ඇල්බට් අයින්ස්ටයින් ජර්මනියේ උපත ලද සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙකි. නොයෙකුත් විෂයපථයන් රාශියක් අතුරින් සිය සුප්‍රකට සාපේක්ෂතා වාදය හා ස්කන්ධ - ශක්ති තුල්‍යතාව ( E = mc2) සමීකරණය සඳහා වඩාත් ප්‍රසිද්ධවූ අයින්ස්ටයින් ඔහුගේ සෛද්ධන්තික භෞතික විද්‍යාව සදහා වු සේවය හා විශේෂයෙන්ම ප්‍රකාශ විද්‍යුත් ආචරණ නියම වල සොයා ගැනීම් නිසා 1921 දී භෞතික විද්‍යාව සදහා වු නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබීය.
ඇල්බට් අයින්ස්ටයින් | |
|---|---|
අයිස්ටයින් 1921දී | |
| පුරවැසිබව |
|
| උගත් ශාස්ත්‍රාලය |
|
| ප්‍රසිද්ධව ඇත්තේ |
|
| කලත්‍රයා(යන්) | Mileva Marić (වි. 1903; දි. 1919) Elsa Löwenthal (වි. 1919; died 1936) |
| දරුවන් | "Lieserl" Einstein Hans Albert Einstein Eduard "Tete" Einstein |
| සම්මාන |
|
| Scientific career | |
| ක්ෂේත්රය | භෞතික විද්‍යාව, දර්ශනය |
| ආයතන |
|
| Thesis | Eine neue Bestimmung der Moleküldimensionen (A New Determination of Molecular Dimensions) (1905) |
| ආචාර්ය උපදේශක | ඇල්ෆඩ් ක්ලෙච්නර් |
| Other academic advisors | හෙන්රිච් ෆ්‍රෙඩ්රික් වෙබර් |
| සිහිකළයුතු විද්‍යාර්ථියන් |
|
| අත්සන | |
යාන්ත්‍ර විද්‍යාව සහ විද්‍යුත් චුම්භකත්වය නැවත සම්බන්ධ කරමින් ඉදිරිපත් කළ විශේෂ සාපේක්ෂතාවාදය සහ නව ගුරුත්වාකර්ෂණ වාදයකට නිර්මාණය කරමින් සාපේකෂතාවාදී මූලධර්ම ඒකාකාරී නොවන චලිතවලට ද අදාල කරමින් ඉදිරිපත් කළ සාමාන්‍ය සාපේක්ෂතාවාදය ද භෞතික විද්‍යාවට අයින්ස්ටයින් දැක්වු ප්‍රධාන දායකත්වන් වේ. ඔහු දැක්වූ අනෙකුත් දායකත්වයන් අතරට සාපේක්ෂවාදී තාරකා විද්‍යාව, විශ්ව න්‍යාය විද්‍යාව, කේශික ක්‍රියාව, අවධි උපලනය, ස්ථිතිමය යාන්ත්‍ර විද්‍යාවේ ගැටළු හා ඒවායේ ක්වොන්ටම්‍විද්‍යාත්මක යෙදීම්, අණුක බ්‍රවුනිය චලිතය පිළිබඳ විවරණය, සංක්‍රමණ සම්‍භාවිතාව, ඒක පරමාණුක වායු පිළිබඳ ක්වොන්ටම්‍වාදය, අඩු විකිරණ ඝනත්වයක් සහිත ආලෝකයේ තාප ගුණ (මෙය ෆෝටෝන වාදයයට මුලික පදනම විය) උත්තේජිත විමෝචනය ඇතුලත් විකිරණ වාදය, ඒකීකෘත ක්ෂේත්‍රවාද සංකල්පය, භෞතික විද්‍යාවේ ජ්‍යාමිතිකකරණය ආදිය අයත්ය.
අයින්ස්ටයින් පල කළ ප්‍රකාශන අතරට විද්‍යාත්මක පත්‍රිකා හා නිබන්ධන පනහකට වැඩි ප්‍රමාණයක් ද විද්‍යාත්මක නොවන පොත්පත් අයත් වේ. භෞතික විද්‍යාව සම්බන්ධවිද්‍යාර්ථීන් අයින්ස්ටයින් දේවත්වයේ ලා සලකන අතර 1999 දී “ටයිම්” සගරාව මගින් ඔහු “ශතවර්ෂයේ මිනිසා” වශයෙන් නම්‍කරන ලදී. ඔහුගේ නම ගැලීලියෝ ගැලීලි, අයිසැක් නිව්ටන්, චාල්ස් ඩාවින් වැනි විද්‍යාඥයන්ගේ නම් අතර ඔවුන් ද පවා අභිබවා යන තරම්ය. ලෝක ඉතිහාසයේ විශිෂ්ඨතම සහ සුප්‍රසිද්ධම විද්‍යාඥයා වන්නේ ද ඇල්බර්ට් අයින්ස්ටයින්මය. වර්තමාන සංස්කෘතිය තුල “අයින්ස්ටයින්” යන්න අතිවිශිෂ්ට බුද්ධිමතා යන වචනයට සමාන පදයක් වශයෙන්ද භාවිතා වේ.
චරිතාපදානය
මුල් ළමාවිය
ඇල්බට් අයින්ස්ටයින් 1879 මාර්තු 14 වැනිදා, ජර්මනියේ වර්ටෙම්බෙර්ග් ප්‍රාන්තයේ, උල්ම් හිදී උපත ලැබීය. ඔහුගේ පියා වන හර්මන් අයින්ස්ටයින්, වෙළෙන්දෙකු සහ ඉංජිනේරුවෙකු විය. ඔහුගේ මව පෝලීන් කොච් විය. වර්ෂ 1880 දී ඔවුන් මියුනික් නගරය වෙත පැමිණියේ ඔහුගේ පියා සහ මාමා එක්ව විදුලි උපකරණ නිශ්පාදන කරන සමාගමක් ආරම්භ කිරීමටය.
ඉතා කුඩා අවධියේදී, කතා කිරීමට මන්දගාමී අයින්ස්ටයින්හට ඉගෙනීමේ දුර්වලතාවයක් ඇති බව සිතූ ඔහුගේ දෙමාපියන් කනස්සල්ලට පත්විය. වයස අවුරුදු පහේදී, ඔහුගේ පියා ඔහුට මාලිමා යන්ත්‍රයක් ගෙන ආවේය. එහි කටුව සෑම විටම උතුරට යොමු වන පරිදි චලනය වන ආකාරය තේරුම් ගැනීමට ඔහු දැඩි උත්සාහයක් ගත්තේය. මෙය විද්‍යුත්චුම්භකත්වය කෙරෙහි ඔහුගේ ජීවිත කාලය පුරාවූ ආකර්ෂණයට හේතු විය.
අධ්‍යාපනය
ප්‍රාථමික අධ්‍යාපනය
මියුනික්හී ශාන්ත පීතර කතෝලික පාසලෙන් හා ලුයිට්පෝල්ඩ් පාඨශාලාවෙන් ප්‍රාථමික හා පූර්ව-ද්විතියික අධ්‍යාපනය ලැබූ අයින්ස්ටයින් කුඩා කල සිටම භෞතික විද්‍යාව හා ගණිතය පිළිබඳ විශිෂ්ටයෙකු වූ අතර, ඔහුට වඩා අවුරුදු කිහිපයක් වැඩිමල් දරුවෙකු තුළ පමණක් දක්නට ලැබෙන ගණිතමය කුසලතා ඉක්මනින්ම අත්පත්කර ගත්තේය. 1891 දී, දොළොස් හැවිරිදි අයින්ස්ටයින් වීජ ගණිතය, කලනය සහ යුක්ලීඩියානු ජ්‍යාමිතිය තනිවම ඉගෙනගත් අතර කෙතරම් වේගවත් ප්‍රගතියක් ලබා ගත්තේද යත්, තම දහතුන්වන උපන්දිනයට පෙර පයිතගරස් ප්‍රමේයය විසඳිය. ගණිත ගුරුවරයෙකු වන මැක්ස් ටල්මූඩ් අයින්ස්ටයින්ගේ බුද්ධිය මට අනුගමනය කළ නොහැකි තරම් ඉහළ වූ බව පැවසුවේ ජ්‍යාමිතික පෙළපොතක් ලබා දී ටික දිනකට පසු, මුළු පොතම කියවා අතැඹුලක් සේ දැනගත් හෙයින් පමණක්ම නොව, එම්මානුවෙල් කාන්ට්ගේ සාමාන්‍ය මිනිසුන්ට තේරුම්ගත නොහැකි දාර්ශනික කෘති පවා කියවා අවබෝධකරගත් හෙයිනි.
ද්විතියික අධ්‍යාපනය
වයස දාහතර වන විට අනුකලනය සහ අවකලනය ප්‍රගුණ කළ අයින්ස්ටයින් 1895 දී, වයස අවුරුදු දහසයේදී ස්විට්සර්ලන්තයේ ෆෙඩරල් පොලිටෙක්නික් පාසලට (දැන් ඊ.ට්.එච්. සූරික් විශ්වවිද්‍යාලය) ඇතුලත්වීම සඳහා ප්‍රවේශ විභාගයට පෙනී සිටියේය. ඔහු පරීක්ෂණයේ සාමාන්‍ය කොටසේ අවශ්‍ය ප්‍රමිතියට ළඟා වීමට අපොහොසත් වූ නමුත් භෞතික විද්‍යාව සහ ගණිතයට විශිෂ්ට සාමාර්ථ ලැබීය. පොලිටෙක්නික්හී විදුහල්පතිවරයාගේ උපදෙස් පරිදි, අරාවු කෝරළයෙහි ආර්ගෝවියානු පාසලෙන් 1896 දී තම ද්විතීයික අධ්‍යාපනය සම්පූර්ණ කළ අයින්ස්ටයින් එම වසරේදීම පොලිටෙක්නික් පාසලට බඳවාගන්නා මැට්‍රිකියුලේෂන් විභාගයට හයවන ශ්‍රේණියේ විශිෂ්ට සාමාර්ථ පහක්ද සමඟින් සමත්විය.
තෘතියික අධ්‍යාපනය
වයස අවුරුදු දාහතෙහි සිට විස්ස දක්වා භෞතික විද්‍යාව හා ගණිතය පිළිබඳ ෆෙඩරල් පොලිටෙක්නික් පාසලෙහි සිව් අවුරුදු උපාධිය නිමකළ අයින්ස්ටයින් හට, තම සරසවි සුමිතුරු මාර්සෙල් ග්‍රොස්මාන්ගේ පියාණන්ගේ නිර්දේශය මත 1900 දී බර්න්'හී ස්විට්සර්ලන්ත පේටන්ට් කාර්යාලයේ තෙවන ශ්‍රේණියේ සහකාර පරීක්ෂකවරයෙකු ලෙස රැකියාවක් ලැබුණි. ඇගයීම සඳහා ඔහුගේ මේසය මතට පැමිණි විදුලි යතුරුලියන යන්ත්‍ර, බොරළු වර්ග කරනා යන්ත්‍ර වැනි පේටන්ට් බලපත්‍ර අයදුම්පත් උද්යෝගයෙන් කියවූ ඔහු දැනුමින් තවත් සන්නද්ධව නව විද්‍යාත්මක පිබිදීමකට ලක්විය. අන්තර් අණුක ආකර්ෂණය පිළිබඳ ආකෘතියක් යෝජනා කළ අයින්ස්ටයින්ගේ පළමු විද්‍යාත්මක පත්‍රිකාව වන "කේශනාලිකා සංසිද්ධි වලින් ලබාගත් නිගමන", 1901 දී කීර්තිමත් 'භෞතික විද්‍යාවේ වංශකථාව' නම් විද්‍යාත්මක ජර්නලයෙහි ප්‍රකාශයට පත් කරන ලදී.
1902 දී, තම සරසවි සගයන් වූ කොන්රඩ් හැබිච්ට් හා මොරිස් සොලොවීන් සමග විද්‍යාව සහ දර්ශනය සාකච්ඡා කිරීම සඳහා බර්න්හි නිතිපතා රැස්ව ත්‍රිපුද්ගල කණ්ඩායමක් පිහිටුවා ගත් අයින්ස්ටයින් එය ඔලිම්පියා ඇකඩමිය ලෙස නම්කළේය. තම ස්වකීය විද්‍යාත්මක නිබන්ධන සහ ගණිත ගැටළුවලට අමතරව කාල් පියර්සන්, අර්නස්ට් මාක්, හෙන්රි පොයින්කෙයා, ජෝන් ස්ටුවර්ට් මිල්, ඩේවිඩ් හියුම්, බරූක් ස්පිනෝසා වැනි විද්‍යාර්ථීන්ගේ විද්‍යාත්මක සහ දර්ශනික පොතපත පරිශීලනය කල ඔවුන් මිගෙල් දෙ සර්වැන්ටෙස්, ජීන් රසීන් හා සොෆෝක්ලීස් වැනි සාහිත්‍යධරයින්ගේ සාහිත්‍ය කෘතීන්ද රසවින්දේය. කල් යත්ම පොලිටෙක්නික්හී තම සුමිතුරු මාර්සෙල් ග්‍රොස්මාන්, කොන්රඩ් හැබිච්ට්ගේ සොහොයුරු පෝල් හැබිච්ට්, නවක මිතුරන් වූ මිකයිල් බෙසෝ හා ලූචියන් ශවාන් මෙන්ම තම අනාගත පෙම්වතිය හා බිරිඳ බවට පත්වූ මිලේවා මාරිච් ද, ඔලිම්පියා ඇකඩමියෙහි සාමජිකයන් වූහ. මිලේවාගේ ආගමනය මුල් මාස කිහිපයේදී අසන්නියකට සීමාවූවද ඊළඟ වසර කිහිපය තුළ මෙම යුවළ නිතිපතා ඔවුන්ගේ පොදු රුචිකත්වයන් සාකච්ඡා කරමින් සහ පොලිටෙක්නික් පාසලේ දේශනවලින් ආවරණය නොකළ භෞතික විද්‍යාවේ මාතෘකා ගැන ඉගෙන ගත්හ. ඇය සමඟ විද්‍යාව ගවේෂණය කිරීම හුදකලාවේ පෙළපොතක් කියවීමට වඩා බොහෝ විනෝදජනක බව අයින්ස්ටයින් ඇය හට ලියූ පෙම්හසුන්වලද ලියා තිබුණි.
පේටන්ට් කාර්යාලයෙන් හා ඔලිම්පියා ඇකඩමියෙන් පන්නරය ලැබ අවකාශය, කාලය සහ ආලෝකය පිළිබඳ විප්ලවීය අදහස්වලට එළඹුනු අයින්ස්ටයින් 1905 දී, 'අණුක මානයන් පිළිබඳ නව නිර්ණයනයක්' නමින් පිටු 24ක නිබන්ධනයකින් ෆෙඩරල් පොලිටෙක්නික් පාසලෙන්ම (දැන් ඊ.ට්.එච්. සූරික් විශ්වවිද්‍යාලය) තම ආචාර්ය උපාධිය සම්පූර්ණ කළේය.
භෞතික විද්‍යාවෙහි ඇනස් මිරාබිලිස් වසර
තම ආචාර්ය උපාධිය සම්පූර්ණ කල වසරේදීම අයින්ස්ටයින් තවත් පෙරළිකාර න්‍යායපත්‍රිකා හතරක් 'භෞතික විද්‍යාවේ වංශකථාව' ජර්නලයට නිකුත් කළේය. අවකාශය, කාලය, ස්කන්ධය සහ ශක්තිය, පිළිබඳ විද්‍යාත්මක අවබෝධයෙහි විප්ලවීය වෙනස්කමක් සිදුකරමින් සියවස් තුනකට අධික කාලයක පටන් මුල්බැස ගොස් තිබූ නිව්ටෝනියානු ප්‍රත්‍යයන් සාවද්‍ය බවට සනාථ කරමින්, නූතන භෞතික විද්‍යාවේ ප්‍රගමනයට ප්‍රධාන දායකත්වය ලබා දුන් මෙම විද්‍යාත්මක ප්‍රකාශන නිසා දෙස් විදෙස් භෞතික විද්‍යාඥයින් අතර අයින්ස්ටයින් යන නාමය ඉමහත් ප්‍රසිද්ධියට හා කීර්තියට පත්වූ අතරම වර්ෂ 1905 භෞතික විද්‍යාවෙහි ආශ්චර්යමත් වසර 'ඇනස් මිරාබිලිස්' ලෙස නම් විය.
ඇනස් මිරාබිලිස් න්‍යායපත්‍රිකා හතර සැකෙවින්:
1. 'ආලෝකයෙහි නිෂ්පාදනය හා පරිවර්තනය විවරණෝපයෝගී දෘෂ්ටිකෝණයකින්' (ප්‍රකාශ විද්‍යුත් ආචරණය)
පළමු පත්‍රිකාව ප්‍රකාශ විද්‍යුත් ආචරණය පැහැදිලි කළ අතර සමීකරණය තුලින් ආලෝක ක්වොන්ටා හි ශක්තිය සනාථ කොට ස්ථාපිත කරන ලදී. 1921 දී අයින්ස්ටයින් හට භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය පිරිනැමුනේ මෙම පැහැදිලි කිරීමටය.
2. 'තාපය පිළිබඳ අණුක චාලක න්‍යායට අනුව අවශ්‍ය පරිදි ස්ථිතික ද්‍රවයක අත්හිටුවන ලද කුඩා අංශුවල චලිතය' (බ්‍රව්නියානු චලිතය)
දෙවන පත්‍රිකාව බ්‍රව්නියානු චලිතය පැහැදිලි කළ අතර නම් අයින්ස්ටයිනීය සම්බන්ධය ස්ථාපිත කොට භෞතික විද්‍යාඥයින්ට පරමාණුවල පැවැත්ම සැබෑ බව ඔප්පු කරලීය.
3. 'චලනය වන වස්තූන්ගේ විද්‍යුත් ගති විද්‍යාව' (විශේෂ සාපේක්ෂතාවාදය)
තෙවන පත්‍රිකාව අයින්ස්ටයින්ගේ විශේෂ සාපේක්ෂතාවාදය හඳුන්වා දුන්නේය. එය ආලෝකයේ වේගයේ නියතතාව: ප්‍රකාශ කරන ලද අතර ලොරෙන්ට්ස් පරිවර්තනද ව්‍යුත්පන්න කළේය. මෙම පත්‍රිකාවෙන් අයින්ස්ටයින් සාපේක්ෂතාවාදී අපගමනය/ භ්‍රංශය හා තීර්යක් ඩොප්ලර් ආචරණයද පරීක්ෂා කළේය.
4. 'ශරීරයක අවස්ථිති බව එහි ශක්ති අන්තර්ගතය මත රඳා පවතීද?' (ස්කන්ධයේ හා ශක්තියේ තුල්‍යතාව)
සිව්වන පත්‍රිකාව විශේෂ සාපේක්ෂතාවාදය අනුසාරයෙන් සමීකරණය තුලින් ස්කන්ධ-ශක්ති සමානාත්මතාවයේ මූලධර්මය ගොඩනැගීය. දශක ගණනාවකට පසු න්‍යෂ්ටික බලය සොයා ගැනීමට මෙන්ම භාවිතයටද මෙම පත්‍රිකාවෙහි දැනුම ඉවහල් විය.
මෙම න්‍යායපත්‍රිකා හතර, ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව සහ අයින්ස්ටයින්ගේ පසුකාලීන සාමාන්‍ය සාපේක්ෂතාවාදය, නූතන භෞතික විද්‍යාවේ පදනම වේ.
යුරෝපයේ අධ්‍යයන වෘත්තිය
අයින්ස්ටයින් 1908 දී ජර්මනියේ බර්න් විශ්ව විද්‍යාලයේ කනිෂ්ඨ ගුරු තනතුරක් ලබා ගත්තේය. 1909 දී, ස්විට්සර්ලන්තයේ සූරික් විශ්ව විද්‍යාලයේදී ඔහු විසින් පවත්වන ලද සාපේක්ෂතාවාදී විද්‍යුත් ගති විද්‍යාව පිළිබඳ දේශනයක් මැනවින් අසා සිටි මහ ඇදුරු ඇල්ෆ්‍රඩ් ක්ලයිනර් විසින් සූරික් විශ්ව විද්‍යාලයේ අලුතින් නිර්මාණය කරන ලද සහකාර මහාචාර්ය ධුරයක් සඳහා අයින්ස්ටයින්ව බඳවාගැනුනි. ඉනික්බිතිව 1911 දී, චෙකොස්ලොවැකියාවේ ප්‍රාග්හි ජර්මානු චාල්ස්-ෆර්ඩිනන්ඩ් විශ්ව විද්‍යාලයේ පූර්ණ මහාචාර්ය ධුරයකට අයින්ස්ටයින් උසස්වීමක් ලැබීය. එම කාල වකවානුව තුළ ඔහු පර්යේෂණ පත්‍රිකා එකොළහක් නිකුත් කළේය.
1911 ඔක්තෝබර් 30 සිට නොවැම්බර් 3 දක්වා, අයින්ස්ටයින් භෞතික විද්‍යාව පිළිබඳ පළමු සොල්වේ සමුළුවට සහභාගී විය. 1912 ජූලි මාසයේදී, ඔහු න්‍යායාත්මක භෞතික විද්‍යාව පිළිබඳ පීඨාධිපති තනතුර ලබා ගැනීම සඳහා දැන් ඊ.ටී.එච්. සූරික් විශ්ව විද්‍යාලය ලෙස නම්වූ ෆෙඩරල් පොලිටෙක්නික් පාසල වෙත නැවත පැමිණියේය. එහි ඔහුගේ ඉගැන්වීම් කටයුතු තාප ගති විද්‍යාව සහ විශ්ලේෂණ යාන්ත්‍ර විද්‍යාව කෙරෙහි අවධානය යොමු කළ අතර, ඔහුගේ පර්යේෂණ අවශ්‍යතා අතරට තාපය පිළිබඳ අණුක න්‍යාය, අඛණ්ඩ යාන්ත්‍ර විද්‍යාව මෙන්ම ගුරුත්වාකර්ෂණය පිළිබඳ සාපේක්ෂතාවාදී න්‍යායක් වර්ධනය කිරීමද ඇතුළත් විය. එය හට අවැසි ගණිතය උදෙසා ඔහුගේ සරසවි සුමිතුරු මාර්සෙල් ග්‍රොස්මාන් ද ඔහුට සහාය විය.
1914 දී, අයින්ස්ටයින් නැවත ජර්මනියට ගොස්, ප්‍රෂියානු ඇකඩමියේ සාමාන්‍ය සාමාජිකයෙකු සහ කයිසර්-විල්හෙල්ම්-ගෙසෙල්ෂාෆ්ට් හි භෞතික විද්‍යාව සඳහා අලුතින් පිහිටුවන ලද ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු බවට පත්විය. ඔහු බර්ලිනයේ ජීවත් වූ අතර 1915 නොවැම්බර් මාසයේදී සාමාන්‍ය සාපේක්ෂතාවාදය පිළිබඳ න්‍යාය සම්පූර්ණ කළේය.
දෙවන ලෝක යුද්ධය හා මැන්හැටන් ව්‍යාපෘතිය
දෙවන ලෝක යුද්ධයට පෙර, 1939 දී, ලියෝ සිලාඩ්, එඩ්වඩ් ටෙලර්, යූජීන් විග්නර් ප්‍රමුඛ හංගේරියානු විද්‍යාඥයන් කණ්ඩායමකගේ ආරාධනයකට අනුව, අයින්ස්ටයින් ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ෆ්‍රෑන්ක්ලින් ඩී. රූස්වෙල්ට් වෙත ලිපියක් යැවීය. එන්රිකෝ ෆර්මි හා ලියෝ සිලාඩ්ගේ ගේ නවතම පරීක්ෂණයන් හමුවේ මා හට දුන් තොරතුරුවලට අනුව නාසි රජය ජර්මානු විද්‍යාඥයන් සමඟ එක්ව යුරේනියම් අනුසාරයන් බෝම්බයක් තැනීම පිණිස පර්යේෂණ කරන බවටද, යම් හෙයකින් එය සාක්ෂාත් වුවහොත් හිට්ලර් එවැනි අවියක් භාවිතා කිරීමට බොහෝ සෙයින් කැමති වනු ඇති බවටද, ඉන් අනතුරු ඇඟවීය. සිදුවියහැකි මහා විනාශයක් වැළැක්ලීම පිණිස එක්සත් ජනපදය තමන්ගේම න්‍යෂ්ටික අවි පර්යේෂණවල නිරත වීම නිර්දේශ කළ මෙම ලිපියට ඔහු අත්සන් කළ නමුත් පසුකාලීනව පරමාණු බෝම්බය නිර්මාණය කළ මැන්හැටන් ව්‍යාපෘතියේ කොටස්කරුවෙකු නොවීය.
පෞද්ගලික ජීවිතය
තම ඔලිම්පියා ඇකඩමියෙහි අධ්‍යයන මිතුරිය වූ සර්බියානු ජාතික මිලේවා මාරිච් සමග පෙමින් බැඳි අයින්ස්ටයින් 1903 දී ඇය හා විවාහ විය.
1917 දී, අයින්ස්ටයින් මරණයට ආසන්න රෝගයකින් දැඩි ලෙස රෝගාතුර වූ අතර, වාසනාවකට මෙන් ඔහු දිවි ගලවා ගත්තේය. ඔහුගේ ඥාති සොහොයුරිය වන එල්සා ලොවෙන්තාල් ඔහුව නැවත සෞඛ්‍ය සම්පන්නව රැකබලා ගත්තාය. මෙය සිදු වූ පසු, අයින්ස්ටයින් 1919 පෙබරවාරි 14 වන දින මිලේවා දික්කසාද කළ අතර, 1919 ජුනි 2 වන දින එල්සා සමඟ විවාහ විය.
මරණය
අයින්ස්ටයින් අභ්‍යන්තර රුධිර වහනයක් හේතුවෙන් මිය ගිය අතර ශල්‍යකර්මයක් ප්‍රතික්ෂේප කරේය. ඔහු වෛද්‍යවරයාට "මට යෑමට අවශ්‍ය විට යා යුතුයි. කෘතීමව ජිවත් වෙලා ඵලක් නෑ. මම මගේ කොටස අවසන් කරලා තියෙන්නේ. මම ඒක කදිමෙට කරනවා" යනුවෙන් පැවසීය. පසුදින එලිවෙත්ම ඔහු ප්‍රින්ස්ටන්හි රෝහලක 76 වියේදි මරණයට පත්විය.
විද්‍යාත්මක චින්තනය
විශේෂ සාපේක්ෂතාවාදය සහ E= mc²
අයිස්ටයින්ගේ "Zur Elektrodynamik bewegter Körper" එනම් "චලනය වෙමින් පවතින ස්කන්ධවල විද්‍යුත්ගතිකය" (Electrodynamics of Moving Bodies) 1905 ජුනි 30 දින නිකුත් වුණු අතර එම වසරේ ම සැප්තැම්බර් 26 දින ප්‍රකාශයට පත්කෙරිණ. එය යාන්ත්‍ර විද්‍යා නියමයන්ට වෙනස්කම් හදුන්වා දෙමින් මැක්ස්වෙල්ගේ සමීකරණ (විද්‍යුතයේ හා චුම්බකත්වයේ නියම) සහ නිව්ටෝනීය යාන්ත්‍ර විද්‍යා නියම අතර ගැටුම සමහන් කළේ ය. මේ වෙනස්කම්වල ප්‍රතිඵල අධික වේගයන්හි දී (ස්කන්ධයන් ආලෝකයේ වේගයට ආසන්න වේගවලින් චලනය වන අවස්ථාවන්හි) මැනවින් නිරීක්ෂණය කළ හැකි විය. පසුකලෙක අයින්ස්ටයින්ගේ විශේෂ සාපේක්ෂතාවාදය (Theory of Special Relativity)ලෙස ප්‍රකට වූයේ මේ පත්‍රිකාවෙන් ඉදිරිපත් කෙරුණු ප්‍රවාදය යි.
අපට සාපේක්ෂව චලනය වෙමින් සිටින නිරීක්ෂකයකුගේ රාමුවේ සිට මනින විට, චලනය වන ස්කන්ධය සතු ව ඇති ඔරලෝසුවක කාලය සෙමින් ගතවන බව පෙනී යන බවත් එකී ස්කන්ධය ද එය චලනය වන දිශාව ඔස්සේ දිගින් අඩු වන බවත් මේ පත්‍රිකාවෙන් පූර්වකල්පනය කරන ලදී. එකල භෞතික විද්‍යාවේ බල පැවැත් වූ ප්‍රධාන සංකල්පයක් වූ ආලෝකවාහක ඊතරය නො පැවතිය හැක්කක් බවට ද මේ පත්‍රිකාවෙන් තර්ක කරන ලදී.
ස්කන්ධ-ශක්ති තුල්‍යතාව (mass-energy equalence) පිළිබද සිය පත්‍රිකාවෙන් අයින්ස්ටයින් E = mc2 නම් සමීකරණය ගොඩනැංවී ය. ඒ සිය විශේෂ සාපේක්ෂතාවාදයේ සමීකරණවල ප්‍රතිඵලයක් ලෙස ය. 1905 දී පළ කළ අයින්ස්ටයින්ගේ විශේෂ සාපේක්ෂතාවාදය පිළිබද පත්‍රිකාව කලක් යන තුරු තරමක ආන්දෝලනයකට මුහුණ දුන්නත් පළමු ව මැක්ස් ප්ලාන්ක් විසිනුත් අනතුරු ව සෙසු ප්‍රමුඛ විද්‍යාඥයන් විසිනුත් පිළිගන්නා ලදී.
අයින්ස්ටයින් සිය විශේෂ සාපේක්ෂතාවාදය පිහිටවූයේ ප්‍රගති විද්‍යාවේ (kinematics) න්‍යායික රාමුව තුළ ය. 1908 දී හර්මන් මින්කොව්ස්කි විශේෂ සාපේක්ෂතාවාදය කාලාවකාශය (space-time) සම්බන්ධ ප්‍රවාදයක් ලෙස ජ්‍යාමිතික රාමුවක් තුළ ප්‍රති-අර්ථකථනය කරන ලදී. 1915 දී සිය සාධාරණ සාපේක්ෂතාවාදය හදුන්වා දෙද්දී අයින්ස්ටයින් මින්කොව්ස්කිගේ රූපිකය (formalism) යොදාගත්තේ ය.
සාමාන්‍ය සාපේක්ෂතාවාදය හා තුල්‍යයතා මූලධර්මය
සාමාන්‍ය සාපේක්ෂතාවාදය (Theory of General Relativity) යනු 1907 සහ 1915 අතර කාලය තුළ අයින්ස්ටයින් විසින් සංවර්ධනය කරන ලද ගුරුත්වය (gravitation) පිළිබද ප්‍රවාදය වේ. සාමාන්‍ය සාපේක්ෂතාවාදයට අනුව ගුරුත්වාකර්ෂණය යනුවෙන් අප අත්දකින සංසිද්ධිය එයට සම්බන්ධ ස්කන්ධයන් විසින් කාල-අවකාශය වක්‍ර කිරීමේ ප්‍රතිඵලයකි. සාමාන්‍ය සාපේක්ෂතාවාදය නවීන අභ්‍යවකාශ භෞතික විද්‍යාවේ මහගු මෙවලමක් බවට පත් වී තිබේ. කලු කුහර (Black Holes) හෙවත් අවකාශයේ පවතින, ආලෝකය පවා බලපෑමට ලක්වන තරම් ප්‍රබල ගුරුත්වාකර්ෂණයක් සහිත ප්‍රදේශ පිළිබද වත්මන් අවබෝධයට පදනම වී ඇත්තේ එය යි.
අයින්ස්ටයින් පසු ව පැවසූ පරිදි සාමාන්‍ය සාපේක්ෂතාවාදය ගොඩනැගීමට ඔහුට හේතුවූයේ විශේෂ සාපේක්ෂතාවාදය තුළ අවස්ථිතික චලනයන් (inertial motions) කෙරෙහි වූ වැඩි නැඹුරුව හේතුවෙන් එය එතරම් සතුටුදායක ප්‍රවාදයක් නොවීමත්, සමාරම්භයේ සිට ම කිසිම චලන අවස්ථාවක් කෙරෙහි (ත්වරණය වන ඒවා කෙරෙහි පවා) වැඩි නැඹුරුවක් නො දක්වන ප්‍රවාදයක් වඩා සතුටුදායක බව පෙනී යාමත් ය. ඒ අනුව 1907 දී ඔහු විශේෂ සාපේක්ෂතාවාදය යටතේ ත්වරණය පිළිබද ව ලිපියක් පළ කළේ ය. On the Relativity Principle and the Conclusions Drawn from It (සාපේක්ෂතා මූලධර්මය සහ ඉන් පැමිණි නිගමන) නම් වූ එම පත්‍රිකාවේ දී ඔහු නිදහස් වැටීම (free-fall) යනු සැබවින් ම අවස්ථිතික චලනයක් බවටත් නිදහස්-වැටීමකට ලක්වන නිරීක්ෂකයකුට විශේෂ සාපේක්ෂතාවාදයේ නීති අදාළ විය යුතු බවටත් තර්ක කළේ ය. මේ තර්කය තුල්‍යයතා මූලධර්මය (equivalence principle) ලෙස හැදින් වේ. එම ලිපියෙන් ම අයින්ස්ටයින් ගුරුත්වජ කාල පමාව (gravitational time-dilation), ගුරුත්වජ වර්ණාවලි විස්තාපනය (gravitational redshift), අලෝකයේ අපක්‍රමණය (deflection of light) යන සංසිද්ධි ද පූර්වකල්පනය කළේ ය.
1907 පළ කළ එකී ලිපියේ අදහස් තව දුරටත් විදාරණය කරමින් 1911 දී On the Influence of Gravitation on the Propagation of Light (ආලෝකයේ ප්‍රචාරණයට ගුරුත්වාකර්ෂණයේ බලපෑම) මැයෙන් අයින්ස්ටයින් තවත් පත්‍රිකාවක් පළ කළේ ය. එමගින් ඔහු මහේක්ෂ වස්තූන් (massive bodies) විසින් ආලෝකය අපක්‍රමණය කෙරෙන ප්‍රමාණය නිමානය කළේ ය. මෙලෙස සාමාන්‍ය සාපේක්ෂතාවාදයේ සෛද්ධාන්තික අනුමාන පළමුවරට ද්‍රව්‍යමය ලෙස පරීක්ෂා කළ හැකි විය.
ගුරුත්වාකර්ෂණ තරංග
1916 දී අයින්ස්ටයින්, අවකාශ කාලයේ වක්‍රතාවයේ රැළි, තරංග ලෙස ප්‍රචාරණය වන අතර, ප්‍රභවයෙන් පිටතට ගමන් කරමින්, ගුරුත්වාකර්ෂණ විකිරණ ලෙස ශක්තිය ප්‍රවාහනය කරන බව ප්‍රකාශ කොට, ගුරුත්වාකර්ෂණ තරංගවල පැවැත්ම පුරෝකථනය කළේය. සාමාන්‍ය සාපේක්ෂතාවාදය යටතේ ගුරුත්වාකර්ෂණ තරංගවල පැවැත්ම තහවුරු වන්නේ එහි ලොරෙන්ට්ස් විචල්‍යතාවය නිසා එය සමඟ ගුරුත්වාකර්ෂණ භෞතික අන්තර්ක්‍රියා ප්‍රචාරණය කිරීමේ සීමිත වේගයක් පිළිබඳ සංකල්පයෙනි. ගුරුත්වාකර්ෂණ භෞතික අන්තර්ක්‍රියා අනන්ත වේගයෙන් ප්‍රචාරණය වන බව උපකල්පනය කරන නිව්ටෝනියානු ගුරුත්වාකර්ෂණ න්‍යායේ ගුරුත්වාකර්ෂණ තරංග පැවතිය නොහැකි බවට අයින්ස්ටයින් ප්‍රකාශ කළේය.
ගුරුත්වාකර්ෂණ තරංග පිළිබඳ පළමු වක්‍ර අනාවරණය 1970 ගණන්වල දී සමීපව කක්ෂගත වන නියුට්‍රෝන තරු යුගලයක් නිරීක්ෂණය කිරීම හරහා සිදු විය. ඒවායේ කක්ෂීය කාල පරිච්ඡේදයේ ක්ෂය වීමට පැහැදිලි කිරීම වූයේ ඒවා ගුරුත්වාකර්ෂණ තරංග විමෝචනය කිරීමයි. ශතවර්ෂයකට පසු 2015 දී සිදුකල පරීක්ෂණයක් මගින් 2016 දී ලිගෝ හි පර්යේෂකයන් පෘථිවියේ අනාවරණය වූ පළමු ගුරුත්වාකර්ෂණ තරංග පිළිබඳ නිරීක්ෂණය ප්‍රකාශයට පත් කරන ලද අතර, එමගින් අයින්ස්ටයින්ගේ 1916 අනාවැකිය සනාථ විය.
පැරණි ක්වොන්ටම් ප්‍රවාදය
ෆෝටෝන සහ ශක්ති පැකට්ටු
ආලෝකය යනු අංශු (quanta) ලෙස වෙන් වී ඇති බව 1905 දී පළ කළ පත්‍රිකාවක් මගින් අයින්ස්ටයින් පූර්වකල්පනය කළේ ය. අයින්ස්ටයින්ගේ මෙම ආලෝක අංශු පිළිබද අදහස මැක්ස් ප්ලාන්ක් සහ නීල්ස් බෝර් ඇතුලු සෑම භෞතික විද්‍යාඥයකු විසින් ම පාහේ ප්‍රතික්ෂේප විණි. එය සර්වව්‍යාපී වශයෙන් පිළිගැනීමට ලක් වූයේ 1919 දී ප්‍රකාශ විද්‍යුත් ආචරණය (Photoelectric effect) පිළිබද රොබට් මිලිකන්ගේ පර්යේෂණ සහ කොම්ප්ටන් විසිරුම (Compton Scattering) මැනීමත් සමග ය.
සෑම තරංගයක ම සංඛ්‍යාතය (f) කිසියම් ෆෝටෝන සමූහයක් සමග බැදී තිබෙන බවත් සංඛ්‍යාතය ප්ලෑන්ක් නියතයෙන් (h) ගුණ කිරීමෙන් එම ශක්ති ප්‍රමාණය (hf) ලැබෙන බවත් අයින්ස්ටයින් නිගමනය කළේ ය. අංශු තරංගය සමග සම්බන්ධ වන්නේ කෙසේ ද යන්න ගැන නිශ්චිත නොවූ බැවින් ඔහු ඒ ගැන ඊට වැඩි යමක් නො කීවේ ය. නමුත් ප්‍රකාශ විද්‍යුත් ආචරණය වැනි ඇතැම් අත්දුටු සංසිද්ධි පැහැදිලි කරගැනීමට මෙය ඉවහල් වනු ඇතැ යි ඔහු අදහස් කළේ ය.
ක්වොන්ටම් භෞතික විද්‍යාව
ක්වොන්ටම් භෞතික විද්‍යාව සම්බන්ධ අයින්ස්ටයින්ගේ විවේචන
1905 පළ කළ ඔහුගේ ප්‍රකාශ විද්‍යුත් ආචරණය පිළිබද පත්‍රිකාවෙන් ඇරඹෙමින් ක්වොන්ටම් භෞතිකවාදය පිළිබද ප්‍රවාදය ගොඩනැංගීමේ ලා අයින්ස්ටයින් ප්‍රමුඛ කාර්ය භාරයක් ඉටු කළේ ය. කෙසේනමුත් 1925න් පසු නවීන ක්වොන්ටම් භෞතිකය සංවර්ධනය වූ ආකාරය කෙරෙහි, සෙසු භෞතික විද්‍යාඥයන් එකග වුවත් හෙතෙම පැහැදීමට පත් නො වී ය. ක්වොන්ටම් භෞතිකයේ අහඹුමය බව (randomness) එහි ස්වභාවය ම මිස දෛවයේ ප්‍රතිඵලයක් (determinism) නොවන බවට වූ අදහස ඔහුට සැකසහිත වූ අතර දෙවියන් වහන්සේ “දාදු ක්‍රීඩා නො කරන්නේ ය.” යනුවෙන් ඔහු සිය විරුද්ධත්වය ප්‍රකාශයට පත් කළේ ය. ක්වොන්ටම් භෞතිකය අසම්පූර්ණ ය යන මතය සිය ජීවිතයේ අවසානය වන තෙක් ම ඔහු දැරී ය.
අයින්ස්ටයින්-පොඩොල්ස්කි-රොසෙන් (EPR) විසංවාදය
1935 දී අයින්ස්ටයින් සිය EPR පත්‍රිකාවෙන් ක්වොන්ටම් භෞතිකයේ සම්පූර්ණත්වය පිළිබද ගැටලුව ආමන්ත්‍රණය කරමින් ක්වොන්ටම් භෞතිකය වෙත නැවත පැමිණියේ ය. චිත්ත පරීක්ෂණයක් (thought experiment) මගින් ගුණාංග දැඩි ලෙස සහසම්බන්ධ ව පවතින පරිදි අන්තර්ක්‍රියා කර ඇති අංශු දෙකක් පිළිබද ඔහු අවධානය යොමු කරන ලදී. අංශු දෙක කෙතරම් දුරට ඈත් කරත් එක් අංශුවක් පිළිබද නිරවද්‍ය ස්ථානීය මිනුමක්, ඒ දෙවන අංශුව කෙරෙහි කිසිම ආකාරයක නිරීක්ෂ්‍යමය මැදිහත්වීමක් නො කර අනෙක් අංශුවේ පිහිටුම ගැන ද එවැනි ම වූ නිරවද්‍ය දැනුමක් ලබා ගැනීමට හැකියාව දෙන අතර එක් අංශුවක ගම්‍යතාවයේ නිරවද්‍ය මිනුමක් ද අනෙක් අංශුවේ ගම්‍යතාවය පිළිබද ද එවැනි ම වූ නිරවද්‍ය දැනුමක් ලබා ගැනීමට හැකියාව ලබා දේ.
අයින්ස්ටයින්ගේ ස්ථානීය යථාර්ථය සංකල්පනයට (Local Realism) අනුව සම්භාවිතාවන් දෙකක් විය. (1) එක්කෝ අනෙක් අංශුව මෙම ගුණාංග ඒ වනවිටත් නිර්ණය කරගෙන තිබිය යුතු ය. නැතිනම් (2) පළමු අංශුව මැනීමේ ක්‍රියාදාමය එ කෙණෙහි ම දෙවන අංශුවේ පිහිටුමේ සහ ගම්‍යතාවයේ යථාර්ථයට බලපායි. දුර තැනක අද්භූත ක්‍රියාවක් ලෙස ජනප්‍රිය වහරේ හැදින් වූ මේ දෙවන සම්භාවිතාවය අයින්ස්ටයින් බැහැර කළේ ය.
ක්වොන්ටම් භෞතිකයේ නිවැරදිතාවය සම්බන්ධයෙන් ගැටලුවක් නොවූවත් එය නිසැක ව ම අසම්පූර්ණ විය යුතු බව පැවසීමට ස්ථානීය යථාර්ථය පිළිබද අයින්ස්ටයින්ගේ විශ්වාසය ඔහු ව යොමු කළේ ය. නමුත් 1964 දී ජේ. එස්. බෙල් විසින් ඉදිරිපත් කර තිබූ බෙල්ගේ ප්‍රමේය (Bells Theorem) 1982 දී ඇස්පෙ පරීක්ෂණයෙන් (Aspect experiment) තහවුරු වීමත් සමග ස්ථානීය යථාර්ථය භෞතික විද්‍යා මූලධර්මයක් වශයෙන් සදොස් බව පෙනී ගියේ ය.
එකිනෙකින් වෙන් කිරීමෙන් අනතුරු ව අනෙක් අංශුව සමග සන්නිවේදනය කිරීමට අසමත් වන නොසබැදුණු වෙන් වෙන් අවයව වශයෙන් වන සම්භාව්‍ය භෞතීය චිත්‍රයක් කවරාකාරයෙන්වත් ක්වොන්ටම් භෞතික විද්‍යාව සම්බන්ධයෙන් අදාල කළ නොහැකි බව මේ පරීක්ෂණ හා ඉන් පසුව සිදුකෙරුණු පරීක්ෂණ විසින් පෙන්වා සිටින ලදී.
ස්ථානීය යථාර්ථය සම්බන්ධයෙන් අයින්ස්ටයින් වැරදි වුවත් පැටලුණු ක්වොන්ටම් තත්ත්වයක (Entangled Quantum States) සිටින අසාමාන්‍ය අංශු පිළිබද ඔහුගේ පැහැදිලි පූර්වකල්පනය EPR පත්‍රිකාව Physical Review හි පළ වූ විශිෂ්ට ම පත්‍රිකා දහයෙන් එකක් බවට පත්වීමට හේතුවිය. ක්වොන්ටම් තොරතුරු න්‍යායයේ (Quantum Information Theory) සංවර්ධනයට හේතු වූ මූලික ම පත්‍රිකාවක් ලෙස එය සලකනු ලැබේ.
සටහන්
- In the German Empire, citizens were exclusively subjects of one of the 27 Bundesstaaten.
- In [[s:Translation:On the Electrodynamics of Moving Bodies|his paper]], Einstein wrote: "The introduction of a 'luminiferous æther' will be proved to be superfluous in so far, as according to the conceptions which will be developed, we shall introduce neither a 'space absolutely at rest' endowed with special properties, nor shall we associate a velocity-vector with a point in which electro-magnetic processes take place."
- For a discussion of the reception of relativity theory around the world, and the different controversies it encountered, see the articles in Glick (1987).
මූලාශ්‍ර
- Heilbron, John L., ed. (2003). [[[:සැකිල්ල:GBurl]] The Oxford Companion to the History of Modern Science]. Oxford University Press. p. 233. ISBN 978-0-19-974376-6. සම්ප්‍රවේශය 19 July 2016.
{{cite book}}: Check|url=value (help) - Pais (1982), p. 301.
- http://www.ias.ac.in/currsci/apr25/articles32.htm
- Einstein (1905d).
- Fölsing (1997), pp. 178–198.
- Stachel (2002), pp. vi, 15, 90, 131, 215.
- Pais (1982), pp. 382–386.
- Pais (1982), pp. 151–152.
- Einstein (1923).
- Pais (1982), pp. 179–183.
- Stachel et al. (2008), pp. 273–274, vol. 2: The Swiss Years: Writings, 1900–1909.
- Pais (1982), pp. 194–195.
- Einstein (1905a).
- Andrews, Robert (2003). [[[:සැකිල්ල:GBurl]] The New Penguin Dictionary of Modern Quotations]. Penguin UK. p. 499. ISBN 978-0-14-196531-4. සම්ප්‍රවේශය 18 June 2015.
{{cite book}}: Check|url=value (help) - Pais, Abraham (October 1979). "Einstein and the quantum theory" (PDF). Reviews of Modern Physics. 51 (4): 863–914. Bibcode:1979RvMP...51..863P. doi:10.1103/RevModPhys.51.863. 29 August 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය 18 November 2019.
- Einstein, Podolsky & Rosen (1935).
- Isaacson (2007), pp. 448–453.
- Penrose (2007), p. 583.
- Fine (2017).
ඇසුරු කළ කෘති
- Calaprice, Alice (2000). The Expanded Quotable Einstein. Princeton University Press.
- Calaprice, Alice (2005). The New Quotable Einstein. Princeton University Press. 22 June 2009 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
- Calaprice, Alice; Lipscombe, Trevor (2005). Albert Einstein: A Biography. Greenwood Publishing Group. ISBN 978-0-313-33080-3.
- Calaprice, Alice (2010). The Ultimate Quotable Einstein. Princeton University Press. ISBN 978-1-4008-3596-6.
- Calaprice, Alice; Kennefick, Daniel; Schulmann, Robert (2015). An Einstein Encyclopedia. Princeton University Press.
- Chaplin, Charles (1964). Charles Chaplin: My Autobiography. New
York: Simon and Schuster. {{cite book}}: line feed character in |location= at position 5 (help)
- Clark, Ronald W. (1971). Einstein: The Life and Times. New York: Avon Books. ISBN 978-0-380-44123-5.
- Fölsing, Albrecht (1997). Albert Einstein. Translated by Osers, Ewald. Abridged by Ewald Osers. New York: Penguin Viking. ISBN 978-0-670-85545-2.
- Fine, Arthur (2017). "The Einstein-Podolsky-Rosen Argument in Quantum Theory". Stanford Encyclopedia of Philosophy. Metaphysics Research
Lab, Stanford University. {{cite journal}}: line feed character in |publisher= at position 22 (help)
- Galison, Peter (Winter 2000). "Einstein's Clocks: The Question of Time". Critical Inquiry. 26 (2): 355–389. doi:10.1086/448970. ISSN 0093-1896. JSTOR 1344127. S2CID 144484466.
- Glick, Thomas F., ed. (1987). The Comparative Reception of Relativity. Kluwer
Academic Publishers. ISBN 978-90-277-2498-4. {{cite book}}: line feed character in |publisher= at position 8 (help)
- Highfield, Roger; Carter, Paul (1993). The Private Lives of Albert Einstein. London: Faber and Faber. ISBN 978-0-571-17170-5.
{{cite book}}: line feed character in|title=at position 18 (help)
- Hoffmann, Banesh (1972). Albert Einstein: Creator and Rebel. Collaboration with Helen Dukas. New York: Viking Press. ISBN 978-0-670-11181-7.
- Holton, Gerald (April 1984). "The migration of physicists to the United States". Bulletin of the Atomic Scientists. 40 (4). Educational Foundation for Nuclear Science: 18–24. Bibcode:1984BuAtS..40d..18H. doi:10.1080/00963402.1984.11459207.
{{cite journal}}: line feed character in|journal=at position 24 (help)
- Isaacson, Walter (2007). Einstein: His Life and Universe. New York: Simon & Schuster Paperbacks. ISBN 978-0-7432-6473-0.
- Isaacson, Walter (2008). Einstein: His Life and Universe. New York: Simon & Schuster. ISBN 978-1-8473-9589-4.
- Neffe, Jürgen (2007). Einstein: A Biography. Translated by Frisch, Shelley. Farrar, Straus and Giroux. ISBN 978-0-374-14664-1.
- Pais, Abraham (1982). Subtle is the Lord: The Science and the Life of Albert Einstein. Oxford
University Press. ISBN 978-0-19-853907-0. {{cite book}}: line feed character in |publisher= at position 8 (help)
- Pais, Abraham (1994). Einstein Lived Here. Oxford University Press. ISBN 978-0-19-280672-7.
- Penrose, Roger (2007). The Road to Reality. Vintage Books. ISBN 978-0-679-77631-4.
- Robeson, Paul (2002). Paul Robeson Speaks. Citadel. p. 333.
- Rowe, David E.; Schulmann, Robert, eds. (2007). Einstein on Politics: His Private Thoughts and Public Stands on Nationalism, Zionism, War, Peace, and the Bomb. Princeton University Press. ISBN 978-0-691-12094-2.
- Rowe, David E.; Schulmann, Robert, eds. (2013). Einstein on Politics: His Private Thoughts and Public Stands on Nationalism, Zionism, War, Peace, and the Bomb. Princeton University Press. ISBN 978-1-4008-4828-7.
{{cite book}}: line feed character in|title=at position 9 (help)
- Scheideler, Britta (2002). "The Scientist as Moral Authority: Albert Einstein between Elitism and Democracy, 1914–1933". Historical Studies in the Physical and Biological Sciences. 32 (2): 319–346. doi:10.1525/hsps.2002.32.2.319. JSTOR 10.1525/hsps.2002.32.2.319.
{{cite journal}}: line feed character in|title=at position 82 (help)
- Stachel, John J. (1966). Albert Einstein and Mileva Marić (PDF). 7 March 2008 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 13 May 2016.
- Stachel, John J. (2002). Einstein from 'B' to 'Z'. Einstein Studies. Vol. 9. Birkhäuser. ISBN 978-0-8176-4143-6. OCLC 237532460.
- Weinstein, G. (2015). General Relativity Conflict and Rivalries: Einstein's Polemics with Physicists. Newcastle upon Tyne (UK): Cambridge Scholars Publishing. ISBN 978-1-4438-8362-7.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඇල්බට් අයින්ස්ටයින් පිළිබඳ තොරතුරු, ඇල්බට් අයින්ස්ටයින් යනු කුමක්ද? ඇල්බට් අයින්ස්ටයින් යනු කුමක් දර්ශනය කරන්නේ?