ශ්‍රී ලංකාවෙහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සිදුකරන ලද 19 වන සංශෝධනය 2015 අප්‍රේල් 28 වන දින ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුවෙහි දී සම්මත විය. තුනෙන් දෙකක බහුතරයෙහි අනුමැතිය අැවැසිවූ මෙය මන්ත්‍රීවරු 225 අතරින් නොපැමිණි හත්දෙනා හැර 215 ක් පක්ෂව ද එක් අයෙකු විපක්ෂව ද තවත් එක් අයෙකු ස්වාධීනව ද ඡන්දය ප්‍රකාශ කිරීම මත සම්මත විය.
හැඳින්වීම
එවන් ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳ යෝජනාව 2015 ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරයේ දී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පොදු අපේක්ෂකයා වී සිටිය දී වත්මන් තනතුරුධාරී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලබාදුන් ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් විය. මෙම සංශෝධනයේ ප්‍රධාන අරමුණ වූයේ ජනාධිපතිවරයා හට අධික බලතල ප්‍රමාණයක් හිමිකර දුන් 18වන සංශෝධනය අවලංගු කිරීම හා රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම යි. එමගින් පෙර දී විධායක ජනාධිපති විසින් දැරූ විධායක බලතල ප්‍රමාණයක් දරන ව්‍යවස්ථාදායක සභාවක් පිහිටුවන ලදී.19වන සංශෝධනය මගින් 17වන සංශෝධනය තුළ අඩංගු වූ බොහෝ කොටස් ප්‍රතිෂ්ඨාපනය කෙරෙයි. ඒ අනුව යෝජිත ස්වාධීන කොමිෂන් සභා සකස් කිරීමට ව්‍යවස්ථාදායක සභාවට අවස්ථාව හිමිවේ;
- මැතිවරණ කොමිසම
- රාජ්‍ය සේවා කොමිසම
- ජාතික පොලිස් කොමිසම
- මානව හිමිකම් කොමිසම
- අල්ලස් හා දූෂණ කොමිසම
- මුදල් කොමිසම
- සීමා නීර්ණය කිරිමේ කොමිසම
- විගණන සේවා කොමිසම
- ජාතික ප්‍රසම්පාදන කොමිසම
- විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම
- රාජ්‍ය භාෂා කොමිසම
මූලාශ්‍ර
- "ෆුල් ටෙක්ස්ට් ඔෆ් මෛත්‍රීපාල සිරිසේන'ස් ඉලෙක්ෂන් මැනිෆෙස්ටෝ".
- "18 අමෙන්ඩ්මන්ට්: මේකින් අ මොකරි ඔෆ් ඩිමොක්‍රසි ඉන් ශ්‍රී ලංකා".
- "සෙවන්ටීන්ත් අමෙන්ඩ්මන්ට් ටු ද කන්ස්ටිටියුෂන් ඔෆ් ද ඩිමොක්‍රටික් සෝෂලිස්ට් රිපබ්ලික් ඔෆ් ශ්‍රී ලංකා".
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 19 වන සංශෝධනය පිළිබඳ තොරතුරු, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 19 වන සංශෝධනය යනු කුමක්ද? ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 19 වන සංශෝධනය යනු කුමක් දර්ශනය කරන්නේ?