2014 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල හෙවත් XX වන (20 වන) පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව් නුවරදී 2014 ජුලි 23 වන දින සිට අගෝස්තු 3 වන දින දක්වා පැවැත්විණි.
රටවල් 71 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4950 කට අධික පිරිසක් සහභාගී වූ මෙය ස්කොට්ලන්තයේ දී එතෙක් මෙතෙක් පැවති විශාලතම බහු-ක්‍රීඩා උළෙලයි. ක්‍රීඩා 18 ක් යටතේ තරංග ඉසව් 261 ක් මෙහිදී පවත්වනු ලැබීය. ආබාධිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා වූ පැරා-ක්‍රීඩා ඉසව් 22 ක් ක්‍රීඩා 5 ක් යටතේ මෙහිදී ප්‍රථම වතාවට පවත්වනු ලැබීය. 2010 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී පැවති ටෙනිස් සහ දුනු විදීමේ ක්‍රීඩා, මෙහිදී තුන් ප්‍රයාමය සහ ජූඩෝ යන ක්‍රීඩා වලින් ප්‍රතිස්ථාපනය කර ඇත.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, 2014 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පිළිබඳ තොරතුරු, 2014 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල යනු කුමක්ද? 2014 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල යනු කුමක් දර්ශනය කරන්නේ?