II වන විජයබාහු රජු

මුල් පිටුව | II වන විජයබාහු රජු

පළමු වන පරාක්‍රමබාහු රජුගේ මරණයෙන් පසු එතුමාගේ බෑනා වු කවිශ්වර පණ්ඩිත තෙමේ දෙවන විජයබාහු නමින් රජ විය. ඔහු පැරකුම් රජුගේ සොහොයුරිකුගේ පුතෙකු බව දැක්වෙන ශිලා ලිපියක් පොළොන්නරුවෙන් හමුවී ඇත එය දෙවන විජයබාහු විසින්ම පිහිටුවන ලදී. පැරකුම්බා රජුගේ සහෝදරියන් තිදෙනෙකුගේ නම් මහාවංශයේ සඳහන් වේ. මේ කුමරු ඒ තිදෙනාගේ කෙනෙකුගේ පුතෙකු නොවන බවත් නම සඳහන් නැති සහෝදරියක් කාලිංග කුමරෙකුට සරණ පාවා දෙනු ලැබ සිටි හෙයින් මේ පුතා ඇගේ පුතෙකු බවත් විජයබාහු කුමාරයා සිංහ පුරයෙහි සිටි බවත් පැරකුම් රජු ඔහු කැඳවාගත් බවත් ශිලා ලේඛනය සඳහන් වී ඇත. කාලිංග වංශයෙහිම උපන් මිහිඳුනම් මිත්‍රද්‍රෝහියෙක් දීපානි නමැති ගොපුළු ලියක් යාළු කරගෙන කුමන්ත්‍රණයකින් දෙවන විජයබාහු රජතුමා මරා ගත්තේය. නමුත් ඇමතියන් හෝ රටවැසියාගේ අනුමැතිය නොලැබුණු නිසා ඔහුට රාජය කිරීමට හැකි වූයේ දින පහකි. හයවන මිහිඳු නමින් රජවී සිටි මහින්ද නම් සෙන්පතියා මරා දෙවන විජයබාහු රජුගේ උප රජ වූ කීර්ති ශ්‍රී නිශ්ශංක මල්ල රජතුමා රජ විය.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, II වන විජයබාහු රජු පිළිබඳ තොරතුරු, II වන විජයබාහු රජු යනු කුමක්ද? II වන විජයබාහු රජු යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.