වෛරස

වෛරස
Rotavirus
වෛරස වර්ගීකරණය
Group: I–VII
කාණ්ඩ

I: dsDNA viruses
II: ssDNA viruses
III: dsRNA viruses
IV: (+)ssRNA viruses
V: (−)ssRNA viruses
VI: ssRNA-RT viruses
VII: dsDNA-RT viruses

වෛරසයක් යනු (ලතින් භාෂාවෙන් විෂ හෝ ධුලක යන තේරුම ඇත) අන්වීක්ෂීය රෝග කාරක ද්‍රව්‍යයක් වන අතර එය දාරක සෛලයකින් පිටත ප්‍රජනනය හා වර්ධනයට අපොහොසත් වේ. වෛරස අංශුවක් හෝ Virion කොටසක ආරක්ෂිත ප්‍රෝටීන සිවියක් වු කැප්සිඩය තුළ පිහිටි ඩී.එන්.ඒ. හෝ ආර්.එන්.ඒ. ප්‍රවේනි ද්‍රව්‍ය ඇත. මෙම කැප්සිඩයේ හැඩය සරල හෙලිප්සීය සහ විසංතිතල හැඩවල සිට වඩාත් සංකීර්ණ ව්‍යුහයක් ඇති දිගු වලිගයක් සහ ආවරණ කවරයක් සහිත විය හැකිය. මෙම වෛරස වලට සතුන්, ශාක, බැක්ටීරියාවන් ආසාදනය කළ හැකිය.

ජීව විද්‍යාඥයින්ට අනුව වෛරසයක් යනු ජීවි විශේෂයක් ද නැද්ද යන්න තවමත් මතභේදාත්මකය. ඇතමුන් මෙය අජීවි ද්‍රව්‍යයක් ලෙස සලකනුයේ ජීවි යයි විග්‍රහ කිරීමට අවශ්‍ය අංගයන් සම්පූර්ණ නොකරන බැවිනි. උදාහරණයක් ලෙස අනෙකුත් බොහෝ ජීවි විශේෂයන් මෙන් වෛරස සඳහා සෛල නොමැත. කෙසේ වුවත් වෛරස වලට ජාන පිහිටා ඇති අතර ඒවා ස්වාභාවික වරණය මගින් පරිණාමය වෙමින් පවතී. ඇතමුන් විග්‍රහ කරන අන්දමට වෛරස ජීවී බවේ එළිපත්තේ ඇති විශේෂයක් වේ. බොහෝ අවස්ථාවෙහි සිරුරේ ප්‍රතිශක්තිකරණය මගින් වෛරස සම්පුර්ණයෙන්ම විනාශ කරනු ලබයි. ප්‍රතිජීවක ඖෂධ වෛරස සඳහා ප්‍රයෝජනවත් නොවේ. නමුත් ඇතැම් අවස්ථා වලදී ජීවිතයට අවධානමක් එල්ල කරන ආසාදන වලට ප්‍රතිකාර ක්‍රමයක් ලෙස ප්‍රති වෛරස ඖෂධ භාවිතා වේ. ජීවිත කාලය මුළුල්ලේම ප්‍රතිශක්තියක් ලබාදෙන එන්නත් මගින් එම අදාල වෛරස ආසාදනය ඇතිවීම වැළැක්විය හැකිය.

සම්භවය

නුතන වෛරසවල සම්භවය මුළුමනින්ම පැහැදිලි නැත. මෙයට හේතුව වන්නේ ඒවායෙහි සම්භවය විග්‍රහ කෙරෙන තනි යාන්ත්‍රණයක් නොමැති වීම විය හැකිය. ඒවා හොදින් පොසිලකරණය නොවන නිසා අණුක තාක්ෂණය භාවිතාකර ගනිමින් ඒවා හටගත් ආකාරය පිළිබදව සංකල්පයක් ඇති කර ගැනීමට උපකාරී වේ. ක්ෂුද්‍ර පොසිල හදුනා ගැනීම සහ අණුක ජෛව තාක්ෂණය පිළිබදව ඇති සමීක්ෂණ මගින් පොසිල පිළිබදව සාක්ෂි ආකියන් හෝ ප්‍රොටෙරෝසොයික් යන යුගවලට විහිදී යන්නක් බවට තවමත් සාක්ෂි නැත. මේ සදහා ප්‍රධාන කල්පිතයන් දෙකක් මේ වන විට පවතී.

ඉතාකුඩා ප්‍රමාණයක ජීනෝමයක් සහිත කුඩා වෛරසවල ජීනෝමය හටගෙන ඇත්තේ ජීවි සෛලවලින් බවට විශ්වාසයක් ඇත. ඒවායෙහි ජානමය ද්‍රව්‍ය හටගෙන ඇත්තේ හුවමාරු කරගත හැකි ජානමය ද්‍රව්‍යයන්වන ප්ලාස්මිඩ හෝ ට්‍රාන්ස්පෝසෝන වලිනි. ඒවා ජීනෝමය වෙතට ඇතුළුවීම පිටවීම හෝ එය තුළ ගමන්කිරීමක් සිදුවිය හැකිය. අළුතෙන් නව වෛරස ප්‍රභේදයන් ඇති වෙමින් පවතින නිසා වෛරස සදහා බොහෝ අවස්ථාවන් වලදී මුතුන් මිත්තන් ඇත.

විශාල ජීලෝමයක් සහිත පොක්ස් වෛරසය වැනි වෛරස මුලදී කුඩා සෛලවලට පසුකාලීනව විශාල ධාරක සෛලවල ද පරපෝෂීව ජීවත් වේ. කාලයක් මුළුල්ලේ මෙම ජාන සදහා ඒවායෙහි පරපෝෂී ජීවන රටාව අවශ්‍ය නොවන අතර එය ප්‍රත්‍යාවර්ති පරිණාමය හෝ ආපස්සට සිදුවන පරිණාමයක් මගින් අනුකූලනය වේ. රිකට්සියා සහ ක්ලැමීඩියා යන බැක්ටිරීයාවන් ජීවි සෛල සදහා වෛරස මෙන් දාරක සෛල තුළ පමණක් ප්‍රජනනය විය හැකිය. මෙම බැක්ටීරියාවන්ගේ ධාරක සෛලවලින් පිටත ප්‍රජනනය වීමේ හැකියාව නොමැතිවීමේ පරපෝෂි ජීවන රටාව මගින් වෛරස ඇතිවීම පිළිබද නව සංකල්පයන් බිහිවී ඇත.

වෛරස ස්වයං විභේදනය විය හැකි පුරාතන ඩී.එන්.ඒ. වලින් සමන්විතවන අතර මේවන විට විග්‍රහකර ඇති අන්දමට ඒවා ජීවය සදහා මූලික වූවන් වේ. වෛරසවල ආකෘතියට වඩා සරළ ආකෘතියක් සහිත ද්‍රව්‍යයන් වනුයේ වයිරොයිඩ, සැටලයිට සහ ප්‍රියෝනයි.

වෛරසවල සොයාගැනීම්

Diagram of how a virus capsid can be constructed using multiple copies of just two protein molecules
Structure of tobacco mosaic virus: RNA coiled in a helix of repeating protein sub-units
Structure of icosahedral adenovirus. Electron micrograph with an illustration to show shape
Structure of chickenpox virus. They have a lipid envelope

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, වෛරස පිළිබඳ තොරතුරු, වෛරස යනු කුමක්ද? වෛරස යනු කුමක් දර්ශනය කරන්නේ?