ශල්‍යවේදය

ශල්‍යවේදය හෙවත් ශල්‍ය වෛද්‍ය විද්‍යාව යනු රෝගී වු හෝ අණතුරැ මගින් තුවාල වූ රෝගීන් සදහා ප්‍රතිකාර කිරීම හෝ පරීක්ෂණ කිරීම සදහා සැත්කම් මාර්ගයෙන් හෝ නොයෙකුත් උපකරණ භාවිතා කිරීම මගින් රෝගීන් ගේ ශරීර ක්‍රියාකාරිත්වය හෝ පෙනුම යථාතත්ත්වයට ගැනීම සදහා සිදුකරන වෛද්‍ය විද්‍යාවේ එක් විශේෂිත වූ අංගයකි. ශල්‍ය යන වචනයෙන් පිලිබිඹු වන්නේ ශල්‍ය වෛද්‍ය විද්‍යාවට අයත් යන්නයි. උදා - ශල්‍ය උපකරණ, ශල්‍ය හෙද නිළධාරී, සැත්කම් කිරීම මිනිසුන් හෝ සතුන්ට පවා සිදු කෙරේ. ශල්‍ය කර්මයක් විනාඩි කිහිපයක සිට පැය ගණනක් දක්වා වුවද සිදු කළ හැකිය. නමුත් යම්කිසි රෝගයකට ප්‍රතිකාරකයක් ලෙස කාලයක් මුලුල්ලේ සිදුකරන ප්‍රතිකාර ක්‍රමයක් ලෙස සැත්කම් සිදු කරනු නොලබේ. ශල්ය යන වචනය සැත්කමක් සිදුකරන ස්ථානය යන්න අර්ථ දැක්වීම සදහා යොදාගැනේ.

ශල්‍යකර්‍ම වර්ග

ශල්‍යකර්මයක් නොයෙක් ආකාර වලට වර්ගීකරණය කල හැකි වේ. ඇතැම් ශල්‍ය කර්ම රෝගියාගේ ජීවිතය බේරාගැනීම සදහා සිදුකල යුතුවේ. නමුත් තෝරා බේරාගෙන සිදු කරන ශල්‍ය කර්ම මගින් මරණාසන්න රෝගියෙකුගේ ජීවිතය බේරාගැනීමක් සිදු නොකරනු ලබන අතර එමගින් රෝගියාට යම් යම් යහපතක් කිරීම අපෙක්ෂාව වේ. හදිසි ශෛල්‍ය කර්මයන් යනු රෝගියෙකුගේ ජීවිතයක් යම් අවයවයක් හෝ ඇස්පෙනීම වැනි අංගයන් බේරාගැනීම සදහා ඉක්මනින් යුහුසුළුව සිදු කරනු ලබන ශල්‍ය කර්මයන්ය. ගවේශණාත්මක ශල්‍ය කර්මයක් යනු රෝගී තත්ත්වය පිළිබදව ‍ෙසාදිසියක් කිරීමට හෝ නිෂ්චයක් ලබාදීම සදහා සිදුකරනු ලබන ශල්‍ය කර්මයක්ය. චිකිස්සක ශල්‍ය කර්මයක් යනු අදාල රෝග මූලය සදහා ප්‍රතිකාර කිරීමට සිදුකරනු ලබන ශල්‍යකර්මයකි. ඇතැම්විට ගවේශණාත්මක ශල්‍ය කර්මයක් ලෙසට ආරම්භක වන සැත්කමක් චිකිත්සක ශල්‍ය කර්මයක් ලෙසට අවසන් විය හැකිය. සිරැරේ ඇතැම් කොටස් කපා ඉවත් කරනු ලබන උදා- ඇගිලි, අත් හා පාද ශල්‍ය කර්මද සිදුකෙරේ. මෑත කාලීනව ඇති වූ සැත්කම් ක්‍රමයක් වන සිරැරෙන් අනතුරැ මගින් කැපි ඉවත් වූ කොටස් නැවත බද්ධ කොට යථාතත්ත්වයට පත්කරන ශල්‍ය කර්මද සිදුකෙරේ. තුවාලය වුනු, හානියට පත්වුණු සහ විකෘත්ත වී ගිය දේහ කොටස් යථා තත්ත්වයට පත් කරමින් පුනරැප්ථාපනයට පත්කරන ලද ශල්‍ය කර්මද ඇත. මෙම ශල්‍ය කර්මයන් ප්ලාස්ටික් ‍ශල්‍යකර්‍ම ලෙසද හැදින්වේ. ඇට කටු, කාටිලේෂ්, මාංශපේශි, වේද සහ සම ආදී අනතුරැවලින් තුවාල වූ දේහ කොටස් සදහාද උපතින්ම ඇති වන යම්යම් විකෘත්තිතා මග හරවා ගැනීමටද මේ සැත්කම් යොදා ගැනේ. යම් අයෙකුගේ බාහිර පෙනුම වර්ධනය කරන රෑ වඩවන ශල්‍ය කර්මද ඇත. බද්ධ කිරීමේ ශල්‍ය කර්ම මගින් වෙනත් පුද්ගලයෙකුගේ හෝ ඇතැම්විට සත්වයෙකුගේ සිරැරැ කොටස් තවත් සත්වයෙකුට බද්ධ කිරීමක් සිදුවේ. මෙලෙස බද්ධ කිරීම සදහා නිරෝගී පුද්ගලයෙකුගෙන් හෝ සතකුගේ අවයවයක් ලබාගැනීමද ‍ශල්‍ය කර්මයකි.

ඉහත සදහන් කල ක්‍රමවලට වඩා අවම ලෙසට කැපීම සිදුකරමින් සිදුකරන ශල්‍යකර්ම ද ඇත. මෙහිදි එන්ඩොස්කෝප් නැමති කැමරාවක් සහිත බටයක් කුඩා කැපුමක් ආධාරයෙන් හෝ සිරැරේ ස්වාභාවිකවම පවතින විවරයක් මගින් ඇතුළු කිරීමෙන් සැත්කමක් සිදු කෙරේ. පටක කොටස් කැපීමට පිහි කතුරැ වැනි උපකරණ භාවිතා කිරීම වෙනුවට ලේසර් කිරණ භාවිතා කරන ලේසර් ශල්ය කර්මද නුතන විද්‍යාව අනුව වර්ධනය වී ඇත. අන්වීක්ෂයක් ආධාරයෙන් කුඩා පටක කොටස් වල සිදු කරනු ලබන සැත්කම් අන්වීක්ෂීය සැත්කම්ය. අධික ස්ථුලතාවයට ප්‍රතිකාර ක්‍රමයක් ලෙසට ආමාශය හා බඩවැල් අතර සිදුකරනු ලබන බයිපාස් සැත්කම්ද බිහිවී ඇත. ප්රජනනය ක්‍රියාවලින්වලකා ගැනීම සදහා සිදුකරනු ලබන ව්‍යන්දී කරණ සැත්කම් ද ඇත.

අමතර අවධානයට

  • Anesthesia
  • ASA physical status classification system
  • Biomaterial
  • Cardiac surgery
  • Current Procedural Terminology (CPT) – for outpatient surgical procedures medical coding
  • Surgical drain
  • Endoscopy – technique or procedure used in medicine to examine the interior of a hollow organ or cavity of the body
  • Fluorescence image-guided surgery
  • Hypnosurgery
  • Healthcare Cost and Utilization Project (HCUP) – a family of health care databases etc. from the US
  • ICD-10 Procedure Coding System (International Classification of Diseases, 10th edition, Procedural Coding System; inpatient surgical procedures medical coding)
  • Jet ventilation
  • List of surgical procedures
  • Minimally invasive procedure
  • Operative report
  • Perioperative mortality
  • Physician Assistant
  • Remote surgery
  • Robot-assisted surgery
  • Surgeon's assistant
  • Surgical Outcomes Analysis and Research
  • Surgical sieve
  • Trauma surgery
  • Reconstructive surgery
  • Rheumasurgery
  • WHO Surgical Safety Checklist
  • Women in medicine

ශල්‍යවේදය හා සබැඳි ක්ෂෙත්‍ර ලැයිස්තුව

  • Bariatric surgery
  • Cardiac surgery
  • Cardiothoracic surgery
  • Colorectal surgery
  • Endocrine surgery
  • Ophthalmology
  • General surgery
  • Neurosurgery
  • Oral and maxillofacial surgery
  • Orthopedic surgery
  • Hand surgery
  • Otolaryngology
  • Pediatric surgery
  • Plastic surgery
  • Reproductive surgery
  • Surgical oncology
  • Transplant surgery
  • Trauma surgery
  • Urology
    • Andrology
  • Vascular surgery


විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශල්‍යවේදය පිළිබඳ තොරතුරු, ශල්‍යවේදය යනු කුමක්ද? ශල්‍යවේදය යනු කුමක් දර්ශනය කරන්නේ?