දෙපහර එන්ජින්

දෙපහර අන්තර් දහන එන්ජිම (ඉංග්‍රීසි:  two-stroke engine, two-stroke cycle engine), සුලභව දක්නට ලැබෙන සිව්පහර එන්ජිමෙන් වෙනස් වන්නේ, මෙහි, චූෂණය (intake), සම්පීඩනය (compression), දහනය (combustion) සහ පිටාරය (exhaust) යන ක්‍රියාවලීන් හතර පිස්ටන පහර දෙකක් තුලදී සම්පූර්ණ කිරීමයි. සිව්පහර එන්ජිමක මේ සඳහා පිස්ටන පහර හතරක් අවශ්‍ය වේ. දෙපහර එන්ජිමක සිදුවන්නේ, සම්පීඩන පහරේ ආරම්භයේදී සහ දහන පහර අවසානයේදී චූෂණය සහ පිටාරය යන ක්‍රියාවලීන් සිදුකිරීමයි. මේ නිසා සිව්පහර එන්ජිමේ මෙන් ක්‍රෑන්කයේ (crank) සෑම චක්‍රයකදීම තවත් අමතර චක්‍රයක් ඇති නොවී ඒ වෙනුවට බල පහරක් (power stroke) ඇතිවේ. මේ නිසා දෙපහර එන්ජිම මගින් වැඩි බලයක් (high specific power) සපයන අතර එය තැන තැන ගෙනයාහැකි දම්වැල් කියත වැනි උපකරණ සඳහා මෙන්ම දුම්රිය එන්ජිම වැනි මහා පරිමාණ කාර්මික යෙදවුම් සඳහාද යෝග්‍ය වේ.

ඉතිහාසය

වර්ෂ 1880 දී පමණ ඩුගල්ඩ් ක්ලාක් (Dugald Clerk) විසින් නිර්මාණය කරන ලද විශේෂ දහන සිලින්ඩරයක් සහිත එන්ජිම, දෙපහර එන්ජිමෙහි සොයා ගැනීමට මුල් වූ බව කිව හැකියි.

අමතර අවධානයට

මූලාශ්‍ර

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, දෙපහර එන්ජින් පිළිබඳ තොරතුරු, දෙපහර එන්ජින් යනු කුමක්ද? දෙපහර එන්ජින් යනු කුමක් දර්ශනය කරන්නේ?