රුධිර පරීක්‍ෂණ

රුධිර පරික්ෂාවක් (ඉංග්‍රීසි:  Blood test) යනු, සාමාන්‍යයෙන්, කටුවක්, හෝ ඇඟිලිවිදිනයක් භාවිතයෙන්, අතෙහි ශිරාවකින් නිශ්කර්ශය කර ගන්නා රුධිර සාම්පලයක් පරික්ෂණාගාර විශ්ලේෂණයට ලක් කිරීමයි.

රුධිඅර පරික්‍ෂාවන් භාවිතා කරනුයේ, රෝග, ඛනිජ අන්තර්ගතය, ඖෂධ සඵලත්වය, සහ ඉන්ද්‍රියයන්හි ක්‍රියාකාරිත්වය වැනි කායික-විද්‍යාමය සහ ජෛවරසායනික තත්ත්වයන්, සමාපනය කිරීමටය. රුධිර පරික්‍ෂාව යන වදන භාවිත වුවද, බොහෝ චර්යානුගත පරික්‍ෂාවන්, ( රක්තවේදය සඳහා වුවන් හැර) සිදුකරනුයේ, රුධිර සෛල වෙනුවට, ප්ලාස්මා හෝ රුධිර ද්‍රවය කෙරෙහිය.‍

  • මෙහිදි පරික්ෂන නලයට රුධිරය දැමිමට ප්‍රතම රුධිර ප්‍රතිකැටිකාරකයකින් සුලු ප්‍රමානයක් දැමිය යුතුය.නැතහොත් රුධිරය කැටි වේ.
  • රුධිර ප්‍රතිකැටිකාරක ලෙස හෙපැරින්, EDTA( K3-EDTA, K2-EDTA)

නිශ්කර්ශනය

ඉදිකටුවක් මගින් ශිරාවක් සිදුරුකොට විශ්ලේෂණය කිරීම සදහා රුධිරය ලබාගැනීම, ‍රුධිර සෛල සහ රුධිර ප්ලාස්මය ලබාගත හැකි සාපේක්ෂව එතරම් වේදනාකාරී නොවන ක්‍රමයකි. සිරුර පුරාම ඔක්සිජන් සහ පෝෂණ ද්‍රව්‍ය පරිවහණය කිරීමේ මාධ්‍යයක් ලෙස හා බහිස්ස්‍රාවීය ද්‍රව්‍ය අදාල අවයව වෙත පරිවහණය කිරීමේ මාධ්‍යක් ලෙස රුධිරය ක්‍රියාකරයි. රුධිරයෙහි සංයුතිය විවිධ රෝගි තත්ත්වයන් අනුව වෙනස් වේ. එම නිසා විවිධ රෝග අවස්ථාවන්හි දී රුධිරය පරීක්ෂාවට ගැනේ.

රුධිර පරීක්ෂණ වර්ග

ජෛව රසායනික විශ්ලේෂණය

ප්‍රධාන වශයෙන් මනිනු ලබන රසායන ද්‍රව්‍ය වනුයේ සෝඩියම් , පොටෑසියම් , ක්ලෝරයිඩ්, බයිකාබනේට් , යූරියා , නයිට්‍රජන් . මැග්නීසියම් , ක්‍රියටිනීන් හා ග්ලූකෝස් ය. ඇතැම් අවස්ථාවලදී කැල්සියම් ද අන්තර්ගත වේ.

ඇතැම් රුධිර පරීක්ෂණ උදා - රුධිර ග්‍ලූකෝස් , කොලෙස්ටරෝල් හෝ ලිංගාශ්‍රිත රෝග පිළිබද පරීක්ෂා කිරීම සදහා පරීක්ෂණයට පෙර පැය අටේ සිට දොළහ අතර කාලයක් නිරාහාරව සිටිය යුතුය.

‍බොහෝමයක් රුධිර පරීක්ෂණ සදහා රුධිරය ලබාගනුයේ රෝගියාගේ ශිරාවෙනි. නමුත් ඇතැම් විශේෂ රුධිර පරීක්ෂණ උදා - ධමනිවල රුධිරයෙහි වායු සාන්ද්‍රණය මැනීම සදහා ධමනියකින් රුධිරය ලබාගත යුතුය. මෙහිදී ධමනිගත රුධිරයෙහි කාබන් ඩයොක්සයිඩ් සහ ඔක්සිජන් ප්‍රමාණ මගින් පෙනහලුවල ක්‍රියාකාරිත්වය පිළිබද අවබෝධයක් ලබාගත හැකිය. ඇතැම් අවස්ථාවලදී මෙකී පරීක්ෂණය මගින් රුධිරයෙහි pH අගය සහ බයිකාබනේට් මට්ටම පිළිබද අ‍ව‍බෝධයක් ලබාගත හැකිය.

ග්ලූකෝස් සීග්‍රම් පරීක්ෂණ‍යකදී (glucose tolerance test) වරින්වර රුධිරය ලබාගැනීම මගින් සිරුරෙන් ග්ලූකෝස් පරිභෝජනය කරන වේගය නිර්ණය කරගත හැකිය.

වසර 2008 දී විද්‍යාඥයින් විසින් ප්‍රකාශයට පත්කළ ආකාරය අනුව ඛේට පරීක්ෂාවක් මගින් ද රුධිර පරීක්ෂාවක් වෙනුවට අදාල කර්තව්‍ය සිදු කරගත හැකිය. මෙමගින් ඒ සදහා වැයවන වියදම අඩුවන අතර ඉදිකටු භාවිතා කිරීමේදී ඇතිවන අපහසුතාව ද මග හැරේ.

සාමාන්‍ය පරාස

  • සෝඩියම් (Na)136 – 145 mmol /L
  • පොටෑසියම් (K)3.5 – 4.5 mmol /L
  • යූරියා 2.5 – 6.4 mmol /L (රුධිර යූරියා නයිට්‍රජන්)
  • යූරියා 7 – 18 mg/dL
  • ක්‍රියටිනීන් (පිරිමි)62 – 115 mol /L
  • ක්‍රියටිනීන් (ගැහැණු)53 – 97 mol /L
  • ක්‍රියටිනීන් (පිරිමි)0.7 – 1.3 mg/dL
  • ක්‍රියටිනීන් (ගැහැණු)0.6 – 1.1 mg/dL
  • ග්ලූකෝස් (නිරාහාර)3.9 – 5.8 mmol /L
  • ග්ලූකෝස් (නිරාහාර)70 – 105 mg/dL


අණුක දත්ත

ප්‍රෝටීන

  • ප්‍රෝටීන විද්‍යුතාගමනය. (පොදුවේ භාවිතා කරන පරීක්ෂණයකි. නියත පරීක්ෂණයක් නොවේ)
  • Western bolt (පොදුවේ භාවිතා කරන පරීක්ෂණයකි. නියත පරීක්ෂණයක් නොවේ)
  • අක්මාවේ ක්‍රියාකාරීත්වය සොයා බැලීම සිදු කරන පරීක්ෂණ (Liver function tests)

වෙනත්

  • පොලි‍මරේස් දාම ප්‍රතික්‍රියා (DNA) . නූතනයේදී DNA පරීක්ෂණ ඉතා කුඩා රුධිර ප්‍රමාණයකින් වුවද සිදු කළ හැකිවේ. එය අධිකරණ වෛද්‍ය විද්‍යාව තුළ බහුලව භාවිතා කෙරුන ද රෝග නිර්ණය කිරීම සදහා පොදුවේ යොදා ගනී.
  • Northern bolt (RNA)
  • ලිංගාශ්‍රිත රෝග

සෛලීය නිර්ණය කිරීම්

  • රුධිර සෛල පරීක්ෂාව (full blood count)
  • MCV හෝ Hematocrit
  • රක්තානුවල අවසාදනය වීමේ සීඝ්‍රතාව.

(Erythrocyte Sedimentation rate – ESR)

  • රුධිර ගැලපීම්. රුධිර පාරවිලයනයක් සදහා හෝ අවයව බද්ධ කිරීමක් සදහා රුධිර වර්ගය නිර්ණය කිරීමට.
  • රුධිරය වර්ධක මාධ්‍යයක වගා කිරීම. ආසාදනයක් ඇතැයි සැක ඇති වූ අවස්ථාවලදී බහුලව සිදු කෙරේ. ධනාත්මක ප්‍රතිඵල ‍ලබා දෙන සහ ප්‍රතිජීවක ඖෂධවල සංවේදී රටාවන් අනුව ප්‍රතිකාර ක්‍රම පිළිබදව නිර්ණයකට ඒම සදහා උපකාරී වේ.

මූලාශ්‍ර

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, රුධිර පරීක්‍ෂණ පිළිබඳ තොරතුරු, රුධිර පරීක්‍ෂණ යනු කුමක්ද? රුධිර පරීක්‍ෂණ යනු කුමක් දර්ශනය කරන්නේ?