1996 දෙහිවල දුම්රිය බෝම්බ ප්‍රහාරය

දෙහිවල දුම්රිය බෝම්බ ප්‍රහාරය 1996 වසරේ ජුලි 24 වැනි දිනදී, දෙමළ කොටි ත්‍රස්තවාදීන් විසින් දියත් කරන ලද්දකි.

දෙහිවල දුම්රිය බෝම්බය
ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදයෙහී කොටසකි
ස්ථානයදෙහිවල දුම්රියාපොලේදී අංක 764 දරණ කාර්යාල මගී දුම්රිය තුල
දිනය1996 ජූලි 24
ඉලක්කයරැකියාව අවසන්කර නිවෙස් වලට යන සිංහල ජාතික සිවිල් ජනයා
ප්‍රහාර මාදිලියසැඟවූ බෝම්බය
ආයුධය(න්)
  • බෝම්බ
  • ගොදුරුවූවේමරණ: 58 - 64
    බරපතල තුවාල ලැබූවන්‍: 274
    සැකකෙරෙන අපරාධකරුවෝ
  • ඇන්තනි පිල්ලේ රොබට්‌ ට්‍රැක්‌සිලන් නොහොත් බාලසිංහම් නොහොත් තේවන්
  • සවරිමුත්තු ලෝගනාදන් නොහොත් ආනන්දන්
  • චිත්‍රසේනන් තුරුමාල් නොහොත් රමණී
  • සිදුවීම

    දෙමළ කොටි ත්‍රස්තවාදීන් විසින් එදින, අංක 764 දරණ කාර්යාල මගී දුම්රියෙහි, ඉහල රාක්කයේ ස්ථාන හතරක ගමන්මළු තුල ඇටවූ බෝම්බ 4 ක් තබා, පුපුරුවා හැරීම සිදු කරන ලදී. එකිනෙකට සමගාමීව බෝම්බ හතරම පුපුරා යාම නිසා, ප්‍රහාරයෙන් සිදුවූ හානි ප්‍රමාණය වැඩිවී තිබුණි. කොටි ත්‍රස්ථවාදීන් විසින් බෝම්බ කීපයක් එක ආසන්නයේ පිහිටුවා මේ අන්දමට 1985 වසරේදීත් ප්‍රහාරයක් සිදු කර තිබුණි. ඒ, කොළඹ-යාපනය අතර ධාවනය වූ යාල් දේවි මගී දුම්රියෙහිය. මෙම බෝම්බ ප්‍රහාරය නිසා සිවිල් වැසියන් 64 දෙනෙකු මිය ගොස් තවත් 400 අධික පිරිසක් තුවාල ලැබූහ.

    හෙළාදැකීම්

    මෙම නින්දිත ප්‍රහාරය එම වසරේම ජුලි 25 වන දිනදී, එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය විසින් හෙළා දුටු අතර, නීති විරෝධී ක්‍රියා වැලැක්වීමේ 1967 පනතේ 3න් වන වගන්තිය අනූව යමින් ඉන්දියාවද එම මසදී, එල්ටීටීඊ ය වෙත පනවා තිබූ තහනම තව දුරටත් දීර්ඝ කරන ලදී.

    මේවාද බලන්න

    වැඩිදුර කියවීම්

    • රොහාන් ගුණරත්න. (1998). ශ්‍රී ලංකා'ස් එත්නික් ක්‍රයිසිස් ඇන්ඩ් නැෂනල් සිකියුරිටි, කොළඹ: සවුත් ඒෂියන් නෙට්වර්ක් ඔන් කන්ෆ්ලික්ට් රිසර්ච්. ISBN 955-8093-00-9
    • රොහාන් ගුණරත්න. (ඔක්තෝම්බර් 1, 1987). වෝර් ඇන්ඩ් පීස් ඉන් ශ්‍රී ලංකා: විත් පෝස්ට්-අකෝඩ් රිපෝර්ට් ෆ්‍රොම් ජැෆ්නා, ශ්‍රී ලංකාව: ඉන්ස්ටිටියුට් ඔෆ් ෆන්ඩමෙන්ටල් ස්ටඩීස්. ISBN 955-8093-00-9
    • ගුණසේකර, S.L. (නොවැම්බර් 4, 2003). ද වේජස් ඔෆ් සින්, ISBN 955-8552-01-1

    මූලාශ්‍ර

    1. https://www.pressreader.com/sri-lanka/daily-mirror-sri-lanka/20151217/281814282814747?srsltid=AfmBOoqY_MWMnxjPInDe7Rkvn065gba3LMbFY7OKDpGE8_Ase5fjxYq-
    2. "ටමිල් ඇරෙස්ටඩ් ඉන් ශ්‍රී ලංකා ට්‍රේන් බෝම්බිං". ද නිව් යොර්ක් ටයිම්ස්. 1996-09-04. http://query.nytimes.com/gst/fullpage.html?res=9A02E7D71038F937A3575AC0A960958260. 
    3. "ද රෝල් ඔෆ් ඉන්ටර්නැෂනල් කමියුනිටි-ශ්‍රී ලංකා". හියුමන් රයිට්ස් වොච්. http://www.hrw.org/reports/1997/WR97/ASIA-06.htm. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2008-05-26. 

    විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, 1996 දෙහිවල දුම්රිය බෝම්බ ප්‍රහාරය පිළිබඳ තොරතුරු, 1996 දෙහිවල දුම්රිය බෝම්බ ප්‍රහාරය යනු කුමක්ද? 1996 දෙහිවල දුම්රිය බෝම්බ ප්‍රහාරය යනු කුමක් දර්ශනය කරන්නේ?