කාර්කි අන්තර්කාලීන කැබිනට් මණ්ඩලය

මුල් පිටුව | කාර්කි අන්තර්කාලීන කැබිනට් මණ්ඩලය

ඉසෙඩ් පරම්පරාව විසින් නායකත්වය සැපයුණු බහුජන දූෂණ-විරුද්ධත්ව විරෝධතා විසින් අග්‍රාමාත්‍ය, කේ. පී. ෂර්මා ඔලීගේ රජය බලයෙන් පහකිරීමෙන් පසුව 2025 සැප්තැම්බර් 12 දිනදී නේපාලයෙහි අන්තර්කාලීන රජයක් පිහිටුවන ලදි. 2025 සැප්තැම්බර් 12 දිනදී දෙවන ෆෙඩරල් පාර්ලිමේන්තුව විසුරවාහැරීමත් හා සමගම, අන්තර්කාලීන අග්‍රාමාත්‍ය සුෂිලා කාර්කි විසින් පාලනය කෙරෙන නව කැබිනට් මණ්ඩලයක් පත් කෙරුණු අතර, මහා මැතිවරණයක් පවත්වා අනුප්‍රාප්තික රජයක් පත්කෙරෙන තුරු, එය බලයෙහි පවතිනු ඇත.

සුෂිලා කාර්කි අන්තර්කාලීන කැබිනට් මණ්ඩලය

නේපාලයෙහි අන්තර්කාලීන අමාත්‍ය කවුන්සිලය
ජනතාව සහ සංවිධාන
පිහිටවූ දිනය12 සැප්තැම්බර් 2025
පුද්ගලයින් සහ සංවිධාන
රාජ්‍ය නායකරාම් චන්ද්‍ර පූඩෙල්,
ජනාධිපතිවරයා
රජයේ ප්‍රධානියාසුෂිලා කාර්කි,
අග්‍රාමාත්‍යවරයා
රජයේ ප්‍රධානියාගේ ඉතිහාසයනේපාලයෙහි අග්‍රවිනිශ්චයකාරවරයා (2016–2017)
නේපාල ශ්‍රේෂ්ඨාධිකරණයෙහි විනිශ්චයකාරවරයා (2009–2016)
අමාත්‍යවරු සංඛ්‍යාව8 (අග්‍රාමාත්‍යවරයා ඇතුළුව)
සාමාජීකයාගේ පක්ෂයස්වාධීන
ව්‍යවස්ථාදායකයෙහි තත්ත්වයවිසුරුවාහරන ලදි
ඉතිහාසය
මැතිවරණ(යන්)-
අපගාමී මැතිවරණයමාර්තු 2026
පූර්වප්‍රාප්තිකයාසතරවන ඔලි කැබිනට් මණ්ඩලය

පසුබිම

ප්‍රධාන ලිපිය: 2025 නේපාල ඉසෙඩ් පරම්පරාවෙහි විරෝධතා

2025 වසර ලඟාවෙත්ම නේපාලයෙහි ඇතිවූ දේශපාලන බිඳවැටීම සබැඳුනේ අග්‍රාමාත්‍ය කේ. පී. ෂර්මා ඔලී යටතෙහි වූ නායකත්වය හා දූෂණය පිළිබඳව මහා පරිමාණයෙහි කලකිරීම විය. මෙය අත්‍යන්තයෙහි මස්තකප්‍රාප්ත වූයේ, බොහෝසෙයින් යෞවන පරම්පරාවන් විසින් සමාජ මාධ්‍ය ස්ථිතියන් ඔස්සේ දියත් කෙරුණු දූෂණ විරෝධි විරෝධතා මාලාවක් වූ 2025 නේපාල ඉසෙඩ් පරම්පරාවෙහි විරෝධතා වෙතිනි. මෙම විරෝධතාවන්ගේ අභිප්‍රාය වූයේ පැවති රජයෙහි ඉල්ලා අස්වීම සහ නිදහස් හා සාධාරණ මැතිවරණයක් අභිප්‍රේක්ෂණය කරන අන්තර්වාර නායකත්වයක් පත්කිරීම විය.

පීඩනය උත්සන්න වෙත්ම, 2025 සැප්තැම්බර් 12 දිනදී නේපාලයෙහි දෙවන ෆෙඩරල් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලදි. එයට ප්‍රතිචාර වශයෙන්, ජනාධිපති රාම් චන්ද්‍ර පූඩෙල් විසින්, නේපාලයෙහි අග්‍රවිනිශ්චයකාර සහ රජයෙහි ප්‍රධානියා යන තනතුරු දෙකම හෙබවූ පළමුවන කාන්තාව වූ සුෂිලා කාර්කිගේ නායකත්වයෙන් අන්තර්කාලීන රජයක් පත් කරන ලදි. මෙම භාරකාර රජයට පැවරුනේ රට ස්ථායිකරණය සහ මහා මැතිවරණයකට සූදානම් කිරීම, විරෝධතාවන්හී මතු කෙරුණු මැසිවිලි සැලකිල්ලට ගනිමින් සුමට බල පැවරීමක් සිදුකිරීම විය.

ඡන්දය විමසීම

අන්තර්කාලීන අග්‍රාමාත්‍යවරයා ලෙසින් කාර්කි තෝරාගනු ලැබුවේ රජයෙහි බොහෝ පාර්ශ්වකරුවන් සහ ඉසෙඩ් පරම්පරාවෙහි නියෝජිතයන් අතර සාකච්ඡා පදනම් කරගෙනය. මෙම තීරණය ගනු ලැබුවේ විරෝධතාකරුවන් විසින් ඩිස්කෝර්ඩ් මත සිදු කෙරුනු මාර්ගගත ඡන්ද විමසීමක සහය සහිතවය.නේපාලයෙහි ශ්‍රේෂ්ඨාධිකරණයෙහි අග්‍රවිනිශ්චයකාරයා ලෙසින් සේවය කල පළමුවන කාන්තාවවූ කාර්කි, රටෙහි රජයෙහි ප්‍රධානියාවූ පළමුවන කාන්තාවද වූ අතර, ඇයගේ පත්වීම නේපාල යුද්ධ හමුදාව හා සමගින් තිබූ කථාබහේදී එකඟතාවයකට එළඹෙන ලදි.

අපේක්ෂකයාඡන්ද%
සුෂිලා කාර්කි3,83349.70
රාස්ත්‍ර බිමෝචන් තිමල්සේන 2,02226.22
සාගර් ධාකාල්1,09814.24
හර්කා සම්පාං4876.31
මහාබිර් පුං2733.54
Total7,713100.00
මූලාශ්‍ර: ක්ලික්මන්දු,ද ලොජිකල් ඉන්ඩියන්,ද ස්ටේට්ස්මන්,එස්සීඑම්පී.

වර්තමාන පිළිවෙල

ක්‍ර.අං. තනතුර අමාත්‍යවරයා පසුබිම නිලය භාරගැනීම නිලය හැරයෑම
අග්‍රාමාත්‍යවරයා
1 අන්තර්කාලීන අග්‍රාමාත්‍යවරයා
අනෙකුත් සියළු තනතුරු කිසිම අමාත්‍යවරයෙකුට අනුයුක්ත කොට නැත
සුෂිලා කාර්කි නේපාලයෙහි හිටපු අග්‍රවිනිශ්චයකාරයා 12 සැප්තැම්බර් 2025 තනතුරුධාරි
කැබිනට් අමාත්‍යවරු
2 මුදල් අමාත්‍යවරයා රාමේෂ්වොර් ඛානාල් හිටපු මුදල් ලේකම් 15 සැප්තැම්බර් 2025 තනතුරුධාරි
ෆෙඩරල් කටයුතු සහ සාමාන්‍ය පරිපාලන අමාත්‍යවරයා 22 සැප්තැම්බර් 2025
3 බල ශක්ති, ජල සැපයුම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා කුල් මාන් ගිසිං NEA හිටපු ප්‍රධානියා 15 සැප්තැම්බර් 2025 තනතුරුධාරි
භෞතික යටිතල ව්‍යුහ සහ ගමනාගමන අමාත්‍යවරයා
නාගරික සංවර්ධන අමාත්‍යවරයා
4 ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ඔම් ප්‍රකාශ් අර්යාල් ශ්‍රේෂ්ඨාධිකරණ අධිනීතිඥ 15 සැප්තැම්බර් 2025 තනතුරුධාරි
නීතිය, අධිකරණය සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා 22 සැප්තැම්බර් 2025
5 අනිල් කුමාර සිංහ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර 22 සැප්තැම්බර් 2025 තනතුරුධාරි
කර්මාන්ත, වාණිජ සහ සැපයුම් අමාත්‍යවරයා
ඉඩම් කළමනාකරණ, සමූපකාර සහ දිළිඳුකම තුරන්කිරීම අමාත්‍යවරයා
6 අධ්‍යාපන, විද්‍යාව සහ තාක්ෂණය අමාත්‍යවරයා මහබීර් පුන් ජාතික නව්‍යකරණ කේන්ද්‍රෙයහි ප්‍රාරම්භකයා 22 සැප්තැම්බර් 2025 තනතුරුධාරි
7 කෘෂිකර්ම සහ පශු සංවර්ධන අමාත්‍යවරයා මාදන් ප්‍රසාද් පරියාර් දේශගුණය හා කෘෂිකර්මය විශේෂඥයා, සමථ පදනමෙහි සභාපති 22 සැප්තැම්බර් 2025 තනතුරුධාරි
8 සන්නිවේදන සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යවරයා ජග්දීෂ් කාරල් මාධ්‍යෙව්දී සහ මාධ්‍ය - වෘත්තිකයා (ඉමේජ් මීඩියා සමූහය) 22 සැප්තැම්බර් 2025 තනතුරුධාරි

මෙයද බලන්න

  • නේපාලයෙහි අමාත්‍ය කවුන්සිලය
  • නේපාල රජය

සටහන්

  1. සමාජ මාධ්‍ය ස්ථිතීන් සහ ඔහුගේ පොඩ්කාස්ට් තුලදී ඔහුගේ තිරයෙහි නම වූ "රැන්ඩම් නේපෝලි" ලෙසින් ඡන්ද විමසීමෙහිදී හැඳින්විණි. ඔහු ප්‍රකාශ කලේ ඔහු කිසිකලෙකත් මෙම තනතුර බලාපොරොත්තු නොවූ බවයි.

ආශ්‍රිත

  1. බීච්, හන්නා; ෂර්මා, බද්‍රා (2025-09-12). "ෆෝමර් ජජ් සුෂිලා කාර්කි නේම්ඩ් නෙපෝල්ස් ලීඩර් ආෆ්ටර් ජෙන් ඉසෙඩ් ප්‍රොටෙස්ට්ස්" (en බසින්). ද නිව්යෝර්ක් ටයිම්ස්. https://www.nytimes.com/2025/09/12/world/asia/nepal-protests-leader-karki-gen-z.html. 
  2. ඩාකාල්, සන්ජය; ලුකිව්, ජරොස්ලාව් (2025-09-12). "නෙපෝල් ගෙට්ස් ෆර්ස්ට් ෆීමේල් පීඑම් ආෆ්ටර් ඩෙඩ්ලි අන්රෙස්ට්". බීබීසී (බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2025-09-13.
  3. "සුෂිලා කාර්කි: හවු ජෙන් ඉසෙඩ් ප්‍රොටෙස්ටර්ස් චෝස් නෙපෝල්ස් ෆර්ස්ට් වුමන් ප්‍රයිම් මිනිස්ටර් ඔන් ඩිස්කෝර්ඩ්". දි ඉන්ඩිපෙන්ඩන්ට්. 13 සැප්තැම්බර් 2025.
  4. "सामाजिक सञ्जालमा भोटिङ गरेर प्रधानमन्त्री छान्ने विश्वको पहिलो देश बन्यो नेपाल !" [නෙපෝල් හෑස් බිකම් ද ෆර්ස්ට් කන්ට්‍රි ඉන් ද වර්ල්ඩ් ටු ඉලෙක්ට් අ ප්‍රයිම් මිනිස්ටර් බයි වෝටිං ඔන් සෝෂල් මීඩියා!]. ක්ලික්මන්දු (නේපාල බසින්). 10 සැප්තැම්බර් 2025. සම්ප්‍රවේශය 13 September 2025.
  5. "සුෂිලා කාර්කි බිකම්ස් නෙපෝල්ස් ෆර්ස්ට් වුමන් පීඑම් ඈස් නේෂන් ක්‍රියේට්ස් හිස්ට්‍රි, ඉලෙක්ට්ස් ලීඩර් තෘෘ ඩිස්කෝර්ඩ්". ද ලොජිකල් ඉන්ඩියන්. 13 සැප්තැම්බර් 2025. සම්ප්‍රවේශය 13 සැප්තැම්බර් 2025.
  6. "නෙපෝල් ජෙන් ඉසෙඩ් ප්‍රොටෙස්ටර්ස් වෝන්ට් ෆෝමර් චීෆ් ජස්ටිස් සුෂිලා කාර්කි, 73, ඈස් ඉන්ටරිම් පීඑම්". හින්දුස්තාන් ටයිම්ස් (ඉංග්‍රීසි බසින්). 2025-09-10. සම්ප්‍රවේශය 2025-09-11.
  7. "නෙපෝල්ස් ජෙන් ඉසෙඩ් ප්‍රොටෙස්ටර්ස් බැක් එක්ස් -චීෆ් ජස්ටිස් කාර්කි ෆො ඉන්ටරිම් ලීඩර්ෂිප්". සවුත් චයිනා මෝර්නිං පෝස්ට් (ඉංග්‍රීසි බසින්). 2025-09-12. සම්ප්‍රවේශය 2025-09-12.
  8. @random.nepali; (10 සැප්තැම්බර් 2025). "Regardig news of me vying for interim head position! Not true!". සම්ප්‍රවේශය 13 සැප්තැම්බර් 2025 – via Instagram.
  9. ලුයිටල්, බිබූ (සැප්තැම්බර් 10, 2025). "ආෆ්ටර් ඔලීස් එක්සිට්, හූ විල් ලීඩ් නේපෝල්? ඉන්සයිඩ් ඩීටේල්ස් ඔෆ් ජෙන්ඉසෙඩ් මීටිං ඔන් ඉන්ටරිම් ගවර්න්මන්ට්". ද ස්ටේට්ස්මන්. https://www.thestatesman.com/world/after-olis-exit-who-will-lead-nepal-inside-details-of-genz-meeting-on-interim-government-1503484209.html. 
  10. බන්ඩාරි, බිබෙක් (සැප්තැම්බර් 12, 2025). "නේපෝල්ස් එක්ස් -චීෆ් ජස්ටිස් සුෂිලා කාර්කි චෝසන් ඈස් ඉන්ටරිම් ප්‍රයිම් මිනිස්ටර්". සවුත් චයිනා මෝර්නිං පෝස්ට්. https://www.scmp.com/week-asia/politics/article/3325265/nepals-gen-z-protesters-back-ex-chief-justice-sushila-karki-interim-leadership. 
  11. "කවුන්සිල් ඔෆ් මිනිස්ටර්ස්". අග්‍රාමාත්‍ය කාර්යාලය. 8 සැප්තැම්බර් 2025 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
  12. "කාර්කි ඉන්ඩක්ට්ස් ඛානාල්, ගිසිං ඇන්ඩ් අර්යාල් ඉන්ටු ඉන්ටරිම් කැබිනට්". kathmandupost.com (English බසින්). සම්ප්‍රවේශය 2025-09-15.{{cite web}}: CS1 maint: unrecognized language (link)
  13. "නිවුලි අපොයින්ටඩ් මිනිස්ටර්ස් ටු බී ස්වෝන් ඉන් ටුඩේ". GorakhaPatra. සම්ප්‍රවේශය 2025-09-15.
  14. "පීඑම් කාර්කි ඉන්ඩක්ට්ස් ෆෝ මෝර් මිනිස්ටර්ස්". ද කත්මන්ඩු පෝස්ට් (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2025-09-23.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කාර්කි අන්තර්කාලීන කැබිනට් මණ්ඩලය පිළිබඳ තොරතුරු, කාර්කි අන්තර්කාලීන කැබිනට් මණ්ඩලය යනු කුමක්ද? කාර්කි අන්තර්කාලීන කැබිනට් මණ්ඩලය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.