ඇමරිකානු ඉංග්‍රීසි

මුල් පිටුව | ඇමරිකානු ඉංග්‍රීසි

ඇමරිකානු ඉංග්‍රීසි යනු බොහෝවිට එක්සත් ජනපදයෙහි භාවිතා වන්නාවූ ඉංග්‍රීසි භාෂාවෙහි උපභාෂා කට්ටලයකි. දේශිය කථනය සඳහා ඉංග්‍රීසි භාවිතා කරන ලොව ජනයා අතුරින් තුනෙන්-දෙකක් වෙසෙන්නේ එක්සත් ජනපදයෙහිය.

මෙමලිපියෙහි IPA වාග්විෂයක සංකේත අඩංගුය. යෝග්‍ය අනුවාද පහසුකම් නොමැත්තේ නම්, ඔබ හට, යුනිකේත අක්ෂර වෙනුවට ප්‍රශ්නාර්ථ ලකුණු, කොටු, හෝ අනෙකුත් සංකේත දිස්විය හැකිය.

එක්සත් ජනපදයෙහි වඩාත් පොදු භාවිත භාෂාව ඉංග්‍රීසි වෙයි. එ.ජ. ෆෙඩරල් රජය සතුව නිල භාෂාවක් නොමැති වුවද, ෆෙඩරල් රජය විසින් භාවිතා කෙරෙන පොදු භාෂාව ඉංග්‍රීසි වන අතර එහි පුළුල් භාවිතය නිසාම එය එක්සත් ජනපදයෙහි තත්වාකාර භාෂාව ලෙසින් සැලකෙයි.

එක්සත් ජනපදයෙහි ඉංග්‍රීසි භාෂා භාවිතය බ්‍රිතාන්‍ය ජනපදීකරණයෙහි ප්‍රතිඵලයකි. ඉංග්‍රීසි-කථක පදිංචිකරුවන්ගේ පළමු රැල්ල උතුරු ඇමරිකාව වෙත පැමිණියේ 17වන සියවසෙහිදී වන අතර 18වන හා 19වන සියවස්හිදී තවද සංක්‍රමණ සිදු විය. එතැන් පටන්, බටහිර අප්‍රිකාවෙහි, දේශීය ඇමරිකානු ජනගහනයෙහි, අයර්ලන්ත, ස්පාඤ්ඤ, සහ සංක්‍රමණිකයන්ගේ භාෂාවන් වෙතින් ඇමරිකානු ඉංග්‍රීසි භාෂෘව ආභාෂය ලැබීය.

ශබ්ද විද්‍යාව

මෙයද බලන්න: උකුරු ඇමරිකානු ඉංග්‍රීසි ප්‍රාදේශීය ශබ්ද විද්‍යාව

එංගලන්තයේ කථා කරන ආකාරයට ඉංග්‍රීසි භාෂාව හා සමගින් සසඳන කල, උතුරු ඇමරිකානු ඉංග්‍රීසි භාෂාව වඩාත් සමජාතීය වෙයි.

සටහන්

  1. ක්‍රිස්ටල්, ඩේවිඩ් (1997). ඉංග්ලිෂ් ඈස් අ ග්ලෝබ්ල් ලැන්වේජ්. කේම්බ්‍රිජ්: කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය. ISBN 0-521-53032-6.
  2. ක්‍රැෆර්ඩ්, ජේම්ස්. "ලැන්වේජ් ලෙජිස්ලේෂන් ඉන් ද යූ.එස්.ඒ.". languagepolicy.net. 2008-06-24. සම්ප්‍රවේශනය 2011-10-03.
  3. "ස්ටේට්ස් විත් ඔෆීෂියල් ඉංග්ලිෂ් ලෝස්". us-english.org. සම්ප්‍රවේශනය 2011-10-03.
  4. උතුරු ඇමරිකානු ඉංග්‍රීසි (ට්‍රජිල්, පි. 2) යනු එක්සත් ජනපදයෙහි සහ කැනඩාවෙහි කථනය සඳහා භාවිතා වන ඉංග්‍රීසි භාෂා ප්‍රභේද සඳහා භාවිතා වන සමූහ පදයකි.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඇමරිකානු ඉංග්‍රීසි පිළිබඳ තොරතුරු, ඇමරිකානු ඉංග්‍රීසි යනු කුමක්ද? ඇමරිකානු ඉංග්‍රීසි යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.