දෙවන පරාක්‍රමබාහු රජ

සිරිසඟබෝ රාජ වංශයට අයත් දෙවන පරාක්‍රමබාහු යනු කලින් සිටි තුන්වන විජයබහු රජුගේ ලොකු පුතා ය.මායා රටේ රජු ලෙස මේ රජුගේ රාජ්‍ය කාලය ක්‍රිස්තු වර්ෂ 1236 සිට 1270 වන තෙක් ය. දෙවන පරාක්‍රමබාහු රජතුමා බෙලිගල තිබූ දාන්ත ධාතූන් වහන්සේදඹදෙනිය ට වැඩම කර අති උත්කර්ෂවත් දළදා පූජාවක් පවත්වාමාඝ ගෙන් රට මුදවා ගන්නා බවට මහජනතාව ඉදිරියේ ප්‍රතිඥාවක් ද දුන්නේය. භාසා ශාස්ත්‍ර, ආගම් ධර්මය ආදී විසයයන් පිළිබඳ මනා නිපුනතාවයක් තිබූ නිසා මහා පඬි රුවනක් වූ දෙවන පරාක්‍රමබාහු රජ "කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත" යන උපාධි නාමයෙන් ද පිදුම් ලැබීය.

පරාක්‍රමබාහු II
දඹදෙණියේ දෙවෙනි රජ
රාජ්‍ය සමය1236-1270
පූර්වප්‍රාප්තිකයාවිජයබාහු III
අනුප්‍රාප්තිකයාවිජයබාහු IV
දරුවන්විජයබාහු IV
බුවනෙකබාහු I
රාජවංශයසිරි සඟබෝ රාජවංශය
පියාවිජයබාහු III
ආගමබුද්ධාගම

යුද්ධ

දෙවන් පරාක්‍රමබාහු රජතුමාට ආක්‍රමණකාරී සටන් 3කට මුහුණ දීමට සිදු විය. ඒවා නම් මාඝ රජු සමඟ පැවති යුද්ධය, චන්ද්‍රභානු රජුගේ පළමු ආක්‍රමණය හා චන්ද්‍රභානු රජුගේ දෙවන අක්‍රමණයයි.

චන්ද්‍රභානු රජුගේ පළමු ආක්‍රමණය දෙවන පරාක්‍රමබාහු රජුගේ එකොළොස්වන රාජ්‍ය වර්ෂයේදී, එනම් ක්‍රිස්තු වර්ෂ 1247 දී සිදු විය. චන්ද්‍රභානු රජු මලය අර්ධ ද්වීපයේ තාම්‍රලිංග දේශයෙන් පැමිණි බව සඳහන් වේ. පරාක්‍රමබාහු රජුගේ බෑනා වූ වීරබාහු කුමරු මෙම සටනේ මූලිකත්වය ගෙන තිබේ. සටනින් පරාජයට පත් වූ චන්ද්‍රභානු පලා ගියේය.

මාඝගේ පාලනයෙන් රජරට මුදවා ගැනීම මේ රජුගේ ඊළඟ ප්‍රයත්නය විය. මේ සඳහා දකුණු ඉන්දීය පාණ්ඩ්‍ය අධිරාජයාගේ උදව් ලබා ගෙන ඇත. පාණ්ඩ්‍ය හමුදාවත් පරාක්‍රමබාහු රජුගේ හමුදාවත් නැගෙනහිරින් හා බටහිරින් පොළොන්නරුව වට කොට ක්‍රිස්තු වර්ෂ 1255 දී මාඝ පරාජය කර්න ලදී.

මේ රජ දවාස එල්ල වූ මීළඟ ආක්‍රමණය වූයේ පළමුව පරාජයට පත් වූ ජාවක චන්ද්‍රභානු නැවතත් ලංකාව ආක්‍රමණය කිරීමයි. පාණ්ඩ්‍ය අධිරාජයාගෙන් උදව් ලබා ගත් දෙවන පරාක්‍රමබාහු රජු ක්‍රිස්තු වර්ෂ 1261 දී චන්ද්‍රභානු ජීවිතක්ෂයට පත් කළේය. මෙයට හිලව් වශයෙන් පාණ්ඩ්‍ය අධිරාජයා ජාවක රජුගේ පුතෙකු උතුරු ලංකාවේ නියෝජිතයා වශයෙන් පත් කළ බව සෙල් ලිපිවල සඳහන් වේ.

සේවාවන්

භික්ෂූන් වහන්සේලාගේ විනය නීති පිළිබඳ දඹදෙණි කතිකාවත සම්පාදනය කිරීම, උපසම්පදා උත්සව පැවැත්වීම, විදේශ වලින් ධර්මධර හා විනයධර භික්ෂූන් වහන්සේලා ගෙන්වා ගැනීම, කව් සිළුමිණ හා විසුද්ධි මාර්ග සන්නය යන කෘති රචනා කිරීම යනාදිය මෙතුමා කළ සේවාවන් ලෙස සැලකිය හැකිය.

අවසානය

ක්‍රිස්තු වර්ෂ 1258 දී පමණ දෙවන පරාක්‍රමබාහු රජු ගිලන් විය. එවිට රාජ්‍යයේ වැඩ බලන තත්වයට පත් වූයේ දේවපතිරාජ අමාත්‍යයා ය. ක්‍රිස්තු වර්ෂ 1262 දී පමණ මේ රජුගේ වැඩිමහල් පුත් වන විජයබාහු කුමාරයා රාජ්‍යයේ වැඩ කටයුතු කරන්න පටන් ගත් නමුත් නිල වශයෙන් රාජ්‍යත්වයේ සිටියේ ක්‍රිස්තු වර්ෂ 1270 වන තෙක් පරාක්‍රමබාහු රජතුමා ය. දෙවන පරාක්‍රමබාහු රජුගෙන් පසු විජයබාහු කුමාරයා හතරවන විජයබාහු රජ නමින් ක්‍රිස්තු වර්ෂ 1271 දී රාජ්‍යත්වයට පත් විය.

සබැඳි පිටු

දෙවන පරාක්‍රමබාහු රජ
උපත: ? ? මරණය: ? ?
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
විජයබාහු III
දඹදෙණියේ රජු
1234–1269
අනුප්‍රාප්තික
විජයබාහු IV

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, දෙවන පරාක්‍රමබාහු රජ පිළිබඳ තොරතුරු, දෙවන පරාක්‍රමබාහු රජ යනු කුමක්ද? දෙවන පරාක්‍රමබාහු රජ යනු කුමක් දර්ශනය කරන්නේ?