එඩ්වඩ් ජයකොඩි

කෑගල්ලේ හෙට්ටිමුල්ලේදී 6 අප්‍රේල් 1952 උපන් එඩ්වඩ් ජයකොඩි, ශ්‍රී ලාංකික සංගීතඥයෙකි. එමෙන්ම සංගීත අධ්‍යක්ශකවරයෙකුද වේ. සිංහල චිත්‍රපට, ටෙලි නාට්‍ය සඳහා ගීත විශාල ප්‍රමාණයක් නිර්මාණය කොට ඇත.

එඩ්වඩ් ජයකොඩි
Born6 අප්‍රේල් 1952
Known forසංගීතඥ / සංගීත අධ්‍යක්ශක

ජීවිතය හා වෘත්තිය

මුල් අවධිය

දොන් රැපියල් ජයකොඩි සහ වික්ටෝරියා ජයකොඩි ජයකොඩි ආරච්චිගේ දොන් එඩ්වඩ් තිමොති ජයකොඩි ලෙස කෑගල්ල හෙට්ටිමුල්ලේදී උපත ලබා ඇති එඩ්වඩ් ජයකොඩිගේ මාපියන් වන්නේ දොන් රැපියල් ජයකොඩි සහ වික්ටෝරියා ජයකොඩි ය.මොවුන් කතෝලික භක්තිකයින්ය. ප්‍රාථමික අධ්‍යාපනය බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලයෙන්ද, පසුව කෑගල්ල ශාන්ත මරියා මහා විද්‍යාලයෙන්ද ලබා ඇති එඩ්වඩ් ජයකොඩි බණ්ඩාරනායක විද්‍යාලයේදී සංගීතය ඉගෙන ගනිමින් පල්ලියේ ගීතිකා කණ්ඩායමද නියෝජනය කර තිබෙනවා. ශාන්ත මරියා මහා විද්‍යාලයෙදී ඔහුගේ සංගීත ගුරුවරයා වී ඇත්තේ එච්.සමරපාල ගුරු මහතාය.

1980 වකවානුවේ එඩ්වඩ් ජයකොඩි කොළඹ නාලන්දා විද්‍යාලයයේ සංගීත ගුරුවරයෙක් වශයෙන් සේවය කර ඇත.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, එඩ්වඩ් ජයකොඩි පිළිබඳ තොරතුරු, එඩ්වඩ් ජයකොඩි යනු කුමක්ද? එඩ්වඩ් ජයකොඩි යනු කුමක් දර්ශනය කරන්නේ?