AA001 මහා මාර්ගය (ශ්‍රී ලංකාව)

A1 යනු ශ්‍රී ලංකාවේ තනා තිබෙන, A ශ්‍රේණියට අයත් මහා මාර්ගයකි. කොළඹ වාණිජ අගනුවර සිට මහනුවර නගරය දක්වා සෙසු නගර හා සම්බන්ධ කරමින්, මෙම මාර්ගය ඉදි කොට ඇත.

ඉතිහාසය

නුවර පාර යනුවෙන් සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින මෙම AA001 මාර්ගය ලංකාවේ ප්‍රථම වත්මන් මහාමාර්ගය යි. එමෙන්ම කොළඹ නගරයේ සිට ඉදිකළ පළමුවැන්න ද මෙය වේ. ක්‍රි.ව. 1820 දී බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර සර් රොබට් විල්මට් හෝර්ටන් මහතාගේ මූලිකත්වයෙන් මෙහි ඉදිකිරීම් ඇරඹුණි. පසුව කැප්ටන් විලියම් ෆ්‍රැන්සිස් ඩෝසන් මහතා විසින් පවත්වාගෙන ගිය මෙහි ඉදිකිරීම් මේජර් තෝමස් ස්කින්නර් මහතාගේ තෙක් පැවතුණි. කැප්ටන් ඩෝසන් මහතා සිහිවීම පිණිස කඩුගන්නාව පිවිසුමේ ඩෝසන් කුළුණ පසුකළෙක ඉදිකෙරුණු ලැබිය.

මාර්ගය

මාර්ගය කොළඹ සිට කැලණිය, කිරිබත්ගොඩ, මහර, කඩවත, යක්කල, තිහාරිය, නිට්ටඹුව, වරකාපොළ, අඹේපුස්සට කෑගල්ල, මාවනැල්ල, කඩුගන්නාව, පේරාදෙණිය යන නගර හරහා මහනුවරට ගමන් කරයි. මෙහිදී අඹේපුස්ස ප්‍රදේශයෙන් කුරුණෑගලට දිවෙන AA006 මාර්ගයද, පොල්ගහවෙල සිට කෑගල්ලට පැමිණ නුවරට ගමන්කිරීම සඳහා AA019 මාර්ගයද, පේරාදෙණියෙන් නුවරඑළියට හා බදුල්ලට දිවෙන AA005 මාර්ගයද සම්බන්ධ වේ.

ගැලරිය

මෙම මාර්ගයේ දක්නට ලැබෙන ස්ථාන හා පැරණි ඡායාරූප පහත දැක්වේ.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, AA001 මහා මාර්ගය (ශ්‍රී ලංකාව) පිළිබඳ තොරතුරු, AA001 මහා මාර්ගය (ශ්‍රී ලංකාව) යනු කුමක්ද? AA001 මහා මාර්ගය (ශ්‍රී ලංකාව) යනු කුමක් දර්ශනය කරන්නේ?