අවිද්‍යාව (බුදු දහම)

මුල් පිටුව | අවිද්‍යාව (බුදු දහම)

අවිද්‍යාව (සංස්කෘත; පාලි: අවිජ්ජා) යන්නෙන් සාමාන්‍යයෙන් අදහස් වන්නේ "මුග්ධතාව" හෝ "මෝහය" යන්නයි. බුදු දහමෙහි අවිද්‍යා යනු චතුරාර්ය සත්‍යයන්හී නියම අදහස සහ ගම්‍යාර්ථය තේරුම් නොගැනීම හෝ සක්‍යයෙහි ස්වරූපය පිළිබඳ මූලික අනවබෝධය ලෙසින් මෙය අර්ථදැක්විය හැක.

අවිජ්ජා
පරිවර්තන
ඉංග්‍රීසිignorance,
delusion,
etc.
පාලිඅවිජ්ජා
සංස්කෘතඅවිද්‍යා
(Dev: अविद्या)
බුරුමအဝိဇ္ဇာ
(IPA: [əweɪʔzà])
චීන無明
(පින්යින්: [wú míng] Error: {{Lang}}: text has italic markup (help))
ජපන්無明
(mumyō)
කොරියානු(Hangeul) 무명
(Hanja) 無明

(ප්‍ර.රෝ.: mu myeong)
ටිබෙට්མ་རིག་པ
(Wylie: ma rig pa;
THL: ma rigpa
)
තායිอวิชชา
වියට්නාමvô minh
බුදු දහම ශබ්ද මාලාව

සමාන වචන:

සංස්කෘත අවිද්‍යා
පාලි අවිජ්ජා

අවිද්‍යා යනු මායාවයි - නොදැනීමයි. බුදු දහමේ ඉගැන්වීම් වල මෙය බොහෝ ලෙසින් සාකච්ඡාවට පාත්‍ර වී තිබේ.

සමාන අර්ථ • චීන Wúming • ජපන් Mumyõ • වියට්නාම් Vô minh • ටිබෙට් Ma.rig.pa

බුදු දහමෙහි සහ බෞද්ධ දර්ශනයෙහි අවිද්‍යාව ප්‍රධාන වශයෙන් සාකච්ඡා වන විෂයයකි. අවිද්‍යාව යනු සංසාරයෙහි දුක ඇති වීමට මූලික හේතුවයි.

1.අවිද්‍යාව ක්ලේශයන් තුනෙන් එකකි.
2.භවචක්‍රයෙහි පළමු ගරාදිය අවිද්‍යාවයි. (Spoke)
3.අවිද්‍යාව පටිච්ච සමුප්පාදයෙහි පළමු පුරුකයි.

ක්ලේශයන්ගෙන් එකක් ලෙස අවිද්‍යාව, තණ්හාව සහ ඇලිම (උපාදානය)අැති. භවචක්‍රයෙහි පළමු ගරාදිය ලෙස සියලුම දේ ඒ පසු පස ගමන් ගනී. පටිච්ච සමුප්පාදයෙහි පළමු පුරුක ලෙස සියලු පුරුක් නොහොත් අනිකුත් සියලු ක්‍රියා දාමයන් වලට හේතුව වන්නේ අවිද්‍යාවයි. අවිද්‍යාවෙහි ප්‍රතිවිරුද්ධ තත්වය ප්‍රඥාවයි. ප්‍රඥාව ලබා ගන්නේ දැනුවත්වීම, ඉවසීම ප්‍රගුණ කිරීම සහ ධ්‍යාන වැඩීමෙනි. මෙම අංශ තුන ථේරවාද සම්ප්‍රදායේ ආර්යාෂ්ඨාංගික මාර්ගයේද මහායානයේ පාරමිතා වලද අන්තර්ගත වී ඇත.

එක් පැතිකඩක සිට පැතිකඩ හයක් දක්වා. අවිද්‍යාව යනු දැනීම හීන වීමයි. එය චේතනා සමග සමිබන්ධෙෙවී. වේදනා කාණ්ඩ තුනක් හා බැඳී පවතින පාර්ශවයන් තුනක් ඊට ඇත්තේය. අවිද්‍යාව යනු චතුරාර්ය සත්‍යය නොදන්නා බව ෙහවත් මෝහයයි. සසර ගමනේ නවතින්නට ඉඩ නොදී (සංසාරය) දිගින් දිගට ඇලීම ද අවිද්‍යාවයි. ඉන්ද්‍රය දොරටු හය හෙවත් සලායතන හා බැ‍ෙදන අංශ හයක් අවිද්‍යාවේ ඇත.

ආශ්‍රිත ලිපි

  • අවිද්‍යාව (හින්දු)
  • විද්‍යාව (බෞද්ධ සංකල්පය)

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අවිද්‍යාව (බුදු දහම) පිළිබඳ තොරතුරු, අවිද්‍යාව (බුදු දහම) යනු කුමක්ද? අවිද්‍යාව (බුදු දහම) යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.