කැල්සියම් ක්ලෝරයිඩ්, CaCl2,කැල්සියම් සහ ක්ලෝරීන් වලින් සමන්විත ලවණයකි. එය සමාන්‍යයෙන් අයනික හේලයිඩයක් ලෙස හැසිරෙන අතර කාමර උෂ්ණත්වයෙදී ඝණයක් ලෙස පවති. එහි සමාන්‍ය යොදාගැනීම් ලෙස, ශීතකරණ තුළ බ්‍රයින් ද්‍රවණය ලෙස , මහාමාර්ග වල දූවිලි පාලනය සඳහා, විජලකාරකයක් ලෙස භාවිත කෙරේ. මෙහි ඇති ජලාකර්ෂක ගුණය නිසා, මෙම නීර්ජලීය කැල්සියම් ක්ලෝරයිඩ් තදින් ආවරනය කර, වාතය අතුලු නොවන සේ සකස් කරන ලද භාජන තුළ ගබඩ කර තබනු ලැබේ.
| Names | |
|---|---|
| IUPAC name Calcium chloride | |
| වෙනත් නාම Calcium(II) chloride, Calcium dichloride, E509 | |
| Identifiers | |
| CAS number | {{{value}}} |
3D model (JSmol) |
|
| ChEBI | CHEBI:{{{value}}} |
| ChEMBL |
|
| ChemSpider | |
| DrugBank | |
| EC Number |
|
| KEGG | {{{value}}} |
| PubChem | {{{value}}} |
| RTECS number | {{{value}}} |
| UNII | |
| InChI | |
| SMILES | |
| Properties | |
| Molecular formula | CaCl2 |
| අණුක ස්කන්ධය | 110.98 g/mol (anhydrous) 128.999 g/mol (monohydrate) 147.014 g/mol (dihydrate) 183.045 g/mol (tetrahydrate) 219.08 g/mol (hexahydrate) |
| Appearance | white solid |
| Density | 2.15 g/cm3 (anhydrous) 1.835 g/cm3 (dihydrate) 1.83 g/cm3 (tetrahydrate) 1.71 g/cm3 (hexahydrate) |
| Melting point | 772 °C (anhydrous) |
| Boiling point | 1935 °C (anhydrous) |
| Solubility in water | 74.5 g/100mL (20 °C) 59.5 g/100 mL (0 °C) |
| Solubility in alcohol | soluble |
| Acidity (pKa) | 8-9 (anhydrous) 6.5-8.0 (hexahydrate) |
| Structure | |
| Crystal structure | Orthorhombic (deformed rutile), oP6 |
| Space group | Pnnm, No. 58 |
| Coordination geometry | octahedral, 6-coordinate |
| Hazards | |
| Lethal dose or concentration (LD, LC): | |
LD50 (median dose) | 1000 mg/kg (oral, rat) |
| Related compounds | |
| Other anions | calcium fluoride calcium bromide calcium iodide |
| Other cations | Beryllium chloride Magnesium chloride Strontium chloride Barium chloride Radium chloride |
Except where otherwise noted, data are given for materials in their standard state (at 25 °C [77 °F], 100 kPa). (what is this?) (verify) Infobox references | |
ලක්ෂණ
කැල්සියම් ක්ලෝරය්ඩ් වල ද්‍රාව්‍යතාව නිසා එය කැල්සියම් අයන ප්‍රභවයක් ලෙස ක්‍රියා කරන අතර මෙම ගුණාංගය ද්‍රවණයකින් අයන විස්තපනය කිරීමෙදී ප්‍රයොජනයට ගනු ලැබේ. උදාහරණයක් ලෙස යම්කීසි අයන ද්‍රවණයක අඩංගු පොස්පෙට් අයන ඉවත් කර ගැනීම සඳහා කැල්සියම් ක්ලෝරය්ඩ් ද්‍රවණයක් භාවිත කෙරේ.
3 CaCl2(aq) + 2 K3PO4(aq) → Ca3(PO4)2(s) + 6 KCl (aq)
ද්‍රව කැල්සියම් ක්ලෝරය්ඩ් විද්‍යුත් විච්ඡෙදනය කර කැල්සියම් ලෝහය සහ ක්ලෝරීන් වායුව ලබා ගනී. CaCl2(l) → Ca (s) + Cl2(g)
කැල්සියම් ක්ලෝරය්ඩ් ද්‍රව වීමෙදී අධික එන්තල්පි වෙනසක් සිදුවේ.
මෙම නිර්ජලීය ලවණය ඉතා සීඝ්‍රයෙන් ද්‍රව බවට පත් වේ; එහි ඇති ස්ඵටික දැලිස මඟින් ජල අණු ආකර්ශයනය කර ගනිමින් ද්‍රව බවට පත් වේ.
පිලියෙළ කිරීම
කැල්සියම් ක්ලෝරයිඩ්, හුණු ගල් මඟින් සෘජුවම නිපදවා ගත හැකි අතර සොල්වේ ක්‍රමය මඟින් සෑදෙන අතුරුඵලයක් ලෙසද විශාල වශයෙන් නිපදවා ගනු ලැබේ. 2002 වසරේ දී උතුරු ඇමෙරිකව මෙම ලවණය ටොන් 1,687,000 ක ප්‍රමණයක් පරිහර්ණය කර ඇත බව වර්තා වේ.
ස්වභවික පැවැත්ම
කැල්සියම් ක්ලෝරයිඩ්, දුලබ , වාෂ්පශීලි සින්ජරයිට් (ඩයිහයිඩ්‍රේට) සහ ඇන්ටර්ක්ටිසය්ට් (හෙක්සාහයිඩ්‍රේට) යන ඛණිජ ලෙස ස්වභවිකව පවති. ක්ලෝරොකැල්සයිට් (පොටෑසියම් කැල්සියම් ක්ලෝර්යිඩ්,KCaCl3 ), කැල්සියම් ක්ලෝරය්ඩ් පවත්නා තවත් ස්වභවික ඛණිජයක් වන අතර එය ද ඉතා දුලබ ඛණිජ වර්ගයක් වේ.
ප්‍රයෝජන
විජලකාරකයක් ලෙස
වියලුම් නල නිරන්තරයෙන්ම කැල්සියම් ක්ලෝරය්ඩ් සමග අසුරනු ලැබේ. කෙල්ප් (පොහොර් සෑදීමට ගන්නා මුහුදු පැළෑටියකි) ශාකය කැල්සියම් ක්ලෝරය්ඩ් සමඟ වියළීම මඟින් සොඩියම් කාබනේට් නිපදවා ගනු ලැබේ. ඝණ කැල්සියම් ක්ලෝරය්ඩ් ද්‍රවණයට එක් කිරීම මඟින් ද්‍රාවනණයේ පවතින ජල අණු ඉවත් කර ගනු ලැබේ. FDA ආයතනය මඟින් නිර්ජලීය CaCl2, වියළි තත්ව තහවුරු කර ගැනීම සඳහා ඇසුරුම් උපකරකයක් ලෙස අනුමත කර ඇත.
හිමාංක අවපතකයක් ලෙස
හිමාංකය පහත හෙලීම, CaCl2 මඟින් අයිස්/ හිම නිපදවීම වලක්වනු ලබන අතර මෙය මාහමාර්ග මතුපිට හිම පතනය වැළක්වලීම සඳහා යොද ගනු ලැබේ.CaCl2 හි ද්‍රාව්‍යතාව තාපදායක වන අතර එය සපෙක්ෂව ශාක හා පාංශු වලට හනි දායක් නොවේ. නමුත් වොෂින්ටන් ප්‍රාන්තය මෑතක දී කරන ලද පරීක්ෂණ වලින් අනාවරනය කරගෙන තිබෙන්නේ මෙය මහාමාර්ග අසල වැඩෙන සදාහරිත ශාක වලට අහිතකර ලෙස බලපාන බවයි. කැල්සියම් ක්ලෝරය්ඩ් සුදු පැහැති ගෝල අකරයට හැඩ ගැසී ඇති අතර එය පහළ උෂ්ණත්ව වලදී සෝඩියම් ක්ලෝරයිඩ් වලට වඩා ක්‍රියාකාරී වේ. කැල්සියම් ක්ලෝරය්ඩ් ද්‍රාවණ -520C(-620F) ඉතා අවම උෂ්ණත්ව වලදී පවා මිදීමක් සිදු නොවන අතර මෙය කෘෂිකර්මන්තයෙදී ප්‍රයෝජනවත් වේ.
කැල්සියම් අයන ප්‍රභවයක් ලෙස
කොන්ක්‍රීට් සංයුතියෙ ප්‍රධාන වශයෙන් කැල්සියම් සංයෝග අඩංගු වන අතර, පිහිනුම් තටාක වල දෘඩත්වය ඉහල නැංවීමටත්, තටාකයේ කොන්ක්‍රීට් ඛාදනය අවම කර ගැනීම සඳහාත් කැල්සියම් ක්ලෝරය්ඩ් යොදා ගනු ලැබේ.සාගර මින්මැදුරු වල ජීවත් වන මොලුස්කාවන්, නිඩැරියවන් වැනි CaCO3 සැකිලි සහිත ජිවීන්ට අවශ්‍ය ජෛව සාධක ලබා දීම සඳහා කැල්සියම් ක්ලෝරය්ඩ් යොදා ගනු ලැබේ.මේ සඳහා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් හෝ වෙනත් කැල්සියම් ප්‍රතිකරකයක් යොදා ගත හැකි නමුත් වඩාත්ම වේගවත් ක්‍රමය වන්නේ CaCl2 ජලයට කෙලින්ම එක් කිරීමය. එමඟින් pH අගය මත කෙරෙන බලපෑම අවම වේ.
ආහාර
ආහාර වල අඩංගු ද්‍රව්‍යක් ලෙස CaCl2, අනුමත් කරන ලද, ආහාර ආකලන ද්‍රව්‍යක් ලෙස යුරෝපීය සංගමය මඟින් ලයිස්තු ගත කර තිබේ. ඇමරිකානු ආහාර සහ ඖෂධ අධිකාරිය මඟින් CaCl2 හී ආරක්ෂාකාරී බව තහවුරු කර ඇති අතර එක් පුද්ගලයෙකු දිනකට ලබා ගන්නා අහාර වල CaCl2 160-345 ක ප්‍රමාණයක් අන්තර්ගත් වන බව සොයා ගෙන තිබේ.
මෙය අහාර වල ඝන ස්වභාවය ආරක්ෂා කරන ද්‍රව්‍යක් ලෙස යොදා ගනු ලබන අතර ටින් කළ එළවළු වර්ග වල, සෝයා බෝංචි මඟින් සෝය බෝංචි ඝන කැටි නිපදවීමට සහ එළවළු වර්ග, පලතුරු වර්ග වලින් සාදන වෙනත් ඝන තත්වයේ නිෂ්පාදනවල තත්වය ආරක්ෂා කර ගැනීම යොදා ගැනේ. බෝහෝ විට මෙම CaCl2, ක්‍රීඩා පාන වර්ග සහ වෙනත් පාන වර්ග, බෝතල් කරන ලද පානීය ජලය නිෂ්පාදනය සඳහා විද්‍යුත් විච්ඡෙද්‍යයක් ලෙස භාවිතා කෙරේ. අධික ලුණු රසයෙන් යුත් CaCl2, අච්චරු වර්ග රස ගැන්වීම සඳහා යොදා ගැනු ලැබේ.එමඟින් අහාරයේ සෝඩියම් අන්තර්ගතයේ වෙනසක් ඇති නොකරමින් අවශ්‍ය රසය ලබා දේ. CaCl2 හී ඇති හිමාංක අවපතන ගුණය කැඩ්බරි චොකල්ට් නිෂ්පාදනයේ දී යොදා ගනු ලබන අතර එමඟින් කැරමල් ඝන් වීමෙ වේගය අඩු කරන බැවිනි. සමහර බීර වර්ග වලට CaCl2 යොදාගනිමින් අවශ්‍ය ඛණිජ සංයුතිය ලබා දේ.
ඖෂධ
හයිපොකැල්කේමියා රෝගය සුවපත් කිරීම සඳහා CaCl2 ශීර තුලට එන්නත් කිරීම සිදු කෙරේ.එමෙන්ම මැග්නීසියම් විෂානුහරණයට ද CaCl2 යොදා ගන්නා අතර එමඟින් හෘද විෂානුහරායද සිදුවේ. මෙය විද්‍යුත් හෘද ඉරූපකය මඟින් මැන ගත ඇකි වේ. CaCl2 යොදා ගැනීම මඟින් කැල්සියම් නල විෂ අවහිරතා , සංකූලතා යථාතත්වයට පත් කර ගත් හැකි අතරම එමඟින් කිරීටක හෘදයබාධ සෑදීම වළක්ව ගත හැකි වේ.
ද්‍රවමය CaCl2, ජාන පරිවහනය සඳහා මාධ්‍යක් වශයෙන් යොදා ගන්නා අතර එමඟින් සෛල පටල වල විනිවිද භාවය වැඩි කර DNA ආරොපන ලබ දේ. එවිට DNA අණු කොටස් වඩා පහසුවෙන් සෛල් තුලට ඇතුලු වේ.
- Pradyot Patnaik. Handbook of Inorganic Chemicals. McGraw-Hill, 2002, ISBN 0-07-049439-8
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කැල්සියම් ක්ලෝරයිඩ් පිළිබඳ තොරතුරු, කැල්සියම් ක්ලෝරයිඩ් යනු කුමක්ද? කැල්සියම් ක්ලෝරයිඩ් යනු කුමක් දර්ශනය කරන්නේ?