ස්පන්දන තරු

ස්පන්දන තරු එසේත් නැත්නම් පල්සාර (ඉංග්‍රීසි:  pulsar) යනු ඒවායේ චුම්බක ධ්‍රැවවලින් විද්‍යුත් චුම්භක විකිරණ කදම්බ නිකුත් කරන, මෙන්ම ඉහළ චුම්බක ගුණ සහිත, භ්‍රමණය වන න්‍යුට්‍රෝන තරු වේ. මෙම විකිරණ නිරීක්ෂණය කළ හැක්කේ විමෝචන කදම්භය පෘථිවිය දෙසට යොමු වන විට පමණි. එනම් යම් ප්‍රදීපාගාරයක් දැකිය හැක්කේ නිරීක්ෂකයෙකුගේ දිශාවට ආලෝකය යොමු වන විට පමණක් වන්නා සේය. එම සිදුවීම මෙම තරුවලට ස්පන්දන පෙනුමක් ලබා දෙයි. ඉතා දැඩි වස්තු විශේෂයක් වන න්‍යුට්‍රෝන තරු සතුව කෙටි, නිත්‍ය භ්‍රමණ කාලච්ඡෙද ඇත. ඒ හේතුකොට ගෙන මේවා මිලි තත්පර ගණනක සිට තත්පර ගණන් දක්වා පරාසයක ස්පන්දන අතර ඉතා නිරවද්‍ය පරතරයක් ඇතිව ජනිත කරයි. ස්පන්දන තරු අතිශය අධි ශක්ති කොස්මික් කිරණ ප්‍රභව සඳහා උදාහරණ විමට ඉඩ ඇති වස්තු වේ. (ත්වරණයේ කේන්ද්‍රාපසාරී යාන්ත්‍රණය ද බලන්න.)

නිරුක්තිය

ඉංග්‍රීසි, පල්සාරය (pulsar) යන වදන ස්පන්දන රේඩියෝ ප්‍රභව යන අරුත් ඇති (pulsating radio source - පල්සේටිං රේඩියෝ සෝස්) යන්නේන් බිහිවී ඇතැයි සැලකෙයි.

ආශ්‍රිත ලිපි

මූලාශ්‍ර

  1. "NASA's NICER Delivers Best-ever Pulsar Measurements, 1st Surface Map". 11 December 2019.
  2. Nora Roberts; D. R. Lorimer; M. Kramer (2005). Handbook of Pulsar Astronomy (illustrated, herdruk ed.). Cambridge University Press. p. 249. ISBN 9780521828239. Extract of page 249 සංරක්ෂණය කළ පිටපත 2022-11-16 at the Wayback Machine
  3. "Definition of PULSAR". www.merriam-webster.com. 31 May 2023.

වැඩිදුර අධ්‍යයනය සඳහා

  • Lorimer, Duncan R.; Kramer, Michael (2004). Handbook of Pulsar Astronomy. Cambridge University Press. ISBN 978-0-521-82823-9.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ස්පන්දන තරු පිළිබඳ තොරතුරු, ස්පන්දන තරු යනු කුමක්ද? ස්පන්දන තරු යනු කුමක් දර්ශනය කරන්නේ?