1981 බිහාර් දුම්රිය අනතුර

1981 බිහාර් දුම්රිය අනතුර යනු එම වසරේ ජුනි 6 වන දින, පුද්ගලයින් 500 - 800 ත් අතර ප්‍රමාණයකට මරු කැඳවමින්, ඉන්දියාවේ බිහාර්හී මගී දුම්රියක් පීලි පැනීමෙන් සිදුවූ අනතුරකි. මන්සි (Mansi) සහ සහර්සා (Saharsa) අතර, බග්මතී (Bagmati) ගංගාවට ඉහලින් වැටී තුබූ පාලමක් මතින් ගමන් කරමින් සිටියදී පීලි පැනි දුම්රිය, බග්මතී ගංගාවට කඩා වැටීමෙන් මෙම දරුණු අනතුර සිදුවිය.

Bihar train derailment
විස්තර
දිනයLua දෝෂය in Module:I18n at line 371: bad argument #1 to 'pairs' (table expected, got nil).
පිහිටුමLua දෝෂය in Module:I18n at line 371: bad argument #1 to 'pairs' (table expected, got nil).
රටඉන්දියාව
ක්‍රියාකරුඉන්දියානු දුම්රිය සේවය
අනතුරු වර්ගයදුම්රිය පීලි පැනීම
සංඛ්‍යාන
දුම්රිය1
මරණ500-800

අනතුර සිදුවී දින පහක් ගත වන විට, මිය ගිය අයගේ මළ සිරුරු 200 ක පමණ ප්‍රමාණයක් සොයාගෙන තුබූ අතර, අතුරුදන් වූ සිය ගණනක් පිරිසගේ සිරුරු, ගංගාවේ ඔස්සේ ගසාගෙන යන්නට ඇතැයි පැවසේ. අනතුර නිසා දුම්රියේ ගමන් කල පුද්ගලයින් 500 ත් 800 ත් හෝ ඊටත් වඩා වැඩි පිරිසක් මිය යන්නට ඇතැයි විශ්වාස කෙරේ.

මෙම අනතුර සිද්ධවීමට බලපෑ හේතුව ස්ථිරව තහවුරු නොවූ අතර, පහත සඳහන් සිදුවීමක් ඊට සම්බන්ධවන්නට ඇතැයි සැක කෙරේ:

  • සුළි සුළඟක්
  • හදිසි ගංවතුර තත්වයක්
  • මී හරකෙකු දුම්රියේ ගැටීම වැළැක්වීමට යාමේදී යෙදවූ තිරිංග වල ඇතිවූ දෝශයක්

මේවාද බලන්න

ආශ්‍රිත

  1. Spignesi, Stephen J. (2004). Catastrophe!: ද 100 ග්‍රේටස්ට් ඩිසාස්ටර් ඔෆ් ඕල් ටයිම්. Citadel Press. p. 182.
  2. රොයිටර්ස් (ජුනි 9, 1981). "අරවුන්ඩ් ද වර්ල්ඩ්; ටෝල් ෆ්‍රොම් ට්‍රේන් ක්‍රෑෂ් රීචස් 215 ඉන් ඉන්ඩියා". New York Times. සම්ප්‍රවේශය 4 මැයි 2014.
  3. BBC, Iran mourns train blast victims See sidebar at bottom of page
  4. CBS, http://www.cbsnews.com/elements/2004/04/22/in_depth_world/timeline613204_0_main.shtml, ප්‍රතිෂ්ඨාපනය 2004-04-26 
  5. එමර්ජන්සි ඩිසාස්ටර් මැනේජ්මන්ට්, ඉන්ක්., ට්‍රේන් ව්‍රෙක්ස් ඉන් ඉන්ඩියා, http://www.disaster-management.net/train_acc_india.htm, ප්‍රතිෂ්ඨාපනය 2014-05-04 

25°34′20″N 86°35′25″E / 25.57222°N 86.59028°E / 25.57222; 86.59028

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, 1981 බිහාර් දුම්රිය අනතුර පිළිබඳ තොරතුරු, 1981 බිහාර් දුම්රිය අනතුර යනු කුමක්ද? 1981 බිහාර් දුම්රිය අනතුර යනු කුමක් දර්ශනය කරන්නේ?