ගගන ඉංජිනේරුවේදය

ගගන ඉංජිනේරුවේදය එසේත් නැත්නම් අවකාශතලය පිළිබඳ ඉංජිනේරු විද්‍යාව (ඉංග්‍රීසි:  Aerospace engineering) යනු, ගුවන් යානා හා අභ්‍යාවකාශ යානා පසුපස ඇති මෝස්තරය, නිපදවීම හා විද්‍යාව පිළිබඳ වූ ඉංජිනේරු විද්‍යාවේ අංශකි. අවකාශතලය පිළිබඳ ඉංජිනේරු විද්‍යාව ප්‍රධාන කොටස් 2කට බෙදී ඇත. ගගනගාමී ඉංජිනේරු විද්‍යාව හා අජටාකාශගාමී ඉංජිනේරු විද්‍යාව එම කෙටස් 2යි. ගුවන්යානා සමඟ පෙර පැවති කටයුතු පෘථිවි වායුගෝලය තුළට සීමා වු අතර පසු කාලීනව ගුවන්යානා සමඟ පැවති කටයුතු පෘථිවි වායුගෝලයෙන් පිටත දී ක්‍රියා කරන සුළු ඒවා විය. “ගගනගාමී”යන්න නියම පදය වන අතරතුර දී වඩාත් පුළුල් “අවකාශතලය” භාවිතයේ දී එය අභිබවා ඇත. එසේ වී ඇත්තේ, ගුවන් ගමන් තාක්ෂණය බාහිර වායුගෝලයේ දී (පෘථිවි වායුගෝලයෙන් පිටත) ක්‍රියාත්මක වන ගුවන් යානා අන්තර්ගත වීමට තරම් ඉදිරියට පැමිණ ඇති නිසාවෙනි

Aerospace engineer
NASA engineers, seen here in mission control during Apollo 13, worked to ensure the safety of the operation and astronauts onboard
Occupation
NamesAerospace engineer
Engineer
Occupation type
Profession
Activity sectors
Aeronautics, astronautics, science
Description
CompetenciesTechnical knowledge, management skills
(see also glossary of aerospace engineering)
Education required
Bachelor's degree
Fields of
employment
Technology, science, space exploration, military

අවකාශ තලය පිළිබඳ ඉංජිනේරු විද්‍යාව නිතරම, සාමාන්‍යයෙන් රොකට් විද්‍යාව ලෙස ද හැඳින්වේ. F-15 ඊගල් හා F-16 ෆැල්කන් යානා සඳහා ප්‍රැට් සහ විට්නි F100 ජෙට් එන්ජින්, ඇමරිකා එක්සත් ජනපදයේ, ජෝර්ජියාවේ, රොබින්ස් ගුවන් හමුදා මූල ස්ථානයේ දී පරීක්ෂා කර බලන ලදී. එන්ජිම පිටුපස ඇති පැදවුම් දණ්ඩ සහිත නලය හඬ අවුරන අතර එන්ජිමෙන් පිටවන දුමාරයට පිටවීමට ඉඩ ලබා දේ.


සාරාංශය

නූතන ගුවන් යානා, වායුගෝල‍ීය පීඩනයේ හා උෂ්ණත්වයේ වෙනස්වීම් හෝ වාහන කොටස් මත යෙදෙන දරුණු ව්‍යුහමය භාරය වැනි දරුණු තත්වයන්ට යටත් වේ. ඒ නිසාවෙන් ඒවා සාමාන්‍යයෙන් , වායු ගතිකය, ගුවන් නැව් හැසුරුමේ දී භාවිත ඉලෙක්ට්‍රොනික තාක්ෂණය, ද්‍රව්‍ය විද්‍යාව හා ප්‍රචාලනය අන්තර්ගත විවිධ තාක්ෂණයන් සමූහයකගේ නිමැවුමකි. මෙම තාක්ෂණයන් සමූහය එක්ව ගත් කළ අවකාශ තලය පිළිබඳ ඉංජිනේරු විද්‍යාව ලෙස සැලකේ. කේෂ්ත්‍රයේ ඇති සංකීර්නතාවය නිසා අවකාශ තලය පිළිබඳ ඉංජිනේරු විද්‍යාව එකිනෙකට සුවිශේෂී වූ විද්‍යාවේ අංශයන් පිළිබඳ විශේෂඥතාවයක් දක්වන ඉංජිනේරුවන් කණ්ඩායමක් විසින් මෙහෙයවනු ලැබේ. ගුවන් යානයක වර්ධනය හා නිෂ්පාදනය, හැකියාවන්, කාර්ය සාධනය, ලබා ගත හැකි තාක්ෂණය හා වියදම් අතර සැලකිලිමත් සමබරතාවය හා එකඟතාවය මත රඳා පවතී.

ආශ්‍රිත ලිපි

  • American Institute of Aeronautics and Astronautics
  • American Helicopter Society International
  • Flight test
  • Glossary of aerospace engineering
  • Index of aerospace engineering articles
  • List of aerospace engineering schools
  • List of aerospace engineers
  • List of Russian aerospace engineers
  • Sigma Gamma Tau – aerospace engineering honor society
  • Space Power Facility

පාද සටහන්

මූලාශ්‍ර

  1. "Required Education". study.com. සම්ප්‍රවේශය 2015-06-22.
  2. "Education, Aerospace Engineers". myfuture.com. 2015-06-22 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2015-06-22.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ගගන ඉංජිනේරුවේදය පිළිබඳ තොරතුරු, ගගන ඉංජිනේරුවේදය යනු කුමක්ද? ගගන ඉංජිනේරුවේදය යනු කුමක් දර්ශනය කරන්නේ?