුණරත්නම්; සංගීතය දක්ෂිණමූර්ති හඳුන්වාදෙන ෆ්ලෝරීඩා ජයලත් (සුජාතා), හඳුන්වාදෙන ප්‍රේම් ජයන්ත් (නිහාල්), හඳුන්වාදෙන ඩේවිඩ් ධර්මකීර්ති, හඳුන්වාදෙන ඩොමී ජයවර්ධන (විකී), ශාන්ති ලේඛා (ප්‍රේමා) ප්‍රදර්ශනය: 1953 ජුනි 26 සිට ගාමිණී (මරදාන) සහ තවත් ශාලා 8 ක (සිනමාස් මණ්ඩලයේ). ප්‍රේමාලෝකය නිවී ගියා, සුමධුර වේ, පෙම් රැල්ල නගී, මායාවකී මේ ලෝකේ, ප්‍රේම ගඟේ, මනරංජන දර්ශනීය, නාරිලතා පුෂ්පේ, ගියා තමයි දමා යන ජනප්‍රිය ගී ද ඇතුලත් විය.
පුදුම ලේලි (ශ්‍රී මුරුගන් නවකලා චිත්‍රපට)) අධ්‍යක්ෂණය: ඒ.එස්. නාගරාජන්; නිෂ්පාදනය: එස් එම් නායගම්; සංගීතය: ආර් මුත්තුසාමි ප්‍රේම් ජයනාත් (රාජතිලක), ක්ලැරිස් ද සිල්වා (ලතා), හියුගෝ ප්‍රනාන්දු (ආරියසේන), ධර්මශ්‍රී රණතුංග, මාර්ක් සමරනායක, ගර්ලි ගුණවර්ධන ප්‍රදර්ශනය: 1953 දෙසැම්බර් 4 සිට (සිනමාස් මණ්ඩලයේ).

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, 1953 සිංහල චිත්‍රපට ලැයිස්තුව පිළිබඳ තොරතුරු, 1953 සිංහල චිත්‍රපට ලැයිස්තුව යනු කුමක්ද? 1953 සිංහල චිත්‍රපට ලැයිස්තුව යනු කුමක් දර්ශනය කරන්නේ?