පොලොන්නරුවේ පළමුවන ජයබාහු රජ

පළමුවන ජයබාහු යනු පළමුවන විජයබාහුගේ සහෝදරයාය. ඔහුගේ පාලන සමය අවුරුද්දකි (1110 සිට 1111). ඔහුව පළමුවන වික්‍රමබාහු විසින් යුද්ධයකදී පරාජය කරන ලදී.

පළමුවන ජයබාහු
පොලොන්නරුවේ රජ
රාජ්‍ය සමය1110–1111
පූර්වප්‍රාප්තිකයාපළමුවන විජයබාහු
අනුප්‍රාප්තිකයාපළමුවන වික්‍රමබාහු
උපතරුහුණ
පියාමොග්ගල්ලාන රජ
මවලෝකිතා රැජින

මහා විජයබාහු රජුගේ මරණයත් සමගම එවකට රුහුණේ සිටි ඔහුගේ පුත්‍ර වික්‍රමබාහුට නොදන්වා පොළොන්නරු වේ ප්‍රභූන් හා සංඝයා වහන්සේලා කුමන්ත්‍රණය කොට රජුගේ සොහොයුරු ජයභාහු රාජාභිශේක කලහ. අණතුරුව ජයබාහු සිය සොහොයුරන්ද සමඟ සේනා රැගෙන විත් වික්‍රමබාහු අල්ලනු පිණිස රුහුණු රට ආක්‍රමණය කළේය. කෙසේ වූවද සිය පිය රජුගේ සටන්කාමී ගුණ සහිතව සිටි වික්‍රමබාහු ඔවුන් පරාජය කොට පොළොන්නරුව අල්ලාගෙන පොළොන්නරු රාජධානියේ තෙවන රජු ලෙස කිරුළු පැළඳීය.

මේවාද බලන්න

මූලාශ්‍ර

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පොලොන්නරුවේ පළමුවන ජයබාහු රජ පිළිබඳ තොරතුරු, පොලොන්නරුවේ පළමුවන ජයබාහු රජ යනු කුමක්ද? පොලොන්නරුවේ පළමුවන ජයබාහු රජ යනු කුමක් දර්ශනය කරන්නේ?