1956 අංක 47 දරණ ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයේ යෙදවීමේ පනතේ අරමුණ් වනුයේ ස්ත්‍රින්, තරුණ අය හා ළමයින් සේවයේ යොදවන කාලවේලවන් විධිමත් කිරීම හා ඔවුන්ගේ සෞඛ්‍ය හා ශුභ සාධනයට අහිතකර වන පරිදි සේවයේ යෙදවීම වැලැක්වීමයි.
ආවරණය
මෙම පනතින් ආවරණය වන්නේ පෞද්ගලික අංශයේ (රාජ්‍ය සංස්ථා, මණ්ඩල, අධිකාරී යන සියලුම ස්ථාන ඇතුලුව) වැඩ කරන:
- වයස අවුරුදු 18 ට වැඩි කාන්තාවන්
- වයස අවුරුදු 14 - 18 අතර තරුණ අය
- වයස අවුරුදු 14 ට අඩු ළමයින්
කොන්දේසි
වයස අවුරුදු 18 ට වැඩි කාන්තාවන්
ඉහත මුල් පනතේ විධිවිධානයන්ට අනුව කාන්තාවන් රාත්‍රී සේවයේ යෙදවිම සම්පූර්ණයෙන් තහනම් කර තිබූ නමුත්, 1984 අංක 32 දරණ සංශෝධනයට අනුව පහත කොන්දේසී වලට යටත්ව කාන්තාවන් රාත්‍රී සේවයේ යෙදවීමට අවසර ඇත,
- සේවිකාවන්ගේ කැමැත්ත
- කම්කරු කොමසාරිස්වරයාගේ පූර්ව අනුමැතිය
- දිවා කාලයේ (පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා කාලය තුල) සේවයේ යෙදවූ කාන්තාවන් එදිනම පස්වරු 10.00 පසුව සේවයේ නොයෙදවීම
- රාත්‍රී කාලයේ සේවය සදහා දිවා කාලයේ වැටුපමෙන් 1 1/2 ගුණයක් ලබා දීම
- කාන්තා පාලිකාවන්ගේ සේවය ලබාදීම
- ව්වේක ගැනීමේ ස්ථානයක් හා ආහාරපාන සැපයීම
- මසකට දින 10කට වඩා රාත්‍රී සේවයේ නොයෙදවීම
ඉහත කොන්දේසි පහත සදහන් අයට අදාල නොවේ.
- කළමණාකරණ හෝ ශිල්පීය ස්භාවයේ වගකිවයුතු තනතුරු දරණ කාන්තාවන්
- කය වෙහෙසන වැඩවල නොයෙදෙන ශුභ සාධන සේවාවල නියුක්ත කාන්තාවන්
- එකම පවුලේ සාමාජිකයින් පමණක් සේවයේ නියුක්ත කාර්මික ව්‍යාපාරයක නියුතු කාන්තාවන්.
වයස අවුරුදු 16 හා 18 අතර තරුණ අය
- සතියේ දිනවල කෑම පැයද ඇතුලුව දිනකට පැය 09 කට වඩා සේවයේ නොයෙදවීම.
- සතියේ එක් දිනක පූර්ණ නිවාඩු දිනයක් ලබා දීම හා පැය 05 1/2 ක වරු දිනයක් ලබා දීම
- සතිය තුළ කෑම පැයද ඇතුළුව පැය 50 1/2 කට වඩා සේවයේ නොයෙදවිම
- රාත්‍රී සේවයේ නොයෙදවීම
වයස අවුරුදු 16 හා 18 අතර තරුණ අය
- සතියේ දිනවල පැය 09කට වඩා එක් පැයක් පමණක් අතිකාල සේවයේ යෙදවිය හැකිය.
- සතිය තුළ කෑම පැයද ඇතුළුව පැය 55 1/2 කට වඩා සේවයේ නොයෙදවිය යුතුය.
- රාත්‍රී සේවයේ නොයෙදවීම
වයස අවුරුදු 16ට අඩු ළමයින්
මෙම පනත යටතේ වයස අවුරුදු 16ට අඩු අය ළමයින් වශයෙන් සැලකෙන අතර, ළමයෙකු කුමන ආකාරයකින් හෝ (ගෘහ සේවකයෙකු වශයෙන් ඇතුලුව) සේවයේ යෙදවීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, 1956 අංක 47 දරණ ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයේ යෙදවීමේ පනත පිළිබඳ තොරතුරු, 1956 අංක 47 දරණ ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයේ යෙදවීමේ පනත යනු කුමක්ද? 1956 අංක 47 දරණ ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයේ යෙදවීමේ පනත යනු කුමක් දර්ශනය කරන්නේ?