1959 සිංහල චිත්‍රපට ලැයිස්තුව

චිත්‍රපටයේ නම දායකයෝ නළු නිළියන් සටහන
අවිශ්වාසය කතාව, අධ්‍යක්ෂණය ටී. සෝමසේකරන්; නිෂ්පාදනය ලයනල් ගුණතිලක, ටී සෝමසේකරන්; සංගීතය ආර් මුත්තුසාමි; දෙබස් කිංස්ලි රාජපක්ෂ; ගී පද සුදම් වනිගතුංග ප්‍රේම් ජයන්ත්, ෆ්ලොරිඩා ජයලත්, ජෝ අබේවික්‍රම, බැප්ටිස්ට් ප්‍රනාන්දු, එම් වී බාලන්, කිංස්ලි රාජපක්ෂ, සුදම් වනිගතුංග ප්‍රදර්ශනය: 1959 පෙබරවාරි 4 සිට. මා සිත ප්‍රීති යන ජනප්‍රිය ගීය ද ඇතුලත් විය.
මා ආලය කල තරුණිය (නවජීවන මුවිටෝන්) දෙබස්, ගී පද, නිෂ්පාදනය, අධ්‍යක්ෂණය සිරිසේන විමලවීර; කතාව ඩී වී සෙනෙවිරත්න; සංගීතය ෂෙල්ටන් ප්‍රේමරත්න අරුණ ශාන්ති, ආනන්ද වීරකෝන්, කුමාරි මානෙල්, බන්දු මුණසිංහ, එන් ආර් ඩයස්, එස් එච් ජෝතිපාල, ඊ මාෂල් පෙරේරා, පියදාස විජේකෝන් ප්‍රදර්ශනය: 1959 පෙබරවාරි 20 සිට
දෛවයෝගය (ලක්දිව චිත්‍රපට සමාගම) අධ්‍යක්ෂණය එස්. කේ. ඕජා; නිෂ්පාදනය ඊ ඇල්ෆ්‍රඩ් ද සොයිසා, ඊ ජේ සී ද සොයිසා; සංගීතය සජ්ජාද් හුසේන්; ගී පද ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, හියුබත් දිසානායක, සරත් විමලවීර, හෙන්රි ධර්මසේන, ධර්මශ්‍රී කුරුප්පු රුක්මණී දේවි, සේනාධීර කුරුප්පු, එඩී ජයමාන්න, ගාමිණී ෆොන්සේකා, මාක් සමරනායක, සිරිමතී රසාදරී ප්‍රදර්ශනය: 1959 අප්‍රියෙල් 18 සිට. ඩබ් ඒ සිල්වා ගේ නවකතාව ඇසුරෙනි. දොයි දොයිය පුතා, ආදරයයි කරුණාවයි, ආදරියේ රුචිරාණනියේ, හද ගිලෙයි අම මිහිරේ, ජීවිත ගමනේ, උඹෙ නාඹර යන ජනප්‍රිය ගී ද ඇතුලත් විය.
පුරුෂ රත්නය (විජිත කලා නිෂ්පාදකයෝ) කතාව, අධ්‍යක්ෂණය ඒ.එස්. නාගරාජන්; නිෂ්පාදනය ස්වර්ණා අබේනායක (සිංහල චිත්‍රපටියක් නිපදවූ පලමු කාන්තාව); දෙබස් ඩබ් බෙනඩික්ට් ප්‍රනාන්දු; සංගීතය ආර් මුත්තුසාමි; ගී පද කරුණාරත්න අබේසේකර, ඩබ් බෙනඩික්ට් ප්‍රනාන්දු ප්‍රේම් ජයන්ත්, ක්ලැරිස් ද සිල්වා, මිලී කහඳවල, බැප්ටිස්ට් ප්‍රනාන්දු, එඩී යාපා, පිටිපන සිල්වා, පියදාස විජේකෝන්, රිචඩ් ඇල්බට්, විජිත මල්ලිකා, බේබි ඩොරීන්, මාස්ටර් මොරිංටන් ප්‍රදර්ශනය: 1959 මැයි 9 සිට. අයියාට මේ රජ ගේ, සිංහල ජාතිය, ජීවිතේ ගංගාවකී, ගජමුතු හර පරදා යන ජනප්‍රිය ගී ද ඇතුලත් විය.
ශ්‍රී 296 කතාව, අධ්‍යක්ෂණය ප්‍රේම්නාත් මොරායස් (කතාව සී අයි ඩී (1956) හින්දි චිත්‍රපටිය ඇසුරෙනි); නිෂ්පාදනය සී/ස ශ්‍රී චිත්‍රපට; දෙබස් කේ ඒ ඩබ් පෙරේරා; සංගීතය පී එල් ඒ සෝමපාල; ගී පද කරුණාරත්න අබේසේකර, චිත්‍රානන්ද අබේසේකර, ගුණරත්න අබේසේකර පුණ්‍යා හීන්දෙණිය, ජෝ අබේවික්‍රම, හෙන්රි ජයසේන, සුදම් වනිගතුංග, කිංස්ලි රාජපක්ෂ, සුමිත්‍රා ෆොන්සේකා (ඩොරති වැලන්ෂියා), සිරිමතී රසාදරී, එම් වී බාලන් ප්‍රදර්ශනය: 1959 මැයි 20 සිට. මං ආවා ලකප් එකෙන්, වැඩිය හොඳ නරකයි, (ඊස්ට්මන් වර්ණයෙන් රූ ගැන්වූ) ජීවන ගංගා ඉවුරේ යන ජනප්‍රිය ගී ද ඇතුලත් විය.
සිහිනය (සි/ස ජයන්ති නිෂ්පාදකයෝ) අධ්‍යක්ෂණය ටී ජානකී රාම්; නිෂ්පාදනය එම් බී ඩී අමරසිංහ, එම් ඩබ් පෙරේරා; කතාව, දෙබස් ඒ ජේ ද සොයිසා (කතාව වෙන්ඩෙටා (1950?) ඉංග්‍රීසි චිත්‍රපටිය ඇසුරෙනි); සංගීතය පාණ්ඩුරංගන් ඩොමී ජයවර්ධන, රෝහිණී ජයකොඩි, සේනාධීර කුරුප්පු, අසෝක පොන්නම්පෙරුම, ලිලියන් එදිරිසිංහ, අයේෂා වීරකෝන්, එම් වී බාලන්, ඩී ආර් නානායක්කාර, රූබි ද මෙල්, පියදාස ගුණසේකර ප්‍රදර්ශනය: 1959 ජූලි 3 සිට. ලොව මායමකී යන ජනප්‍රිය ගීය ද ඇතුලත් විය.
ගැහැණු ගැට අධ්‍යක්ෂණය ජ්‍යොතිෂ් සිංහා, ටී. සෝමසේකරන්; නිෂ්පාදනය සිලෝන් ස්ටුඩියෝස්; කතාව, ගී පද සිසිර කුමාර මාණික්කආරච්චි (කතාව ද ෆැබ්‍යූලස් සිංඤොරීටා (ඉංග්‍රිසි; 1952), අල්බේලා (හින්දි; 1951), මන්මගල් දේවෛ (දෙමල; 1957) යන ච්ත්‍රපටි ඇසුරෙනි); සංගීතය ෂෙල්ටන් ප්‍රේමරත්න, ආර් මුත්තුසාමි හෙන්රි ජයසේන, කුමාරි බිබිලේ. ඩඩ්ලි වානගුරු, උදුලා දාබරේ, ෆ්ලොරිඩා ජයලත්, වින්සන්ට් වීරසේකර, ජෝ අබේවික්‍රම, සිසර කුමාර මාණික්කආරච්චි, නවනන්දන විජේසිංහ, හේමා ගුණවර්ධන, අයිරීන් ගුණරත්න ප්‍රදර්ශනය: 1959 ජූලි 24 සිට. රන් වලා තොටිල්ලේ, ආලේ මිහිර පෙන්නා, අමරණීය ගීතේ යන ජනප්‍රිය ගී ද ඇතුලත් විය.
සිරිමලී (ඇලන්සිනා නිෂ්පාදකයෝ) අධ්‍යක්ෂණය රොබින් තම්පෝ; නිෂ්පාදනය පී එල් බුද්ධදාස, මීනා තම්පෝ; සංගීතය වී ක්‍රිෂ්ණමූර්ති; දෙබස්, ගී පද චිත්‍රානන්ද අබේසේකර බොනිෆස් ප්‍රනාන්දු, සුජාතා විජේසේකර, අසෝක පොන්නම්පෙරුම, ජෝ අබේවික්‍රම, ඩේවිඩ් ධර්මකීර්ති, රීටා කාමලීන්, ක්‍රිස්ටි ලෙනාඩ්, රොසලින් ප්‍රනාන්දු, වින්සන්ට් වාස් ප්‍රදර්ශනය: 1959 සැප්තැම්බර් 11 සිට. ආකාසෙ ආවාසෙ, ඇයි වදේ මේ, පෙම් හද මෝරයි යන ජනප්‍රිය ගී ද ඇතුලත් විය.
හදිසි විවාහය අධ්‍යක්ෂණය බී. ඒ. ඩබ්. ජයමාන්න; නිෂ්පාදනය සිලෝන් ස්ටුඩියෝස්; කතාව, දෙබස් ඩී වී සෙනෙවිරත්න; සංගීතය බී එස් පෙරේරා; ගී පද ඒ ජේ ද සොයිසා බී ඒ ඩබ් ජයමාන්න, ෂර්ලි බ්ලයිත්, ධර්මශ්‍රී රණතුංග, රූබි ද මෙල්, ඩඩ්ලි වානගුරු, මේබල් බ්ලයිත්, ඔස්ටින් අබේසේකර, පැට්‍රීෂියා වෝකර්, ප්‍රේමලාල් එදිරිසිංහ ප්‍රදර්ශනය: 1959 නොවැම්බර් 14 සිට. ප්‍රේම ධාරා එයි, සුරතලියේ යන ජනප්‍රිය ගී ද ඇතුලත් විය.


ආශ්‍රිත ලිපි

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, 1959 සිංහල චිත්‍රපට ලැයිස්තුව පිළිබඳ තොරතුරු, 1959 සිංහල චිත්‍රපට ලැයිස්තුව යනු කුමක්ද? 1959 සිංහල චිත්‍රපට ලැයිස්තුව යනු කුමක් දර්ශනය කරන්නේ?