තනය යනු, අග්රේෂයෙකුගේ, ඌනකායේ, වම් හා දකුණු පැති වල, උඩු උදරීය පෙදෙස වන අතර, ස්ත්‍රියකගේ මෙය තුල ස්තන ග්‍රන්ථිය පිහිටා ඇති අතර ළදරුවන්ට පෝෂණය ලබා දීම සඳහා භාවිතා කෙරෙන කිරි ඒවායින් වැස්සෙයි.
| තනය | |
|---|---|
ගැබිණි කාන්තාවකගේ තනය | |
| විස්තර | |
| ලතින් | ලතින්: මමා (මමාලිස් “තනයට අයත්”) |
ධමනිය | අභ්‍යන්තර උරස් ධමනිය |
ශිරාව | අභ්‍යන්තර උරස් ශිරාව |
| Anatomical terminology | |
පිරිමින් සහ ගැහැණුන් යන දෙවර්ගයේම තන ප්‍රවර්ධනය වන්නේ එකම කලල විද්‍යාත්මක පටකයන්ගෙනි . කෙසේවෙතත්, යෞවනෝදයෙහිදී, ස්ත්‍රී ලිංගික හෝර්මෝන, ප්‍රධාන වශයෙන් එස්ට්‍රජන් විසින්, තන ප්‍රවර්ධනයට රුකුල් දෙන අතර, මෙය පුරුෂයන් තුල නොසිදුවන්නේ, ටෙස්ටස්ටරෝන් අධික ප්‍රමාණයක් ස්රාවය වන බැවිනි . මෙහි ප්‍රතිඵලයක් ලෙසින්, ගැහැණුන්ගේ තන, පිරිමින්ගේ ඒවාට වඩා බොහෝ ලෙසින් කැපී පෙනෙයි.
ශබ්ද නිරුක්තිය
තනයට යෙදෙන තවද සිංහල පදයක් වන පයෝධර යන්න "වයස ඉක්මවා ගිය පුරුෂයෙක් තිඹිරි පල බදු යොවුන් පයෝධර සහිත ලාබාල දැරියක් විවාහ කොට ගෙන.." ආදි ලෙසින් පරාභව සූත්‍රයෙහි දැක්වෙයි. මෙම වදනම පියයුරු ලෙසින් භාවිතා වෙයි. කාව්‍යශේඛරයෙහි මෙය යෙදෙනුයේ පියොවුරු ලෙසිනි. තන කිරි යනු තනෙහි කිරි හෙවත් මව් කිරි වෙයි. තන පට යනු ස්ත්රීන්ගේ පයොධර වසා ගැනීම සඳහා බඳින රෙදි පට වෙයි. තන බඩතුර යනු තනත් බඩත් අතර පෙදෙසයි.
ආශ්රිත
- සටහන්
- "මැමල්– ඩෙෆිනිෂන්ස් ෆ්‍රොම් Dictionary.com". Dictionary.reference.com. සම්ප්‍රවේශය 2011-10-31.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පියයුර පිළිබඳ තොරතුරු, පියයුර යනු කුමක්ද? පියයුර යනු කුමක් දර්ශනය කරන්නේ?