2016 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල,(12 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල), එම වසරේ පෙබරවාරි 5 වන දින සිට පෙබරවාරි 16 දින දක්වා ඉන්දියාවේ ගුවහටි හීදී පැවැත්විණි.
| 12 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල | |
|---|---|
| සත්කාරකත්වය | ගුවහටි, ඉන්දියාව |
| සහභාගී වූ රටවල් | |
| ක්‍රීඩක සංඛ්‍යාව | 2,672 |
| ඉසව් ප්‍රමාණය | 23 යි |
| සමාරම්භක දිනය | 2016 පෙබරවාරි 5 සහ 6 |
| නිමා වූ දිනය | 2016 පෙබරවාරි 16 |
| නිල ආරම්භය සිදුකලේ | නරේන්ද්‍ර මෝඩි |
සත්කාරකත්වය
12 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල 2012 වර්ෂයේදී කත්මණ්ඩුහී පැවැත්වීමට මුලදී තීරණය වී තිබුණු නමුත් එය 2013 වසරේදී නව දිල්ලියේදී පැවැත්වීමට කල් දැමුණි. කෙසේවූවද මේ සමයේ ඉන්දීය ඔලිම්පික් සම්මේලනය අත්හිටුවා දැමීම නිසා නැවත් වතාවක් ක්‍රීඩා උළෙල 2015 වර්ෂයේ අගභාගය දක්වා කල් දැමුණි. ක්‍රීඩා උළෙලට සූදානම් වීම පිණිස තරගකරුවන් හට ප්‍රමාණවත් කාලප්‍රමානයක් 2015 වර්ෂයේ දෙසැම්බර් මාසය වන විට නොවේ යැයි තීරණය වීම නිසා පසුව ක්‍රීඩා උළෙල 2016 පෙබරවාරි මසට යෙදෙන පරිදි දින යොදන ලදී.
සහභාගී වූ රටවල්
වරහන් තුල දක්වා ඇත්තේ එක් එක් රාජ්‍යයන් නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව වේ.
- ඇෆ්ගනිස්තානය (254)
- බංග්ලාදේශය (409)
- භූතානය (87)
- ඉන්දියාව (519)
- මාල දිවයින (184)
- නේපාලය (398)
- පාකිස්ථානය (337)
- ශ්‍රී ලංකාව (484)
පදක්කම් සටහන
2016 පෙබරවාරි 16 දින වන විට පදක්කම් සටහන මෙහි දක්වා තිබේ.
| ස්ථානය | රට | රන් | රිදී | ලෝකඩ | එකතුව |
|---|---|---|---|---|---|
| 1 | ඉන්දියාව | 188 | 90 | 30 | 308 |
| 2 | ශ්‍රී ලංකාව | 25 | 63 | 98 | 186 |
| 3 | පාකිස්ථානය | 12 | 37 | 57 | 106 |
| 4 | ඇෆ්ගනිස්තානය | 7 | 9 | 19 | 35 |
| 5 | බංග්ලාදේශය | 4 | 15 | 56 | 75 |
| 6 | නේපාලය | 3 | 23 | 34 | 60 |
| 7 | මාල දිවයින | 0 | 2 | 1 | 3 |
| 8 | භූතානය | 0 | 1 | 15 | 16 |
| මුළු එකතුව | 239 | 239 | 310 | 788 | |
මූලාශ්‍ර
- "සවුත් ඒෂියන් ගේම්ස් ටු බී පෝස්ට්පෝන්ඩ් ෆර්දර්". ටයිම්ස් ඔෆ් ඉන්ඩියා. නව දිල්ලිය, ඉන්දියාව. 8 ජූලි 2015. සම්ප්‍රවේශය 30 දෙසැම්බර් 2015.
- "රිසල්ට්ස්: මෙඩල් ටැලි". සවුත් ඒෂියන් ගේම්ස්. සම්ප්‍රවේශය 14 පෙබරවාරි 2016.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, 2016 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල පිළිබඳ තොරතුරු, 2016 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල යනු කුමක්ද? 2016 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල යනු කුමක් දර්ශනය කරන්නේ?