OpenGL


නිපදවන ලද්දේ සිලිකන් ග්‍රැෆ්‍රික්ස්
අවසාන නිකුත් කිරීම 2.1/2006 අගෝස්තු 02
OS හරස් වේදිකා (cross – platform)
වර්ගය API
බලපත්‍රය විවිධ
වෙබ් අඩවිය http://www.opengl.org

ඕපන් GL (Open Graphics Library ) යනු 2D හා 3D පරිගණක ග්‍රැෆ්‍රික්ස් නිෂ්පාදනය කරන යෙදුම් ලිවීම සඳහා වූ හරස් භාෂා හරස් වේදිකා API අර්ථ දක්වන සම්මත වෙන් කිරීමකි. අතුරු මුහුණත වෙනස් අංග 250 ට වැඩි ප්‍රමාණයකින් යුක්ත වන අතර එමගින් සරළ ප්‍රාථමික මගින් සංකීර්ණ ත්‍රිමාණ රූප ඇඳිය හැක. ඕපන් GL 1992 දී සිලිකන් ග්‍රැෆ්‍රික්ස් Inc . (SGI ) මගින් නිපදවන ලද අතර CAD, අතථ්‍ය තාත්විකතා , විද්‍යාත්මක නිරූපණය කිරීම්, තොරතුරු නිරූපණය කිරීම් හා ගුවන්ගත කිරීම් ව්‍යාපදේශවලදී (Simulation ) බහුලව භාවිතා වේ. එය වීඩියෝ ක්‍රීඩාවලදී ද භාවිතාවන අතර එහිදී එය මයික්‍රොසොෆ්ට් වින්ඩොස් වේදිකා මත Direct 3D සමග තරඟවදී. ( Direct 3D vs . Open GL බලන්න)


විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, OpenGL පිළිබඳ තොරතුරු, OpenGL යනු කුමක්ද? OpenGL යනු කුමක් දර්ශනය කරන්නේ?