රෝගවල ආයුර්වේදයේ අර්ථ දක්වීම
තුන්දොස්හි සමතුලිතතාවය විවිධාකාර හේතු නිසාවෙන් වෙනස් විය හැක ඒ අතර වැරදි ජීවන රටාවන් ආහාර සහ මානසින හා ශාරීරිකව ඇතිවන හානි ප්‍රධාන තැනක් ගනී.බොහෝ වැරදි ජීවන රටාවන්ට මුල වන්නේ අප සිරුර පිළිඹඳව ඇති අප තුල ඇති දුර්වල අවබෝධයන්ය. සිරුර තුල තුන් දෝෂයන්හි වෙනස් වීමක් ඇති වන කල්හි එමගින් රෝග ලක්ෂණ පහලවීම සදහා දිගු කාලයක් ගතවේ. මෙම වෙනස්කම් ඇතිවිමත් සමගම පුද්ගලයාගේ දුර්වල ස්ථානයක් ඔස්සේ රෝගයක් එහි ලක්ෂණ පෙන්නුම් කරයි. ඇතැම් අවස්ථාවන්හිදී සිරුරේ සාමාන්‍ය පාලනයට ඔබ්බෙන් රෝග ඇති වේ. මේවා කර්මය හා එහි විපාක පිළිබඳව විග්‍රහ කෙරෙන සිද්ධාන් ත මත “කර්ම රෝග” නමින් හැදින්වේ.
ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම
ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම බොහොමයක් ශාක සාර ඖෂධ වේ. ඇතැම් ඒවා ස්වාභාවික ඛණිජමය නිෂ්පාදන වේ. මේවා ආයුර්වේදයට අනුව පහත සඳහන් ගුණාංග වලින් යුක්ත වේ.
- රස - රසය
- ගුණ-ගුණය
- වීර්ය-(රත්වීමේ හෝ සිසිල් වීමේ හැකියාව) බලවත් කම
- විපාක-ජීර්ණය හා පරිවෘත්තියෙහි බලපැම
- ප්‍රභාව-යම්කිසි ද්‍රව්‍යයකට විශේෂණය වු ශක්තිය
පොදුවේ ගත් කළ සියළුම ශාකමය ඖෂධ සඳහා වාත , පිත්ත , කප්හ යන තුන් දොස් වැඩි කිරීමේ හෝ අඩු කිරීමේ විවිධ මට්ටමින් හා විවිධ සංකලනයන්ගෙන් යුක්ත වේ. සාම්ප්‍රදායික ආයුර්වේද වෛද්‍යවරයෙකු මගින් තුන්දොස්හි සමතුලිතතාවය වෙනස්වී ඇති අන්දම අවබෝධකර ගැනීම මගින් රෝගවලට ප්‍රතිකාර කරනු ලැබේ. ඉන්පසු ඔහු අදාල ශාකමය ඖෂධ එකක් හෝ කිහිපයක් සංකලනයක් වන පරිදි නිවැරදි මාත්‍රාවන්ගෙන් නිර්දේශ කර අදාල දෝෂයන් මුලින් තිබු තත්වයට පත් කර රෝග සුව කර සාමාන්‍ය සෞඛ්‍ය තත්වය නැවත ලබාදේ.
විෂහරණය (පංචකර්ම)
ආයුර්වේදයෙහි එන මෙම උප ක්ෂේත්‍රය මගින් විවිධ වු විෂ හරණ ක්‍රම මගින් රෝග වලක්වා ගැනීම හා පාලන ක්‍රම ගැන ඉගැන්වේ. මේවා පංච කර්ම නම් අංග 5කින් යුක්ත වේ.
- විරේචන-විරේක කිරීමේ ප්‍රතිකාර
- බස්තිස් (නිරූන හා අනුවංශ ලෙස වර්ග කෙරේ) - ශාකසාර හා තෛලමය කසාය මගින් ලබාදෙන වස්ති
- වමන-වමනය ඇති කිරීමේ ඖෂධ
- නාසය- ආඝ්‍රාහණය
- රක්ත මෝක්ෂ-ලේ වහනය කරවීම
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, Ayurvedic interpretation of disease පිළිබඳ තොරතුරු, Ayurvedic interpretation of disease යනු කුමක්ද? Ayurvedic interpretation of disease යනු කුමක් දර්ශනය කරන්නේ?